ලීසිං සමාගමක් තෝරා ගැනීමේදී සැළකිලිමත් විය යුතු කරුණු

19 Sep, 2023   
ලීසිං සමාගමක් තෝරා ගැනීමේදී සැළකිලිමත් විය යුතු කරුණු

අද වෙද්දි හැමෝම ගෙවන්නේ, busy life එකක්. ඒකට හේතුව සල්ලි. ඉතින් දහසකුත් බලාපොරොත්තු තියාගෙන මහන්සි වෙලා හොයන මේ සල්ලි වලින් වාහනයක් ගන්නවා කියන්නේ, ආවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සමහර විට, අතේ තියෙන මුදල හිතේ තියෙන වාහනය මිලදී ගන්න මදි වෙන්න පුළුවන්.

එහෙම වෙලාවට ඉතින් ලීසිං සාමාගමක පිහිට තමයි. හැබැයි තියෙන හදිස්සියට ලීසිං සමාගමක් තෝරගන්න නම් යන්න එපා. මොකද අන්තිමේදි ලීසිං සමාගමට ගෙවන්නෙත් ඔබ මහන්සියෙන් හොයන සල්ලිනෙ. ඉතින් CarsGuide අපි හිතුවා, අමාරුවේ වැටෙන්නේ නැතුව, ලීසිං සමාගමක් තෝරාගන්න හරිම විදිහ ගැන අද ඔබව දැනුවත් කරන්න.

අතීත තොරතුරු හොයලා බලන්න

ඔබ මුලින්ම කරන්න ඕනෙ, ලීස් එක දාන්න හිතන ලීසිං ආයතනය ගැන විස්තර හොයලා බලන එක. අදාළ ආයතනය ගැන අතීත තොරතුරු ඒ කියන්නේ, ඔවුන්ගේ reputation එක, service එක කියන දේවල් ගැන හොයලා බලන්න. ඒ වගේම තියෙන branches ප්‍රමාණය, ගනුදෙනු කාලය, payment methods වගේ දේවල් ගැනත් සැළකිලිමත් වෙන්න ඕනෙ.

සමහර විට, ඔබ තෝරාගන්න ආයතනයේ තියෙන්නේ, branches දෙක තුනක් විතරක් වෙන්න පුළුවන්. එහෙම වුණොත්, ඔබට ලීසිං වාරිකය ගෙවන්න ගොඩක් මහන්සි වෙන්න වෙනවා.

ඒ වගේම තවත් ආයතන විසින් සපයන අමතර සේවා ගැනත් හොයලා බලන්න අමතක කරන්න එපා. මොකද සමහර ආයතන free insurance package වගේ අමතර පහසුකම් ලබා දෙන නිසා.

මහ බැංකුව මඟින් නියාමනය කෙරෙන සමාගමක්ද?

ඔබ ගනුදෙනු කරන්නේ, මහ බැංකුවේ ලියාපදිංචි කළ ආයතනයක් සමඟ නම්, ඒ තුළින් ඔබේ ලීස් එකට යම් ආරක්ෂාවක් ලැබෙනවා. මොකද ඒ ආයතනය, මහ බැංකුවේ අධීක්ෂණ ක්‍රියාවලියට යටත් වෙන නිසා. හැබැයි හදිස්සියේ හරි ඔබ තෝරාගන්නේ, මහ බැංකුවේ ලියාපදිංචි නොකළ ආයතනයක් නම්, ඔබට යම් අසාධාරණයක් සිදු වුණොත්, ගොඩක් වෙලාවට ඒ වගකීමත් ඔබටම භාර ගන්න වෙනවා.

පොලී අනුපාතය ගැන සැළකිලිමත්ද?

ඔබ ලබා ගන්න ලීස් එකට අදාළව පොලියක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඔබට මේ පොලී අනුපාතය ගැන අවබෝධයක් තියෙන එක ගොඩක් වැදගත්. කාලෙන් කාලෙට මේ ලීසිං වලට අදාළ පොලිය, මහ බැංකුව විසින් වෙනස් කරනවා. හැබැයි මේ විදිහට පොලී අනුපාතය වෙනස් වෙන එකට ප්‍රතිචාර දක්වන්නේ, මහ බැංකුවේ ලියාපදිංචි ආයතන විතරයි. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම හොයලා බලන්න, market එකේ යන පොලී අනුපාතය සහ ලීසිං ආයතනයේ යන පොලී අනුපාතය සමාන හෝ ඊට ආසන්න අගයක තියෙනවද කියලා. නැත්නම් ඔබට ගිනි පොලියට ලීසිං දාගෙන හැමදාම දුක් විඳින්න සිද්ධ වෙනවා.

අමතර ගාස්තු හා සැඟවුණු ගාස්තු තියෙනවද?

සමහර විට, ඔබ ගන්න ලීස් එකට, තවත් අමතර ගාස්තු හා සැඟවුණු ගාස්තු එකතු වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක ඔබට තවත් ලොකු වියදමක්. ඒ නිසා, ඔබ ලීසිං සමාගමක් තෝරාගන්න කලින්, අදාළ ලීසිං නියෝජිතයන්ගෙන් අහලා මේ ගැන හරියටම දැන ගන්න. එතකොට ඔබටත් කිසිම ප්‍රශ්නයක් නැතුව හරියටම ලීස් එක දාගන්න පුළුවන්.

කල්බදු මූල්‍යකරණ පනත

මේ කල්බදු මූල්‍යකරණ පනතට අනුව තමයි, ලීසිං සම්බන්ධ අදාළ නීතිමය තත්වයන් දක්වලා තියෙන්නේ. ලීස් එක ගන්න කෙනාට වගේම, ලීස් එක ලබා දෙන ලීසිං සමාගමටත් අදාළ නීතිමය තත්වයන්, ඒ ඒ අයට අදාළ යුතුකම්, වගකීම්, අයිතිවාසිකම් මොනවද කියන දේවල් මේ පනතට පැහැදිලිව ඇතුළත් කරලා තියෙනවා.

ඕනම කෙනෙක්ට හිතෙන හිතෙන විදිහට ලීසිං සමාගම් දාන්න බැහැ. මේ පනතෙ තියෙන සුදුසුකම් සපුරලා, නියමිත පරිදි අවසර ලබාගෙන පවත්වාගෙන යන ආයතනයක් වෙන්න ඕනෙ. ඒ නිසා, ඔබත් ලීස් එකක් දානකොට, එහෙන් මෙහෙන් කියන කතා අහලා, තොරතුරු හොයන්නේ නැතුව ලීසිං company එකක් තෝරාගන්න යන්න එපා. අනිවාර්යයෙන්ම මේ කල්බදු පනත යටතේ ලියාපදිංචි වුණු නැත්නම්, කල්බදු මූල්‍ය සේවාවන් සපයන්න පුළුවන් අයිතියක් තියෙන ආයතනයක් එක්ක ගනුදෙනු කරන්න. මොකද ඒ වගේ ආයතනයක් අනිවාර්යයෙන්ම මේ කියන නීතිරීති වලට අනුව කටයුතු කරන නිසා, ඔබට ඉදිරියේදි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.

කල්බදු ගිවිසුම කියන්නේ මොකක්ද?

කල්බදු පනතෙ කියන විදිහට සරලව ගත්තොත්, ආර්ථික වටිනාකමක් තියෙන භාණ්ඩයක සන්තකය ලබා ගැනීම සඳහා ඇති කරන ගිවිසුමක් තමයි කල්බදු ගිවිසුම කියන්නේ.

ලීස් එකක් ගන්න කෙනෙක්ට නැත්නම්, කල්බදු මූල්‍ය පහසුකමක් ගන්න කෙනෙක්ට තියෙන අයිතිවාසිකම් මේ කල්බදු මූල්‍යකරණ පනතේ දක්වලා තියෙනවා. උදාහරණයක් විදිහට, ‘ලීස් එක ගන්නේ මොන කම්පැනියෙන්ද, ගන්න වාහනේ මොකක්ද?’ මේ කියන දේවල් තීරණය කරන්න අයිතිය ලීසිං පහසුකම ලබා ගන්න කෙනාට තියෙනවා. ඒක මේ පනත යටතේ ලීසිං පහසුකම ලබා ගන්න පුද්ගලයාට තියෙන අයිතියක්. ඊළඟට මේ ගිවිසුමේ තියෙන කොන්දේසි අදාළ ලීසිං සමාගම හිතෙන හිතෙන විදිහට වෙනස් කරනවා නම්, ඒකට විරුද්ධ වෙන්නත් ලීසිං පහසුකම ලබන කෙනාට පුළුවන්.

ඒ වගේම ලීසිං company එකට තියෙන අයිතිවාසිකම් ගැනත් මේ පනතේ දක්වලා තියෙනවා. අදාළ වාහනයේ නඩත්තුව නිසි පරිදි කරගෙන යනවද කියලා බලන්න සමාගමට පුළුවන්. ඒ වගේම ලීසිං පහසුකම ලබා ගන්න කෙනා, ගිවිසුමේ තියෙන විදිහට වාරික ගෙවීම පැහැර හැරියොත්, ලීසිං සමාගමට පුළුවන්, ඒ ගිවිසුම අහෝසි කරලා වාහනයේ සන්තකය තමන්ට ලබා ගන්න.

සමහර විට, මීට කලින් ඔබ මේ කරුණු ගැන දැනගෙන හිටියේ නැතුව ඇති. හැබැයි ඉතින් දැන් නම් ඔබට හිතේ බයක් නැතුව, හරිම ලීසිං සමාගම තෝරාගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි අද කියපු දේවල් මතක තියාගන්න. එතකොට ඔබට පුළුවන්, මහන්සි වෙලා හම්බ කරන සල්ලි, ගඟට කපපු ඉනි වගේ නාස්ති කර ගන්නේ නැතුව, ලීස් කරලා වාහනයක් ගන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Land Rover Range Sport 2019 for Sale

Land Rover Range Sport 2019

40,000 km, Kandy
MEMBER
Rs 58,000,000
4 days ago
Audi A5 S-Line 2019 for Sale

Audi A5 S-Line 2019

43,000 km, Colombo
MEMBER
Rs 32,000,000
3 weeks ago
Toyota Voxy NOAH SZ HYBRID 2024 for Sale

Toyota Voxy NOAH SZ HYBRID 2024

13,000 km, Kurunegala
verified MEMBER
verified
Rs 34,500,000
2 weeks ago
Suzuki A-Star VXI 2013 for Sale

Suzuki A-Star VXI 2013

98,364 km, Colombo
verified MEMBER
verified
Rs 4,650,000
2 minutes ago
Audi A4 S Line 2018 for Sale

Audi A4 S Line 2018

63,000 km, Colombo
verified MEMBER
Rs 20,900,000
5 minutes ago
Auto Parts for saleikman logo
Japan Tail Lights for Sale

Japan Tail Lights

verified MEMBER
verified
Rs 10,000
2 weeks ago
BMW x1 car android audio setup with panel for Sale

BMW x1 car android audio setup with panel

verified MEMBER
verified
Rs 57,000
3 minutes ago
honda CR-V car door visor for Sale

honda CR-V car door visor

verified MEMBER
verified
Rs 2,500
4 minutes ago
+ Post an ad on ikman