වාහනයේ key එක ගැන ඔබ හරියටම දැනගෙන හිටියද?

28 Mar, 2024   
වාහනයේ key එක ගැන ඔබ හරියටම දැනගෙන හිටියද?

අපි අලුතින් වාහනයක් ගන්නකොට අපේ අතට මුලින්ම දෙන්නේ වාහනයේ key එක. ඉතින් මේ key එකෙන් තමයි වාහනය start කිරීම සහ වාහනයේ දොර unlock කිරීම වගේ දේවල් ඔක්කොම සිද්ද වෙන්නේ. ඉතින් ඒ නිසා වාහනයේ key එක ගැන ඔයා දැනගන්නම ඕනේ දේවල් කිහිපයක් තියෙනවා. චුට්ටක් හිතලා බලන්න ඔයා වාහනයේ key එක ගැන හරියටම දැනුවත්ද? ඒ නිසාම CarsGuide අපි ඔයාට කියන්නේ වාහනයේ key එක ගැන ඔයා දැනගත යුතු දේවල් මොනවාද කියලා.

වාහනයක smart key

මේ කාලේ එන නවීන වාහන වල තියෙන්නේ smart key. සාමාන්‍ය key එකක් වෙනුවට දුරස්ථ පාලකයක් භාවිතා කරන smart key නව වාහනවල සම්මත අංගයක් බවට පත්ව තියෙනවා. මේ smart key එක සාක්කුවේ තියාගෙන වාහනය unlock කරන්න, වාහනය lock කරන්න සහ start කරන්න රියදුරාට හැකියාව තියෙනවා. මේ smart key නැති වුවහොත් නැවත key එක ලබා ගන්න ගොඩක් මුදල් වියදම් කරන්න සිදු වෙනවා.

Smart key එකේ battery අඩු වෙලාද කියලා දැන ගන්නේ කොහොමද?

Key එකේ battery අඩු වෙලා තිබුණොත් වාහනය lock වෙන්න පුළුවන්. ඒ නිසා smart key එකේ battery එක අවශ්‍ය වෙලාවට මාරු කිරීම සිදු කළයුතුයි. නවීන වාහනවල smart key එකේ battery අඩු වුණාම වාහනයේ dash board එකෙන් පෙන්නුම් කරනවා. මේ විදිහට dash board එකෙන් පෙන්නුව ගමන් ඔයා key එකේ battery එක දැනුවත් පුද්ගලයෙක්ට කියලා මාරු කරගන්න. මේ battery මාරු කිරීම සිදු කල යුත්තේ key එකට කිසිදු හානියක් සිදු නොවෙන විදිහටයි.

Key එක වාහනයේ ඇතුලේ තියෙනකොට වාහනය lock වුණොත් මොකද කරන්නේ?

සාමාන්‍යයෙන් smart key එකක් වාහනයේ ඇතුලේ තියෙනකොට වාහනය lock වෙන්නේ හරිම අඩුවෙන්. නමුත් වාහනය ඇතුලේ key තියෙනකොට වාහනය lock වුණොත් ඔයාට වාහනයේ door එක unlock කරන්න ක්‍රම කිහිපයක් තියෙනවා.

–  smart key නම් spare key ගෙදර තියෙනවානම් call එකක් ගන්න phone එක ලඟට ගෙනල්ලා unlock buttonකිහිප වතාවක් press කරන්න කියන්න. keys emit කරන්න low hertz sound wave නිසා සමහර වේලාවට හරි frequency එක ඔයාගේ phone speaker එකෙන් emit වුනොත් unlock වෙනවා.

– Shoe එකක lace එකක් අරගෙන lace එකේ තියෙන plastic කූර දොරේ lock එක තුලින් දාලා ඒක දොර අරින තැනින් හොදින් පටලවන්න. ඊට පස්සේ දොර lace එක ආධාරයෙන් වේගයෙන් අදින්න.

– මේ ක්‍රම වලට අමතරව ස්කුරුප්පු නියනක් භාවිතයෙනුත් දොර අරගාන්න පුළුවන්. හැබැයි මේ දේ ටිකක් සැළකිල්ලෙන් කරන්න ඕනේ දෙයක්. මොකද නියන මඟින් වාහනයේ අභ්‍යන්තරයට වගේම බාහිරයටත් හානි වෙන්න පුළුවන්. මෙහිදී ඔයා කරන්න ඕනේ lock වුණ අගුලට නියන දාලා පොලු කැබැල්ලකින් අගුල තල්ලු කරන එකයි. මෙහිදී ලේසියෙන්ම දොර අරගන්න පුළුවන්.

වාහනයේ key එකේ තියෙන tag එක මොකද්ද?

වාහනයක key එකේ පොඩි tag එකක් තියෙනවා. සමහර අය මේ tag එක ගැන නිසි අවධානයක් යොමු කරන්නේ නැහැ. ඒ ඔවුන් මේ tag එකේ තියෙන වටිනාකම දන්නා නැහැ. මේ tag එකේ වාහනයේ key එකට අදාළ අංකයක් තියෙනවා. ඔයාගේ වාහනයේ key එක නැති වුණොත් ඔයා ළඟ tag එකේ තියෙන අංකය තියෙනවා නම් ලේසියෙන්ම ඔයාගේ වාහනයට ගැලපෙන key එක ලබා ගන්න පුළුවන්. එහෙම නැති වුණොත් ඔයාට key එක හදා ගන්න ගොඩක් කරදර වෙන්න ඕනේ. ඒ නිසා මේ tag එක පරිස්සම් කරලා තියාගන්න ඔයා වග බලාගන්න ඕනේ.

Key එක නැතිවුණොත් මොකද කරන්නේ?

වාහනයක key එක නැති වුණොත් මුලින්ම කරන්න ඕනේ වාහන සම්බන්ද පුද්ගලයෙක්ට දැනුම් දෙන එකයි මොකද spare key ගෙදර හරි finance තියෙන වාහනයක් නම් finance company එකේ spare key තියෙන්න පුලුවන්. එතකොට ලේසියෙන්ම අරගන්න පුලුවන්. නැතිනම් locksmith කෙනෙක්ට දැනුම්දෙන්න. මෙහිදී ඔවුන් තාක්ෂණික ක්‍රම භාවිතා කරලා වාහනයට කිසිදු හානියක් නොවෙන පරිදි වාහනයේ දොර අරිනවා. හැබැයි ඔයාගේ වාහනයේ key එක නැති වුණොත් වාහන සම්බන්ද දැනුමක් නැති අයට මේ දේ සිදු කරන්න දෙන්න එපා. එහෙම වුණොත් වාහනයට හානි සිදු වෙන්න පුළුවන්. පසුව ඔවුන් අලුත් key එකක් සකස් කරලා දෙනවා. ඒ වගේම ඔයා මතක් කරලා පරණ key එකට වාහනය ක්‍රියාත්මක වෙන්නේ නැතිවෙන්න සකස් කරගන්න.
වාහන key වර්ග

– Transponder key

Transponder key චිප් යතුරු ලෙසත් හදුන්වනවා. Transponder key කියන්නේ ඇතුළත සකස් කර තියෙන සංඥා විමෝචක පරිපථ සහිත වාහනවල තියෙන key වලටයි. Transponder key ආකාර දෙකකින් වාහන සොරකම් වලින් සාර්ථකව ආරක්ෂා කරනවා. ඒ වගේම මේ transponder key නවීන මෝටර් රථ සඳාහා ජනප්‍රිය වී තියෙනවා.

– Internal cut key

Internal cut key වල තලයේ, මුහුණතෙහි මැද කොටස නියත ගැඹුරකින් කපා තියෙනවා. මේ key සකස් කරන්න ඕනේ ඒවා සඳහා සකස් කරලා තියෙන විශේෂ යතුරු කැපුම් යන්ත්‍ර වලින්.

මේ තමයි වාහනයේ key එක ගැන ඔයා දැනගන්න ඕනේ දේවල්. ඉතින් අපි කියපු දේවල් වලින් ඔයාට දැන් වාහනයේ key එක ගැන හොද දැනුමක් ලැබෙන්න ඇති.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Axio WXB 2017 for Sale

Toyota Axio WXB 2017

90,000 km, Colombo
MEMBER
Rs 13,800,000
1 week ago
Kia Sportage Diesel 2012 for Sale

Kia Sportage Diesel 2012

175,000 km, Colombo
MEMBER
Rs 9,850,000
1 month ago
Toyota Vitz 2008 for Sale

Toyota Vitz 2008

117,600 km, Ampara
MEMBER
Rs 6,100,000
8 minutes ago
Perodua Axia G Grade Full Option 2016 for Sale

Perodua Axia G Grade Full Option 2016

51,000 km, Colombo
MEMBER
Rs 6,000,000
9 minutes ago
Suzuki Wagon R Stingray 2017 for Sale

Suzuki Wagon R Stingray 2017

88,500 km, Colombo
MEMBER
Rs 7,350,000
14 minutes ago
Auto Parts for saleikman logo
Toyota 0w20 engine oil 4l for Sale

Toyota 0w20 engine oil 4l

verified MEMBER
verified
Rs 13,900
3 days ago
Aqua Headlight Lens Cover for Sale

Aqua Headlight Lens Cover

verified MEMBER
Rs 18,000
1 hour ago
Honda Spark Plugs for Sale

Honda Spark Plugs

verified MEMBER
verified
Rs 8,500
3 hours ago
Toyota Genuine Japanese PCV Valve for Sale

Toyota Genuine Japanese PCV Valve

verified MEMBER
verified
Rs 6,000
3 hours ago
+ Post an ad on ikman