කඳු මුදුනකදී Manual වාහනයක Clutch එක නිසි ලෙස පාලනය කරමු

04 Dec, 2023   
කඳු මුදුනකදී Manual වාහනයක Clutch එක නිසි ලෙස පාලනය කරමු

ඔබ ළඟ තියෙන්නේ manual වාහනයක්ද? එහෙනම් අනිවාර්යයෙන්ම ඔබට clutch එක ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. සමහර අයට නම් manual වාහනයක clutch එක ගැන ඒ තරම් අවබෝධයක් නැහැ. සමහර විට, කඳු වගේ තැනකින් manual වාහනයක් drive කරනකොට clutch එක control කරන්න ඕනෙ කොහොමද කියලා ඔබටත් ඒ තරම් අවබෝධයක් නැතුව ඇති. ඉතින් CarsGuide අපි අද ඔබට කියන්නේ, කඳු මුදුනකදී manual වාහනයක clutch එක හරියටම control කරන විදිහ ගැන.

Clutch එකෙන් මොකද වෙන්නේ?

Engine එක සහ wheels අතර තියෙන සම්බන්ධතාවය control කරන්නේ, clutch එක මඟින්. Clutch එක පාගනවා කියන්නේ, engine එක සහ wheels අතර තියෙන සම්බන්ධතාවය නැති වෙනවා කියන එක. එතකොට වාහනය Neutral තත්වෙට පත් වෙනවා. Clutch එක release කරනකොට, engine එක සහ wheels අතර තියෙන සම්බන්ධතාවය නැවත ඇති වෙනවා.

Clutch එක control කරන්නේ කොහොමද?

මුලින්ම hand brake එක හොඳින් ඉහළට ක්‍රියාත්මක කරන්න. හදිස්සි අවස්ථාවකදී කඳු මුදුනකදී වාහනය නතර වුණොත් foot brake සහ hand brake යන දෙකම ක්‍රියාත්මක කරන්න ඕනේ. මේ වෙලාවෙ ඔබ clutch එක පාගගෙනනේ ඉන්නේ. දැන් ටිකෙන් ටික කකුල උඩට ඔසවලා clutch එක release කරන්න. එහෙම කරනකොට, වාහනයේ sound එකත් එක්ක දෙදරන ස්වභාවයක් ඇති වෙනවා. මේ අවස්ථාවට තමයි, clutch එකේ biting point අවස්ථාව කියන්නේ. Clutch එක biting point අවස්ථාවට ආවම hand brake එක release කරන්න ඕනේ. ඊට පස්සේ, foot brake එක release කරලා බලන්න, වාහනය ඉදිරියට හරි පිටු පසට හරි යනවද කියලා. එතකොට වාහනය කොහේටවත් යන්නේ නැත්නම්, ඒ අවස්ථාවට clutch balance කියලා කියනවා.

Clutch balance අවස්ථාවට නාවොත් මොකද කරන්නේ?

කලින් කියපු විදිහටම, මුලින්ම hand brake එක ක්‍රියාත්මක කරනවනේ. ඊට පස්සේ hand brake එක අක්‍රීය කරලා, foot brake එක release කළාම, වාහනය පහළට යනවා නම්, ඒ clutch balance අවස්ථාව නෙවෙයි. ඒ කියන්නේ, clutch එක තව ටිකක් ඉහළට එන්න ඕනේ. මොකද මේ වෙලාවේ clutch එක තියෙන්නේ, balance අවස්ථාවට වඩා පහළින්. එතකොට ආපහු foot brake එක release කරලා, clutch එක තවත් ඉහළට ගේන්න ඕනේ.

හිතන්නකෝ, foot brake එක release කරනකොට, වාහනය ඉදිරියට යනවා කියලා. ඒකත් clutch balance අවස්ථාව නෙවෙයි. Balance අවස්ථාවට එන්න නම්, clutch එක තව පහළට යන්න ඕනේ. ඒ කියන්නේ, clutch එක තියෙන්නේ, balance අවස්ථාවට වඩා ඉහළින්.

Slipping the clutch කියන්නේ මොකක්ද?

Clutch balance අවස්ථාවට ආවම, එතන ඉඳලා ඉහළට එන ප්‍රමාණය තමයි, slipping the clutch අවස්ථාව කියන්නේ. Slipping the clutch අවස්ථාවෙන් පුළුවන්, වාහනය ඉදිරියට ගන්න. දැන් හිතන්න, clutch balance අවස්ථාවේ ඉන්නේ කියලා. මෙතනදි foot brake එක හෙමින් release කරන්න ඕනේ. ඒ කියන්නේ, අනිවාර්යයෙන්ම foot brake එක අක්‍රීය වෙන්න ඕනේ. වාහනය ඉදිරියට යනවත් එක්කම foot brake එක release කරනවා. එතකොට වාහනය යන්නේ, slipping the clutch අවස්ථාවේ. Clutch එක උඩ යට පෑගීමෙන් වාහනයේ speed එක අඩු වැඩි කරන්න පුළුවන්. Clutch balance අවස්ථාවට එනවා කියන්නේ, වාහනය නතර වෙනවා. Balance අවස්ථාවේ ඉඳලා clutch එක උඩට එනවා නම්, වාහනයේ speed එක වැඩි වෙනවා.

හැබැයි කිසිම වෙලාවක කන්දකදි clutch balance කරනකොට, slipping the clutch අවස්ථාව භාවිතා කරලා වාහනය ඉදිරියට ගන්න එපා. තැනිතලා වගේ තැනකදි නම් ඒක ප්‍රශ්නයක් නැහැ. ඒත් කඳු මුදුනකදී slipping the clutch අවස්ථාව භාවිතා කරන්න යන්න එපා. එහෙම කළොත්, clutch plate එකට සහ pressure plate එකට හානි වෙනවා. ඒ නිසා, clutch balance අවස්ථාවේදී clutch එක release වෙනවත් එක්කම accelerator එක ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ විදිහට ඔබට වාහනය ඉදිරියට අරගෙන යන්න පුළුවන්.

කඳු මුදුනකදී clutch balance කරන්න අමාරුයිද?

ගොඩක් අයට කඳු මුදුන් වලදි clutch balance කරන්න අමාරුයි. Clutch balance කරන්න කලින්, clutch එක යම් ප්‍රමාණයක් ඉහළට එන්න ඕනනේ. ඒ කියන්නේ, clutch එක biting point අවස්ථාවට එන්න ඕනේ. Biting point අවස්ථාවට එන්න කලින්, accelerator එක ලබා දෙන්න ඕනේ. හැබැයි එහෙම accelerator ලබා දෙන්න හොඳ නැහැ. වාහනය ඉස්සරහට යනවා තමයි. හැබැයි කලින් කියපු විදිහට ඒකෙන් clutch plate සහ pressure plate වලට වෙන හානිය නිසා, ඔබට තවත් මුදලක් වියදම් කරන්න වෙනවා.
Clutch balance අවස්ථාවට ආවට පස්සේ, slipping the clutch අවස්ථාව භාවිතා කරන්න පුළුවන්. Clutch balance එකට ආවම, clutch එකට යම් ප්‍රමාණයක් උඩට එන්න දීලා අනිවාර්යයෙන්ම accelerator එක ක්‍රියාත්මක කරන්න ඕනේ.

Clutch එක control කරන්න බැරි අවස්ථා මොනවද?

Clutch balance අවස්ථාවට ආවට පස්සේ, clutch එක release කරනකොට, foot brake එකෙන් කකුල නිදහස් කරන්න ඕනේ. එහෙම කළේ නැත්නම් වාහනය එක තැන නතර වෙනවා.
කඳු මුදුනකදී වාහනය slipping the clutch අවස්ථාව භාවිතා කරන්න පුළුවන්. හැබැයි හැම වෙලාවෙම මේක භාවිතා කරන්න එපා. Clutch balance අවස්ථාවට ආවට පස්සේ, accelerator එක use කරන්න.

Drive කරනකොට clutch එක මත කකුල තියාගෙන යන්න එපා. එහෙම ගියාට කමක් නැහැ. හැබැයි, clutch එක ක්‍රියාත්මක කරන්න එපා. එහෙම කළොත් වෙන්නේ, engine එක සහ wheels අතර තියෙන සම්බන්ධතාවයට බාධා ඇති වෙන එක. එතකොට pressure plate එකට අනවශ්‍ය pressure එකක් ඇති වෙනවා.

දැන් ඔබ හරියටම දන්නවා, clutch එකෙන් මොනවද වෙන්නේ කියලා. ඒ වගේම කඳු මුදුනකදී manual වාහනයක clutch එක හරියටම control කරන්නේ කොහොමද කියලා හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා අපි හිතනවා. ඉතින් මේ ගැන නොදන්න, ඔබ දන්න අය ඉන්නවා නම් වරද්දන්නේ නැතුව, එයාලටත් මේ ගැන කියන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Nissan Almera VL Turbo 1.0L 2025 for Sale

Nissan Almera VL Turbo 1.0L 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 13,950,000
2 days ago
Toyota Axio 2014 for Sale

Toyota Axio 2014

123,000 km, Colombo
MEMBER
Rs 9,500,000
19 seconds ago
Toyota Vitz 2007 for Sale

Toyota Vitz 2007

151,000 km, Colombo
MEMBER
Rs 5,925,000
1 week ago
BMW 523i LCI Individual 2007 for Sale

BMW 523i LCI Individual 2007

128,000 km, Puttalam
MEMBER
Rs 14,000,000
1 month ago
Suzuki Spacia G Limited 2016 for Sale

Suzuki Spacia G Limited 2016

95,000 km, Colombo
MEMBER
Rs 6,190,000
3 minutes ago
Auto Parts for saleikman logo
Toyota Hilux Electric Roller Shutters for Sale

Toyota Hilux Electric Roller Shutters

verified MEMBER
Rs 420,000
3 days ago
Zotye Z 100 Gas Shock Absorbers ( Front ) for Sale

Zotye Z 100 Gas Shock Absorbers ( Front )

verified MEMBER
Rs 8,985
51 seconds ago
Air Filter Korian for Sale

Air Filter Korian

verified MEMBER
Rs 5,420
1 minute ago
Fan Belt Kyron Rexton for Sale

Fan Belt Kyron Rexton

verified MEMBER
Rs 22,200
2 minutes ago
+ Post an ad on ikman