ලෙඩ ගොඩකට අහු වෙන්නේ නැතුව වාහනයක් ගන්නේ මෙහෙමයි

25 Aug, 2023   
ලෙඩ ගොඩකට අහු වෙන්නේ නැතුව වාහනයක් ගන්නේ මෙහෙමයි

අද කාලේ අපේ රටේ වාහන වල මිල ගණන් හිතා ගන්න බැරි තරම් වැඩි වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ වෙනකොට අලුතෙන් වාහන ගෙන්වන එක සීමා කරලා තියෙන එක. ඒ විතරක් නෙමෙයි ලංකාවේ ඇතුළේ තියෙන used vehicle වල මිල පවා මේ නිසා ඉහළ ගිහින් තියෙනවා. මේ දේවල් නිසා ලංකාවේ අපිට අලුත් වාහනයක් ගන්න එක හීනයක් වෙලා තියෙන්නේ.

ඒ නිසා ගොඩක් දෙනා used vehicle ගන්න පෙළඹිලා ඉන්නවා. Used vehicle වලට තියෙන ඉල්ලුම වැඩි වීමත් සමඟ විවිධ දෝෂ සහිත වාහන වැඩි මුදලට විකුණන්නත් ගොඩක් දෙනා උත්සහ කරනවා. ඒ නිසාම අද CarsGuide අපි ඔබට කියන්නේ ලෙඩ ගොඩකට අහු වෙන්නේ නැතුව වාහනයක් ගන්නේ කොහොමද කියලා.

මුදල සහ වාහන වර්ගය තීරණය කරන්න

අපිට වාහනයක් ගන්න නම් මුලින්ම මුදල් අවශ්‍ය වෙනවා. ඒ නිසා ඔබට වාහනය වෙනුවෙන් කොපමණ මුදලක් වැය කරන්න පුලුවන්ද කියලා මුලින්ම හිතන්න ඕනේ. ඊට පස්සේ ඔබට පුලුවන් ඔබේ මුදලට ගැළපෙන වාහනයක් හොයන්න. හැබැයි ඔබ කැමති වාහනය ගන්න මුදල් අඩුපාඩුවක් තියෙනවා නම් finance ආයතනයක් හරහා වාහනය ගැනීමේ හැකියාවත් තියෙනවා.

Engine අංකය සහ චැසි අංකය ගැන හිතන්න

වාහනයක් මිලදී ගැනීමේදී ඔබ මුලින්ම අවධානය යොමු කරන්න ඕනේ දෙයක් තමයි engine අංකය සහ චැසි අංකයට කියන්නේ. වාහනයක චැසි අංකයට අපිට ස්ථාන දෙකක දැකගන්න පුලුවන්. රෝද හතරේ වාහන වල driver side එකේ දොර ඇරියාම එහි රාමුව මත අපිට චැසි අංකය බලා ගන්න පුලුවන්. ඒ වගේම අපිට චැසි අංකය, චැසි එකේ කොටා ඇති ආකාරය බලා ගන්නත් පුලුවන්. ගොඩක් වෙලාවට engine එක අවට අපිට මේ අංකය දැකගන්න පුලුවන්.

හැබැයි engine අංකය නම් ටිකක් බලා ගන්න අමාරුයි. ඒ වුණාට used vehicle එකක් ගන්නවා නම් අනිවාර්යයෙන් engine අංකයත් අපි පරික්ෂා කරන්න ඕනේ. ඒ වගේම engine එක පසුව සවි කරලා තියෙනවා නම් එය නිවැරදිව ලියාපදිංචි කර ඇත්දැයි පරික්ෂා කරලා බලන්නත් අමතක කරන්න එපා. අපි ඉහත කිව්ව අංක වාහනයේ පොතේ අංකත් සමඟ 100%ක් ගැළපීම අත්‍යාවශ්‍ය වෙනවා.

සැබෑ අයිතිකරුවා ගැන දැනගන්න

ගොඩක් වෙලාවට අද කාලේ වාහනයක් විකිණීම සිද්ධ කරන්නේ එහි නියම අයිතිකරු නෙමෙයි. මේ නිසා ඔබ ගන්න හදන වාහනයේ අයිතිකරු කවුද, ඔහු ඉන්නේ කොහෙද කියලා හොඳින් දැනගෙන සිටීම අනිවාර්යයයි. ඒ විතරක් නෙමෙයි විකුණන කෙනාගේ සහ අයිතිකරුවාගේත් ජාතික හැඳුනුම්පතේ photocopy එකක් ලබාගන්න. විශේෂයෙන්ම වාහනයේ අයිතිකරු වාහනය විකුණන්න අවසර දී ඇතිබව ලිඛිතව තහවුරු කරගන්න. මොකද මේ කාලේ ලංකාව තුළ වාහන ජාවාරම් අධික වශයෙන් සිදු වෙනවා.

වාහනයේ පොත ගැන සැළකිලිමත් වෙන්න

සමහර අවස්ථා වලදී වාහනයේ පොත original නොවන අවස්ථා ඔබට හමු වෙන්න පුලුවන්. ඉතින් වාහනයක පොත duplicate වුණාම ඔබට වාහනය market price එකට වඩා තරමක් අඩු මුදලකට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි එහිදී ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ විශේෂ කරුණු කිහිපයක්ම තියෙනවා. Duplicate පොතක් තියෙනවා නම් වාහනයේ පැවරුම් කටයුතු තරමක් ප්‍රමාද වෙන්න පුලුවන්. ඒ වගේම ඔබ වාහනය ලීසිං කරලා ගන්න හිතාගෙන ඉන්නවා නම් ටිකක් කල්පනාකාරී වෙන්න ඕනේ. මොකද සමහර ලීසිං සමාගම් වලින් duplicate පොත් සඳහා ලීසිං ලබා දීම සිදු කරන්නේ නැහැ.

පෙර අයිතිකරුවන් ගැන සැළකිලිමත් වෙන්න

වාහනයක් ගන්න කළින් එහි පෙර අයිතිකරුවන් ගැන සැළකිලිමත් වෙන එකත් ගොඩක් වැදගත්. විශේෂයෙන්ම පෙර අයිතිකරුවන්ගේ නම් අතර insurance සමාගමක් තියෙනවා නම් ඒ වාහනය නොගෙන ඉන්න එක තමයි වඩාත්ම හොඳ. මොකද දැඩි අනතුරු වලට ලක්වෙලා ඉවත් කරන වාහන නිසියාකාරව අලුත්වැඩියා කරන්නේ නැතුව අඩු මුදලකට විකුණන අවස්ථා ඕනේ තරම් තියෙනවා. ඉතින් මේ විදිහට භාගෙට සිදු කරන අලුත්වැඩියා නිසා කෙටි කාලයක් ඇතුළත දෝෂ ඇති වෙන්න පුලුවන් වගේම විශාල අනතුරු පවා සිදු වෙන්න පුලුවන්.

ඉතින් මේ දේවල් තමයි වාහනයක් මිලදි ගැනීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු. ඒ වගේම ඔබ වාහනයක් මිලදී ගැනීමේදී එම වාහනයේ මිල වෙළඳපොළ මිලට වඩා අඩු නම් ඒ පිළිබඳ ප්‍රශ්න කරන්නත් අමතක කරන්න එපා. අද CarsGuide අපි කිව්ව විදිහට වාහනයක් පරික්ෂා කරලා බලන්න පුලුවන් නම් වංචාකාරයින්ට හසු වෙන්නේ නැතුව, මුදල් නාස්ති කරගන්නෙත් නැතුව ඔබේ සිහින වාහනය මිලදී ගන්න පුලුවන්.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Ford Raptor Ranger Diesel Bi-Turbo 2019 for Sale

Ford Raptor Ranger Diesel Bi-Turbo 2019

72,000 km, Colombo
MEMBER
Rs 24,900,000
1 month ago
Suzuki Maruti 800 2005 for Sale

Suzuki Maruti 800 2005

90,240 km, Colombo
MEMBER
Rs 1,740,000
1 minute ago
Toyota Corolla 110 1999 for Sale

Toyota Corolla 110 1999

168,000 km, Colombo
verified MEMBER
verified
Rs 3,690,000
2 minutes ago
Toyota Raize Z Hybrid 2025 for Sale

Toyota Raize Z Hybrid 2025

0 km, Colombo
MEMBER
Rs 15,500,000
1 week ago
Honda Vezel 2017 for Sale

Honda Vezel 2017

129,500 km, Kurunegala
MEMBER
Rs 13,150,000
1 month ago
Auto Parts for saleikman logo
GPS unit for Sale

GPS unit

verified MEMBER
verified
Rs 7,500
2 weeks ago
Bmw 520D Brake Pads for Sale

Bmw 520D Brake Pads

verified MEMBER
Rs 28,000
7 minutes ago
BMW X1 E84 2011 ECU FOR SALE for Sale

BMW X1 E84 2011 ECU FOR SALE

verified MEMBER
Rs 0
16 minutes ago
BMW X1 E84 2011 FENDER FOR SALE for Sale

BMW X1 E84 2011 FENDER FOR SALE

verified MEMBER
Rs 0
17 minutes ago
+ Post an ad on ikman