වාහනයක accident තනිවම හොයාගන්නේ මෙහෙමයි

04 Jan, 2024   
වාහනයක accident තනිවම හොයාගන්නේ මෙහෙමයි

වාහනයක් ගන්න යනකොට අපි මුලින්ම බලන්න ඕනේ දේ තමයි මේ වාහනය accident වෙච්ච වාහනයක්ද කියන එක. ඒ වගේම ඔයා වාහනයක් බලන්න යන වෙලාවක ඒ ගැන දන්න කෙනෙක් එක්කන් යන එකත් එච්චර ලේසි වෙන්න නැහැ. ඉතින් ඒ නිසා CarsGiude අපි හිතුවා ඔයා ගන්න යන වාහනයක accident එකක් වෙච්ච වාහනයක්ද නැද්ද කියන දේ ඔයාටම තනියම හොයාගන්න පුළුවන් කොහොමද කියලා කියන්න.

වාහනයේ bonnet එක open කරලා බලන්න

ඔයා වාහනයක් ගන්න ගියාම වාහනයේ bonnet එක open කරලා bonnet එකේ panel එක දිහා බලන්න අමතක කරන්න එපා. ඉතින් ඔයා බලන්න ඕනේ මේ panel එක මුල් තත්ත්වයේම තියෙනවද නැත්නම් වෙනස් කරලද කියන එක. මොකද එහෙම වෙනස් කරලා නම් අනිවාර්යයෙන්ම ඒ වාහනය accident එකකට පත් වුණු වාහනයක්.

Engine එකේ කොටස් බලන්න

ඔයා engine එකේ හැම කොටසක් ගැනම අවධානය යොමු කරන්න ඕනේ. Engine එකේ ඉදිරියෙන් ඇති දේවල් ගැනත් බලන්න. රේඩියේටර්, lights අලුතින් දාලා වගේ පේනවා නම් වාහනය accident එකකට ලක් වෙලා නිසා වෙන්න පුළුවන්.

වාහනයේ body lines බලන්න

වාහනයේ body lines හොඳ නිමාවකින් තියෙන්න ඕනේ. ඔයාට පොඩි පොඩි වෙනස්කම් පේනවා නම් ඒ තැන් හොඳට check කරන්න. එතකොට ඒ වාහනය අලුත්වැඩියාවක් කරපු වාහනයක්ද කියන දේ ඔයාට බලාගන්න පුළුවන්.

Windscreen එකේ stickers ගැන බලන්න

ඔයා බලන්න windscreen එකේ තියෙන stickers දිහා. ඉතින් ඒ stickers ගලවලා ආයෙත් අලවලා කියලා ඔයාට පේන්න තියෙනවද? Windscreen sticker එක ගලවලා නැවත අලවලා තියෙන්නේ නිකන් නෙමෙයි. ඒ කියන්නේ windscreen එක මාරු කරලා වෙන්න පුළුවන්. එහෙම මාරු කරන්නේ තිබුණු windscreen එක බිඳුණු නිසයි.

වාහනයේ dicky එක open කරලා බලන්න

වාහනයේ dicky එක open කරලා ඒක ඇතුළේ carpet අයින් කරන්න. ඊට පස්සේ ඇතුළ හොඳට check කරන්න. ඇතුළෙ ඔයාට වෙනස්කම් පේනවා නම් ඒ වාහනය accident එකක් වෙලා අලුත්වැඩියා කරපු වාහනයක් වෙන්න පුළුවන්.

දොරවල් වල Beading පහත් කරලා බලන්න

ඔයා වාහනයක් ගන්න කලින් සැළකිලිමත් වෙන්න ඕනේ තව දෙයක් තමයි මේක. වාහනයේ හැම දොරකම තියෙන beading පහත් කරලා බලන්න. හොඳ finish එකක් තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි එහෙම නැතුව අලුත්වැඩියාවක් කරලා කියලා පේනවා නම් ඒ accident එකක ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්.

මේ විදිහට තමයි ඔයා ගන්න යන වාහනය accident එකක් වුණ වාහනයක්ද නැද්ද කියන දේ හොයාගන්නේ. එහෙනම් දැන් ඔයාට පුළුවන් CarsGuide අපි කියපු විදිහට වාහනයක් ගන්න යනකොට මේ දේවල් ගැන සැළකිලිමත් වෙලා හොඳ වාහනයක් තෝරගන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
MG ZS 2019 for Sale

MG ZS 2019

84,999 km, Gampaha
MEMBER
Rs 8,750,000
1 hour ago
Ford Raptor Ranger 2025 for Sale

Ford Raptor Ranger 2025

25 km, Gampaha
verified MEMBER
verified
Rs 33,800,000
47 seconds ago
Suzuki Wagon R Stingray 2018 for Sale

Suzuki Wagon R Stingray 2018

71,000 km, Colombo
verified MEMBER
Rs 7,350,000
2 minutes ago
Datsun Redi Go BRAND NEW 2018 for Sale

Datsun Redi Go BRAND NEW 2018

65,800 km, Colombo
verified MEMBER
verified
Rs 3,375,000
2 minutes ago
Honda City RS TURBO 2025 for Sale

Honda City RS TURBO 2025

0 km, Matara
verified MEMBER
Rs 14,375,000
2 minutes ago
Auto Parts for saleikman logo
CHR Viper Blades for Sale

CHR Viper Blades

verified MEMBER
verified
Rs 6,500
40 minutes ago
BMW X2 Wiper blades for Sale

BMW X2 Wiper blades

verified MEMBER
verified
Rs 6,500
40 minutes ago
Benz CLA 180/200 Wiper Blades for Sale

Benz CLA 180/200 Wiper Blades

verified MEMBER
verified
Rs 6,500
40 minutes ago
+ Post an ad on ikman