රැවටෙන්නේ නැතුව ගැළපෙනම insurance එක තෝරාගන්නේ මෙහෙමයි

11 Dec, 2023   
රැවටෙන්නේ නැතුව ගැළපෙනම insurance එක තෝරාගන්නේ මෙහෙමයි

ලංකාව ඇතුළේ වාහනයක් drive කරන්න ඕනේ නම් insurance එකක් තියෙන්න ඕනේ. අපේ රටේ ගොඩක් අය වාහනයක් ගන්නකොට අනිත් හැමදේම ගැන හොයලා බැලුවට වාහනයට insurance එකක් ඕනේ වෙන්න ඇයි කියන දේ ගැන නම් හිතන්නේ නැහැ. යාලුවෝ, හිතවත් අය කියන විදිහට එයාලා දාලා තියෙන තැන් වලින් insurance එක දානවා. ගොඩක් අය කරන තව දෙයක් තමයි මිල අඩුවෙන් තියෙන insurance දාන එක. ඉතින් අද CarsGuide අපි හිතුවා රැවටෙන්නේ නැතුව ඔයා කොහොමද ගැළපෙනම insurance එකක් තෝරගන්නේ කියලා කියන්න. ඉතින් අද අපි කියන්නේ ඒ ගැන. තමන්ගේ වාහනයට insurance එකක් ගනිද්දී ඔයා හිතන්න ඕනේ දේවල් ගොඩක් තියෙනවා.

Third party insurance එකක්ද? full insurance එකක්ද?

ඔයා මේ දේ ඔයාගේ අවශ්‍යතාවය අනුව, මුදල් වියදම් කිරීමේ හැකියාව අනුව වගේම වාහනය ගැන හිතලා ගන්න ඕනේ තීරණයක්. සාමාන්‍යයෙන් third party insurance එකකදී අනිත් insurance වලට වඩා වාර්ෂිකව ගෙවන්න වෙන මුදල අඩුයි. ඒත් third party insurance එකකදී ගෙවීම් කටයුතු සිදු වෙන්නේ වාහනය නිසා වෙනත් කෙනෙකුට හෝ ඔහුට අයත් දේපළ වලට හානියක් වුණොත් විතරයි. ඒ සඳහාත් third party insurance එකකදී යම් යම් සීමාවන් තියෙනවා. Third party insurance එකක තියෙන අවාසිය වෙන්නේ ඔයාගේ වාහනයට හෝ ජීවිතයට වෙන අනතුරකට මේ insurance එකෙන් මුදල් ලබා ගන්න වෙන්නේ නැහැ. ඉතින් ඔයා හදිසි අනතුරකට ලක් වුණොත්, ඒ වගේ වෙලාවට ඔයාට ආර්ථික වශයෙන් මුදල් ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයා full insurance එකකට යන එක තමයි හොඳම දේ.

ගණන් මිනුම් හා සේවාවන් ගැන බලන්න

වාහනයේ වටිනාකම අනුව ඔයාට ගෙවන්න වෙන මුදල් ප්‍රමාණය insurance එකෙන් insurance එකට වෙනස් වෙනවා. ඒ වගේම මිල ගණන් අඩු insurance තෝරාගන්න එපා. ඒ මිල ගණන් යටතේ නොමිලේ ලැබෙන insurance හා සේවාවන් ගැනත් හොයලා බලන්න. Full insurance එකකදිත් ලැබෙන මුදල් ප්‍රමාණය හා සේවාවන් ආයතනයෙන් ආයතනයට වෙනස් වෙනවා. ඔයා insurance එකක් තෝරා ගන්නකොට ඔයා ගෙවන මුදලට සරිලන සේවාවක් හා ඔයාට අවශ්‍ය ආවරණ කලාපයක් ලැබෙන insurance එකක් තෝරාගන්න මතක තියාගන්න.

ලැබෙන වාසි ගැන බලන්න

ඔයා insurance එකක් තෝරාගද්දී ඒ insurance එකෙන් ඔයාට ලැබෙන වාසි වගේම අවාසි ගැනත් හොඳට හොයලා බලන්න ඕනේ. Insurance එකකදී ඔයාට ලැබෙන මුදල් ප්‍රමාණය හා සේවාවන් ආයතනයෙන් ආයතනයට වෙනස් වෙනවා. සමහර ආයතන වලින් accident එකක් වුණාම වාහනයට සිදු වෙන හානිය ගැන බලනවා. ඒ සඳහා අවශ්‍ය මුදල් ලබා දෙනවා. ඒ වගේම සමහර ආයතන වලින් අනතුරක් වුණාම වාහනයේ අලුත්වැඩියාව අවසන් වන තෙක් වෙනත් වාහනයක් ලබා දෙනවා. තව සමහර ආයතන වල ඒ සේවාවන් ලබා ගන්න අමතර මුදලක් ගෙවන්නත් වෙනවා. ඉතින් ඒ නිසා ඔයාගේ සියලුම අවශ්‍යතා වලට ගැළපෙන විදිහේ insurance එකක් තෝරාගන්න. මොකද හදිස්සියේ හරි වාහනය accident වුණොත් අපිට හදන්න ලොකු මුදලක් යනවා. හැබැයි හොඳ insurance එකක් ඔයාට තියෙනවා නම් insurance එකෙන් උදව් ලබා ගන්න පුළුවන්.

අනතුරකදී ක්‍රියාත්මක වෙන ආකාරය ගැන අහන්න

අනතුරක් වුණු වේලාවකදී අපි insurance එක ලබා ගත්ත ආයතනය ඒ වෙලාවට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක ගැනත් අපි හොයලා බලන්න ඕනේ. මේ අය අපිට අපේ අවශ්‍යතාවයට claim දෙනවද, අපිට loan එකක් දාන්න පුළුවන් ද සහ වන්දි ලබා ගන්න ගතවෙන කාලය ගැන බලන්න ඕනේ. සමහර ආයතන අපිට මේ දේවල් දෙනවා මෙහෙම වෙනවා කියලා කිව්වට අපිට අනතුරක් වුණ වෙලාවට තමයි ඒ ආයතන වල ස්වභාවය අපිට තේරෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ආයතන වලින් කියන දේවල් වලට අමතරව රක්ෂණයක් දාන්න කලින් ඒ අදාළ රක්ෂණය ගැන, රක්ෂණයේ ප්‍රතිලාභ ගැන, claim එක ගැන මීට කලින් ඒ රක්ෂණය ඒ ආයතනයෙන්ම දාපු කෙනෙක්ගෙන් අහලා බලන්න. එතකොට ඔයාට පුළුවන් ඒක හොඳ රක්ෂණයක් ද කියලා හරියටම දැන ගන්න.

පාරිභෝගික සේවා ගැන බලන්න

ඔයා insurance එක ලබා ගන්න ආයතනය දිවයින පුරා විහිදී ඇති ශාඛා වලින් සමන්විත නම් ඒකත් ඔයාට අමතර වාසියක්. ඒ වගේම පැය 24 පුරා සහය ලබා ගත හැකි දුරකථන සේවාවක් තියෙනවා නම් ඒකත් ගොඩක් වැදගත්. ඒ වගේම හදිස්සි අනතුරකදී උදව් ලබා ගන්න හැකි වීමත්, දවසේ ඕනෑම වේලාවකදී සම්බන්ධ වෙන්න පුළුවන් වීමත් ගොඩක් වැදගත්.

වාහනය කුමක් සඳහාද යොදා ගන්නේ කියලා බලන්න

ඒ කියන්නේ ඔයා වාහනයක් ගන්නේ ගෙදර පවිච්චියටද, නැත්නම් හයර් කරන්නද, එහෙමත් නැත්නම් rent එකටද, කියන එක ගැන බලලා insurance එක දාන්න. ඒ වගේම ඔයා මතක තියාගන්න ඕනේ අනිත් කාරණය තමයි වාහනය වෙන කෙනෙක්ට දුන්නම වාහනය අනතුරට පත් වුණොත් insurance එක හරහා ඔයාගේ වාහනයට වුණ අලාභයට හරියන වන්දි මුදලක් ලැබෙනවද කියලා බලන එක.

මේ විදිහට තමයි රැවටෙන්නේ නැතුව ගැළපෙනම insurance එකක් තෝරාගන්නේ. ඉතින් මේ දේවල් ගැන සැළකිලිමත් වුණොත් ඔයාට පුළුවන් ගැළපෙන හොඳ insurance එකක් තෝරාගන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Mitsubishi RVR 2012 for Sale

Mitsubishi RVR 2012

157,400 km, Colombo
MEMBER
Rs 9,500,000
4 weeks ago
Honda City RS 2025 for Sale

Honda City RS 2025

0 km, Colombo
verified MEMBER
Rs 13,800,000
2 weeks ago
Volkswagen Polo TSI Active 2024 for Sale

Volkswagen Polo TSI Active 2024

2,600 km, Colombo
verified MEMBER
Rs 14,500,000
7 minutes ago
Suzuki Wagon R Stingray 2015 for Sale

Suzuki Wagon R Stingray 2015

92,000 km, Jaffna
MEMBER
Rs 6,550,000
2 weeks ago
Toyota Axio 2015 for Sale

Toyota Axio 2015

200,000 km, Colombo
MEMBER
Rs 12,000,000
3 weeks ago
Auto Parts for saleikman logo
Ford Ranger T6-T7-T8 2016-22 Tail Gate for Sale

Ford Ranger T6-T7-T8 2016-22 Tail Gate

verified MEMBER
verified
Rs 48,500
2 minutes ago
225/40/R19 Run Flat GoodYear Tyres for Sale

225/40/R19 Run Flat GoodYear Tyres

MEMBER
Rs 50,000
14 minutes ago
Apple CarPlay/Android Auto Adapter for Sale

Apple CarPlay/Android Auto Adapter

MEMBER
Rs 19,900
32 minutes ago
+ Post an ad on ikman