වාහනයට ගැලපෙන බැටරියක් තෝරා ගමු

20 May, 2024   
වාහනයට ගැලපෙන බැටරියක් තෝරා ගමු

Battery එක වාහනයට මොන තරම් වැදගත්ද කියලා තමයි අද CarsGuide තුළින් අපි ඔබට කියන්න හදන්නේ ඒවගෙම වාහනයට ගැලපෙන battery එකක් තෝරාගන්නේ කොහොමද කියලා.

Battery දෝෂ වල ලක්ෂණ

– පැහැදිලි යාන්ත්‍රික හේතුවක් නැතුව headlights dim වීම
– Engine එක වෙනදාට වඩා මන්දගාමී වීම
– වාහනය backfire වීම
– Ignition එකට යතුර දැම්මේදී “clicking” ශබ්දය ඇති වීම
– Gas leak වීම
– Car එකේ voltage issues ඇති වීම

Battery එකේ ප්‍රමාණය

මෝටර් රථයේ හිමිකරු තමන්ගේ මෝටර් රථයේ battery tray එකට ගැලපෙන නිවැරදි battery එකක් තෝරාගන්න ඕනේ. කෙසේ වෙතත්, මෝටර් රථයේ බැටරි ප්රමාණය එහි model එක මත පදනම්ව වෙනස් වෙනවා. ඔබේ මෝටර් රථයේ car manuals එකෙන් හරියටම ගැළපෙන battery size එක දැනගන්න පුළුවන්.

කෙසේ වෙතත්, නිෂ්පාදකයින් group sizes අනුව battery නිර්මාණය කරනවා. සමහර විට, ඔබේ car’s manual එකේ battery එකේ ප්‍රමාණයේ විස්තර අඩංගු නොවෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවක වාහනයට හරියටම match වෙන battery එකේ ප්‍රමාණය දැනගන්න battery suppliersව හමුවෙන්න ඕනේ. එහෙම නැතුව හිතුමනාපෙට battery එකේ size එක ඔබට තීරණය කරන්න බැහැ.

Brand එක ගැන හිතන්න

අපි එච්චර හිතුවේ නැති වුණාට වාහනයට ගැළපෙන battery එකක් තෝරාගන්න කොට අපි අනිවාර්යෙන්ම බලන්න ඕනේ දෙයක් තමයි brand එක කියන්නේ. ඉතින් ඒ නිසා ඔබත් වාහනයට battery එකක් replace කරනවා නම් brand name එක බලලා battery එක මාරු කරන්න. හැබැයි මෙතනදී ඔබේ budget එක ගැනත් හිතන්න ඕනේ. මොකද අඩු මුදලට වගේම ඉතා ඉහළ මිල ගණන් යටතේත් වෙළඳ පොළේ battery තියෙනවා.
හැබැයි ඔබ අඩු මුදලක battery එකක් මිලදී ගන්න හිතාගෙන ඉන්නවා නම් car’s manual එකේ තියෙන අවශ්‍යතා, ඒ battery එකේ තියෙනවද කියලා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ.
මොකද මිල අඩු battery එකක් අරගෙන ටික කාලෙකින් නැවත මාරු කරනවට වඩා තත්වයෙන් උසස් battery එකක් අරගෙන දිගු කාලයක් භාවිතා කරන එක ලාභදායී.

කල්පැවැත්ම ගැන හිතන්න

වාහනයට හරියටම ගැළපෙන battery එකක් තෝරාගන්න අපි අනිවාර්යයෙන්ම බලන්න ඕනේ සාධකයක් තමයි දිගුකාලීන කල්පැවැත්ම. මොකද අලුත් battery එපමණක්, පැරණි ඒවාට වඩා කාර්යක්ෂමව ක්‍රියා කරනවා. ඒ නිසා battery එකක් ගන්න කලින් battery එකේ manufacturing date එක සහ year එක පිළිබඳව විමසිලිමත් වෙන්න.

Power/Voltage පරිභෝජනය

Performance පරීක්ෂා කිරීම සඳහා මෝටර් රථයේ battery එකේ Power/Voltage පරිභෝජනය පරීක්ෂා කිරීම සිදු කරනවා. Battery RC මඟින් මෝටර් රථයට සපයන වෝල්ටීයතා ප්‍රමාණය තීරණය කරන්න පුළුවන්. ඔබගේ battery එකේ RC හොඳින් ක්‍රියා කරන්නේ නම්, මෝටර් රථයේalternator එක ක්‍රියා කරන්නේද නැද්ද යන්න ගැටළුවක් නෙවෙයි. මෙතනදී මතක තබාගත යුතු දෙයක් තමයි මෝටර් රථයේ specific model එකට අනුව battery RC තෝරාගැනීම.

Battery එකේ CCA පරීක්ෂා කිරීම

CCA යනු car cranking amps යන්නෙහි කෙටි යෙදුමයි.එමඟින් ඔබගේ මෝටර් රථයේ අධික උණුසුම් හෝ සීතල වැඩ කිරීමේ හැකියාව තීරණය කරනවා. ඒ නිසා මේ පිළිබඳවත් ඔබ අවධානය යොමු කරන්න ඕනේ.

වාහනේ බැටරිය පරිස්සම් කරගන්නේ මෙහෙමයි

– Engine එක පණ ගැන්වීමේ වාර ගණන සීමා කරන්න
– වාහන battery එකෙන් Electronic device charge කරන්න එපා
– නිවැරදි ධාරිතාවයෙන් යුතු battery එකක් ගන්න
– Battery එක නිවැරදිව සවි කරන්න
– Battery එක නිතර පරික්ෂා කරන්න

ඉතින් මේ විදිහට තමයි වාහනයට හරියටම ගැළපෙන battery එකක් තෝරා ගන්නේ. ඔබට මේ පිළිබඳව නිසි දැනුමක් නැත්නම් මෝටර් රථ කාර්මික ශිල්පියෙක්ගේ සහය ලබා ගන්න අමතක කරන්න එපා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Nissan Qashqai Tekna Fully Loaded 2019 for Sale

Nissan Qashqai Tekna Fully Loaded 2019

83,000 km, Colombo
verified MEMBER
Rs 13,800,000
1 week ago
Mercedes Benz E300 AMG COUPE 1st Edi 2019 for Sale

Mercedes Benz E300 AMG COUPE 1st Edi 2019

13,000 km, Colombo
verified MEMBER
Rs 40,000,000
1 minute ago
Suzuki Swift 2010 for Sale

Suzuki Swift 2010

73,000 km, Gampaha
MEMBER
Rs 6,150,000
1 week ago
Daihatsu Taft G TURBO CHROME 2024 for Sale

Daihatsu Taft G TURBO CHROME 2024

1,900 km, Colombo
verified MEMBER
Rs 8,790,000
3 minutes ago
Mercedes Benz E300 AMG Coupe 2018 for Sale

Mercedes Benz E300 AMG Coupe 2018

18,000 km, Colombo
verified MEMBER
Rs 34,500,000
4 minutes ago
Auto Parts for saleikman logo
Audi Q2 Parts for Sale

Audi Q2 Parts

verified MEMBER
verified
Rs 25,000
1 month ago
Threewheel Grill for Sale

Threewheel Grill

MEMBER
Rs 7,500
4 minutes ago
Tyre 195/65/15 for Sale

Tyre 195/65/15

MEMBER
Rs 2,500
4 minutes ago
Car Battery for Sale

Car Battery

MEMBER
Rs 10,000
5 minutes ago
+ Post an ad on ikman