වැස්සේ වාහනේ drive කරනකොට සැලකිලිමත් විය යුතු කරුණු

05 Jul, 2023   
වැස්සේ වාහනේ drive කරනකොට සැලකිලිමත් විය යුතු කරුණු

හොඳටම අහස කලු කරලා තියෙන වෙලාවක වාහනේ drive කරන්න කළිං නම්, යන්න ඕනෙ ගමන පොඩ්ඩක් කල් දාන්න පුළුවන්. ඒත් හිතන්නකො, drive කරන වෙලාවට එක පාරටම මහා වැස්සක් කඩං වැටුණොත් කොහොමද? මොකද වැස්ස sure කරන්න බෑනෙ. හැබැයි අපි දැනගන්න ඕනෙ, කොච්චර හයියෙන් වැස්සත් හරිම පරිස්සමෙන් වාහනේ drive කරන්න. ඉතින්, මහා වැස්සෙත්, වැස්සෙන් පරිස්සම් වෙලා වාහනේ drive කරන්නෙ කොහොමද? ඒ ගැන තමයි අද CarsGuide තුළින් අපි ඔබට කියන්නෙ.

වැස්සෙ drive කරන්න කළිං මේ ගැන හිතන්න.

“හොඳටම වහිනවා, ඇත්තටම මේ ගමන මේ වෙලාවෙ යන්න ඕනෙද? වැස්ස ටිකක් පායනකං ගමන ටිකක් කල් දාන්න බැරිද?” මේ ගැන ඔබ ඔබෙන්ම විමසන්න. ඒත් යන්න අවශ්‍යම නම්, windshield සහ wiper පරීක්ෂා කරන්න. ඉදිරිපස සහ පසුපස wiper blades හොඳ තත්වයේ තියෙන්න ඕනෙ. එහෙම නැත්නම් ඒවා වෙනස් කරන්න. ඊට පස්සෙ ඔබට යන්න ඕනෙ මාර්ගය වහලද, අනතුරක්ද, ගංවතුරද කියලා හොයලා බලන්න.

මහා වැස්සක වාහනේ drive කරන හැටි.

 මාසෙකට පාරක් පිරිසිදු කරන්න.

මාසෙකට පාරක් windshield සහ shutters වල පිටත සහ ඇතුළත පිරිසිදු කරන්න. අනිත් එක තමයි, හැම දවසකම drive කරන්න කළිං headlight, taillight, turn signal සහ tyre treads පරීක්ෂා කරන්න. එතකොට යන අතර මගදි කොච්චර වැස්සත් ඔබට කලබල වෙන්න දෙයක් නෑ.

steering සැහැල්ලුද?

වාහනයේ steering එක හදිසියේම සැහැල්ලු බවක් දැනෙනවා නම් පාදය accelerator එකෙන් ඉවතට ගෙන නැවත control එකක් දැනෙන තුරු වේගය අඩු කිරීමට ඉඩ දෙන්න. ඔබ නැවත control කරන තුරු තිරිංග තද කරන්න එපා. එම අවස්ථාවේදී යම් ඝර්ෂණයක් සහ තාපයක් ඇති කිරීම සඳහා brake pedal එක මෘදු ලෙස මදින්න.

වේගය අඩු කරන්න.

කතාවකුත් තියෙන්නෙ, ඉක්මන් කොටයි කියලා. ඒ නිසා වැස්සෙ වාහනේ drive කරනකොට තියෙන හදිසියට ඉක්මනින් යන්නැතුව ඉවසීමෙන් යන්න. වාහනයේ වේගය නිරීක්ෂණය කරලා ඔබේ වාහනයයි ඉදිරියෙන් ඇති වාහනයයි අතර අවම වශයෙන් තත්පර පහක පරතරයක් තියන්න.

ඒ වගේම වේගයෙන් ගමන් කරන වාහන ගැනත් සැළකිලිමත් වෙන්න වග බලාගන්න ඕනෙ. පදිකයින් හෝ පාපැදිකරුවන් අසළ ඇති වලවල් හරහා වේගයෙන් යාමෙන් වළකින්න.

ඕනවට වඩා ගැඹුරට යන්න එපා.

මාර්ගයේ තිබෙන වලවල් වතුරෙන් වැසී ඇත්නම් ඒ තැන්වල වාහනයක් drive කරන්න බැරි තරම් ගැඹුරු වෙන්න පුළුවන්. මාර්ගයේ අඟල් තුනක් වගේ ගැඹුරකින් වාහනය ඔබට control නැති වෙනවා. ඔබට එය control කරගන්න පුළුවන් වුණත්, විශාල වාහනයකට ඒ වතුරෙන් කොටසක් ඔබේ වාහනයට යටින් තල්ලු කරන්න පුළුවන් අතර එමඟින් එන්ජිම ක්‍රියාවිරහිත වෙනවා.

වැස්සෙ වුණත් මේ වගේ පොඩි පොඩි දේවල් missed කිරීම තමයි මහා විශාල අනතුරු වලට හේතු වෙන්නෙ. ඒ නිසා වැස්සෙ drive කරන්න කලිනුත් වැස්සෙ drive කරනකොටත් අද කියපු දේවල් ගැන අනිවාර්යයෙන්ම සැළකිලිමත් වෙන්න අමතක කරන්න එපා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
BMW X5 Xdrive 40 E M-Sport 2016 for Sale

BMW X5 Xdrive 40 E M-Sport 2016

84,000 km, Colombo
MEMBER
Rs 27,500,000
6 days ago
Suzuki Alto 2015 for Sale

Suzuki Alto 2015

72,737 km, Colombo
verified MEMBER
Rs 5,695,000
3 seconds ago
Toyota Land Cruiser Prado 2009 for Sale

Toyota Land Cruiser Prado 2009

192,000 km, Colombo
MEMBER
Rs 24,500,000
6 days ago
Toyota Axio G Grade 2007 for Sale

Toyota Axio G Grade 2007

192,000 km, Gampaha
MEMBER
Rs 7,200,000
1 week ago
Suzuki Swift 2007 for Sale

Suzuki Swift 2007

81,009 km, Colombo
verified MEMBER
Rs 6,290,000
2 minutes ago
+ Post an ad on ikman