හරිම විදිහට insurance එකක් claim කරමු

15 Aug, 2024   
හරිම විදිහට insurance එකක් claim කරමු

Trouble claiming your insurance?

Got copped on the way back from your Friday night drive? One of the trinity of documents that you should have in your possession is your insurance. Within the Sri Lankan constitution it is illegal to use a vehicle without insurance. When you get yourself into a bit of trouble driving you’re definitely going to need your insurance but that does not guarantee that you can make a claim. Common folk have a misconception that no matter what the situation they’ll be unable to make a claim, however that’s not the case. Today let’s discuss the lore around insurance and claims.

Notify your insurer first

If your vehicle is a party to an accident or some damage has happened to your car then you insurer should be the first to know. Take a look at your insurance card and dial the number shown in the card to let them know you’ve been in an accident.

Justify what happened

At the moment of your accident it may have caused damage to two separate parties or it might have been property damage and even might have been damage to a civilian or a person. In that situation your first step of action should be to contact your insurer and explain what exactly took place and justify the happenings within the time period. This is important as this is what marks the criteria for your insurance claim depending on the package you discussed upon with your insurer.

Was it a collision with another vehicle?

If you collide with another vehicle upon impact then you’ll have to discuss with the other party present. Speak on which type of insurance covers them, whether it is full insurance or 3rd party insurance. Especially if it is full insurance then you’ll need to collect details on the respective party and their insurer.

Property damage?

Regardless of the damage done to either private or government property you are required to notify the parties involved as well as your insurer.

3rd Party or Civilian involvement?

Your first course of action should be to make sure that the relevant party receives medical attention and inform the nearest police station on the situation.

How much can you claim?

At the time informing your insurer, an agent from the relevant corporation will arrive to make an estimate cost of repair depending on the situation. You’ll have to present your license and insurance at the given time period. According to the estimate given by the agent you can either get a direct transfer to your listed bank account or rather if your feel that the compensation is not enough then you can proceed to move the vehicle into the garage where they will inspect and assess the state of the vehicle and provide an estimate to the insurer directly, covering the cost of repair

Even when you are required to purchase new parts for your vehicle due to the accident you should notify your insurer. If they are not informed then they have the right to reject your claims.

Now that you’re well informed on the realm of insurance claims, you don’t need to step down at every accident you face and receive rejected claims. Follow these steps and get your claim in the smoothest way possible.

ඔබේ වාහනය රක්ෂණය කළාද? එහෙම නැත්නම් ඉක්මනටම රක්ෂණය කර ගන්න. මොකද වාහනයක් නීත්‍යානුකූලව drive කරන්න නම්, අනිවාර්යයෙන්ම ඒක රක්ෂණය කරලා තියෙන්න ඕනේ. හැබැයි වාහනය රක්ෂණය කළාට, අනතුරක් වුණු පළියට ඔබට claims ගන්න බැහැ. ඒකට ඔබ කරන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා. සමහර විට ඔබට හිතෙන්න පුළුවන්, “මොන දේ කළත් claims ගන්න බැහැනෙ” කියලා. හැබැයි ඔබ හරිම විදිහට ඒ දේවල් අනුගමනය කළා නම් එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා CarsGuide අපි අද ඔබට කියන්නේ, හරිම විදිහට insurance එකක් claim කරන්නේ කොහොමද කියලා.

රක්ෂණ ආයතනයට දැනුම් දෙන්න

ඔබේ වාහනයට යම්කිසි අනතුරක් වුණාම, ඔබ මුලින්ම කරන්න ඕනේ, ඔබේ රක්ෂණ ආයතනයට අදාළ සිද්ධිය ගැන දුරකථනයෙන් දැනුම් දෙන එක. ඔබේ insurance card එකේ පිටුපස රක්ෂණ ආයතනයේ දුරකථන අංකය තියෙනවා. ඔබට පුළුවන් ඒකට ඇමතුමක් දෙන්න.

අනතුර සිදු වුණේ කොහොමද?

අනතුර සිදු වුණේ ඔබේ වාහනය සහ තවත් වාහනයක් සමඟ වෙන්න පුළුවන්. නැත්නම් දේපළකට සිදුවුණු හානියක්, එහෙමත් නැත්නම් පුද්ගලයෙකුට වුණු හානියක් වෙන්න පුළුවන්. එතකොට රක්ෂණ ආයතනයට සිදුවුණු අනතුර ගැන දැනුම් දෙනකොට, අනතුර වුණේ කොහොමද කියන දේ ගැනත් අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. මොකද විවිධ වර්ගයේ insurance තියෙනවා. ඔබ ඒ අතරින් වාහනයට දාලා තියෙන insurance එකට අනුව සහ සිදුවුණු අනතුර අනුව තමයි කොහොමත් ඔබට claim එක ගන්න වෙන්නේ. එතනදි රක්ෂණ ආයතනය ඔබට ලබා දෙන උපදෙස් නිසි පරිදි පිළිපදින්න මතක තියාගන්න.

අනතුර වුණේ තවත් වාහනයක් සමඟද?

අදාළ අනතුර වුණේ, ඔබේ වාහනය තවත් වාහනයක් සමඟ ගැටීමෙන් නම්, ඔබ අනිවාර්යයෙන්ම ඒ වාහනයේ හිමිකරු සමඟ කතා කරලා, ඒ වාහනයට රක්ෂණයක් තියෙනවද කියලා බලන්න. තියෙනවා නම් ඒක full insurance එකක්ද, 3rd party insurance එකක්ද කියලා බලන්න. Full insurance එකක් නම්, අනිවාර්යයෙන්ම ඒ රක්ෂණ ආයතනයටත් අනතුර ගැන දැනුම් දෙන්න ඕනේ.

දේපළ හානියක්ද?

ඔබේ වාහනයෙන් අනතුරක් වුණේ දේපළකට වෙන්න පුළුවන්. සමහර විට ඒ හානිය වෙන්නේ රජයේ දේපළකට වෙන්න පුළුවන්. නැත්නම් පුද්ගලික දේපළකට වෙන්න පුළුවන්. ඒ මොන විදිහට හානිය සිදු වුණත් ඔබ අදාළ ආයතයනය අනතුර ගැන දැනුවත් කරන්න ඕනේ.

පුද්ගල හානියක්ද?

ඔබේ වාහනයෙන් අනතුර සිදු වුණේ පුද්ගලයෙකුට නම්, ඔබ මුලින්ම කරන්න ඕනේ ඒ පුද්ගලයාව රෝහලකට රැගෙන යන එක. ඊට පස්සේ ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන්න ඕනේ.

ලැබෙන වන්දි මුදල කොච්චරද?

ඔබ සිදුවුණු අනතුර ගැන රක්ෂණ ආයතනය දැනුවත් කළාම රක්ෂණ ආයතනයේ නියෝජිතයෙක් අනතුර සිදු වූ ස්ථානයට එනවා. ඒ මොහොතේ ඔබේ වලංගු රියදුරු බලපත්‍රය, වලංගු රක්ෂණ සහතිකය සහ එයට අදාළ ලියකියවිලි ඉදිරිපත් කරන්න ඕනේ. ඊළඟට රක්ෂණ ආයතනයේ නියෝජිතයා ඔබේ වාහනයට සිදුවුණු අනතුරට අදාළව ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන්න පුළුවන්. නැත්නම් ඔබට ලැබෙන වන්දි මුදල ගැන අනුමැතියක් ලබා දෙන්න පුළුවන්. ඒ ලැබෙන වන්දි මුදලට ඔබ කැමති නම්, ඔබේ බැංකු ගිණුමට වන්දි මුදල බැර කර ගන්න පුළුවන්. හැබැයි ඔබ ඒ ලබා දෙන වන්දි මුදලට අකමැති නම්, ඔබේ වාහනය garage එකකට යොමු කර, ඇස්තමේන්තුවක් ගෙන රක්ෂණ ආයතනයට එය ඉදිරිපත් කරන්න පුළුවන්.

සිදුවුණු අනතුර නිසා ඔබේ වාහනයේ යම් කොටසකට හානියක් සිදුවුණා නම්, ඒ කොටස් පවා ඔබ මිලදී ගන්න ඕනේ. එතනදි වාහනයට අවශ්‍ය අමතර කොටස් මිලදී ගන්න කලින් රක්ෂණ ආයතනයෙන් ඒ අමතර කොටස් සඳහා අදාළ මිල ගණන් ලබා ගන්න ඕනේ. එහෙම නැතුව ඔබ කැමති මිලකට අමතර කොටස් අරගත්තට, රක්ෂණ ආයතනය ඒ මුදල ගෙවීම reject කළොත් ඔබටම තමයි පාඩුව විඳගන්න වෙන්නේ. ඒ නිසා මුලින්ම රක්ෂණ ආයතනයෙන් අදාළ මිල ගණන් ලබා ගන්න.

වාහනය රක්ෂණය කළාට, සමහර විට ඔබට මීට කලින් අනතුරක් වුණාම claims ගන්න බැරි වෙලා ඇති. හැබැයි අපි අද කියපු දේවල් ඒ විදිහට කළොත් ඔබට ප්‍රශ්නයක් නැතුව claims ගන්න පුළුවන්. ඉතින් හරිම විදිහට claims ගන්නේ කොහොමද කියන දේ ගැන නොදන්න, ඔබ දන්න අය එක්කත් අපි අද කියපු දේවල් share කර ගන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Audi Q7 Quattro 2018 for Sale

Audi Q7 Quattro 2018

68,000 km, Colombo
verified MEMBER
verified
Rs 58,500,000
1 hour ago
Land Rover Range autobiography 2019 for Sale

Land Rover Range autobiography 2019

66,000 km, Colombo
verified MEMBER
verified
Rs 92,500,000
1 hour ago
Audi A4 2017 for Sale

Audi A4 2017

42,250 km, Colombo
MEMBER
Rs 22,000,000
4 days ago
Nissan Leaf Tekna 2018 for Sale

Nissan Leaf Tekna 2018

43,000 km, Colombo
MEMBER
Rs 13,500,000
2 hours ago
Toyota Land Cruiser Sahara V8 AX 2018 for Sale

Toyota Land Cruiser Sahara V8 AX 2018

42,000 km, Colombo
MEMBER
Rs 150,000,000
2 hours ago
+ Post an ad on ikman