කවුරුත් නොකියන vehicle insurance රහස්

18 Dec, 2023   
කවුරුත් නොකියන vehicle insurance රහස්

ඔබේ වාහනය රක්ෂණය කරලාද? එහෙම නැත්නම් ඉක්මනටම රක්ෂණය කර ගන්න. මොකද වාහනයක් නීත්‍යානුකූලව drive කරන්න නම්, අනිවාර්යයෙන්ම රක්ෂණය කරලා තියෙන්න ඕනේ. හැබැයි ඉතින් ගහෙන් ගෙඩි එන්න වගේ වාහනයක් රක්ෂණය කරන්න බැහැ. එතනදි ඔබ දැන ගන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. ඒත් ඒ දේවල් වල හරිම විස්තරයක් කවුරුත් ලේසියෙන් කියන්නේ නැහැ. හැබැයි CarsGuide අපි, කවුරුත් නොකියන vehicle insurance රහස් අද ඔබට හෙළි කරනවා.

මෝටර් වාහන රක්ෂණයක් සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතු කරුණු

රක්ෂණ අයිතිය

ඔබ register කරපු වාහනයක් හරි register නොකරපු වාහනයක් හරි ලබා ගත්තා නම්, ඉක්මනටම වාහනයේ අයිතිය ඔබේ නමට පවරා ගන්න ඕනේ. ඒ වගේම ඔබේ නමින් රක්ෂණයක් ලබා ගන්න ඕනේ. ඒ කියන්නේ, මේ විදිහට රක්ෂණ අයිතියක් නැති වාහන වලට රක්ෂණයක් ලබා ගන්න බැහැ.

වාහනයේ market value එක

වාහනය රක්ෂණය කරනකොට, market value එකට වැඩියෙන් රක්ෂණය කළා කියලා, ඔබට අමුතුවෙන් වාසියක් ලැබෙන්නේ නැහැ. හදිස්සියේ හරි අනතුරක් වුණත් වන්දිය විදිහට ලැබෙන්නේ, market value එකම තමයි. එහෙමයි කියලා ඔබ market value එකට වඩා අඩුවෙන් රක්ෂණය කළොත් වාහනයට අලාභ හානියක් වුණාම, market value එකට වඩා අඩු වන්දි මුදලක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම, වාහනයට පූර්ණ හානියක් සිදු වුණත් ඔබට ලැබෙන්නේ, ඔබ රක්ෂණය කරපු market value එක විතරයි. ඒ නිසා, නියමිත market value එකට වාහනය රක්ෂණය කරන්න ඔබ වග බලා ගන්න ඕනේ.

ගැළපෙන රක්ෂණාවරණය

ඔබ වාහනය රක්ෂණය කරන්නේ, පුද්ගලික පරිහරණයට, කුලී පදනම මත දෙන්න, රියදුරු පුහුණුව සඳහා දෙන්න එහෙමත් නැත්නම් භාණ්ඩ හෝ මඟී ප්‍රවාහනයට වෙන්න පුළුවන්. ඒ අදාළ ආවරණයට තමයි ඔබ වාහනය රක්ෂණය කරන්න ඕනේ. හිතන්නකෝ, වාහනය පුද්ගලික පරිහරණයට කියලා රක්ෂණය කරගෙන, කුලී පදනම මත ලබා දීලා, හදිස්සියේ හරි අනතුරක් වුණා කියලා. එතකොට ඔබේ වන්දි හිමිකම reject වෙන්න ඉඩ තියෙනවා.

මෝටර් වාහන රක්ෂණයකදී කළ යුතු දේ

ලියාපදිංචි රක්ෂණ සමාගමක් තෝරාගැනීම

ලියාපදිංචි රක්ෂණ සමාගමකින් හෝ ලියාපදිංචි රක්ෂණ තැරව්කාරයෙකුගෙන් හෝ බලයලත් රක්ෂණ අලෙවි නියෝජිතයෙකුගෙන් රක්ෂණය ලබා ගන්න වග බලා ගන්න ඕනේ.

යෝජනා පත්‍රයට සත්‍ය තොරතුරු ඇතුළත් කිරීම

රක්ෂණය ලබා ගන්න ගියාම ඔබට ලැබෙනවා යෝජනා පත්‍රයක්. ඒ යෝජනා පත්‍රය ඔබ විසින්ම පුරවන්න ඕනේ. ඒ වගේම යෝජනා පත්‍රයට ඇතුළත් කරන්න ඕනේ සත්‍ය කරුණුම විතරයි. වැදගත්ම දේ තමයි, මේ fill කරපු යෝජනා පත්‍රයේ copy එකක් අනිවාර්යයෙන්ම ඔබ ළඟ තියා ගන්න එක.

රක්ෂණ ඔප්පුව හොඳින් කියවීම

ආවරණය කරපු දේවල් සහ ආවරණය නොකරපු දේවල් රක්ෂණ ඔප්පුවට ඇතුළත් කරන්න ඕනේ. ඒ වගේම රක්ෂණ ඔප්පුවට අත්සන් කරනකොට, ඒක හොඳින් කියවන්න. මතක ඇතුව රක්ෂණ ඔප්පුවේ copy එකක් ළඟ තියාගන්න.

මෝටර් වාහන රක්ෂණයකදී නොකළ යුතු දේ

වෙනත් කෙනෙක් ලවා යෝජනා පත්‍රය පිරවීම

හදිස්සියේවත් යෝජනා පත්‍රය වෙනත් කෙනෙක්ට පුරවන්න දෙන්න එපා. මේක වාහනයක් රක්ෂණය කරනකොට, ගොඩක් වැදගත් වෙන දෙයක්.

යෝජනා පත්‍රයට වැරදි තොරතුරු ඇතුළත් කිරීම

වැරදිලාවත් නොකළ යුතු දෙයක් තමයි, යෝජනා පත්‍රයට වැරදි තොරතුරු ඇතුළත් කරන එක. අනිත් දේ තමයි ඔබට අදාළ නොවන දෙයක් පුරවන්න තියෙනවා නම්, එතන අදාළ නොවේ කියලා සඳහන් කරන්න ඕනේ.

මෝටර් වාහන රක්ෂණයෙන් ආවරණය වෙන්නේ මොන වගේ හානිද?

වාහනයේ පිපිරීමක්, වාහනයේ අමතර කොටස් ගලවා ගැනීමක්, ඇතුළතින් සිදු වන පිපිරීමක්, අකුණු සැර වැදීමක් හෝ වාහනයේ කොටස් සොරකම් කර ගැනීමක් වගේ දේවල් තමයි පූර්ණ ලෙස ආවරණය වෙන්නේ. මීට අමතරව, අමතර වාරිකයක් ගෙවලා, කැරලි කෝලාහල ආවරණය, ත්‍රස්තවාදී ආවරණය, ජල ගැලීම් සහ වාහනය ඇදගෙන යාමේ ගාස්තු වගේ දේවල් ආවරණය කර ගන්න පුළුවන්.

මෝටර් වාහන රක්ෂණයකින් ආවරණය නොවන හානි මොනවද?

වලංගු driving license එකක් නැතුව වාහනය drive කරලා හදිසි අනතුරක් වුණොත් ඒ හානිය මෝටර් වාහන රක්ෂණයකින් ආවරණය වෙන්නේ නැහැ. ඒ වගේම drinks අරගෙන drive කිරීමෙන් සිදු වෙන අනතුරු සහ නීති විරෝධී ක්‍රියාවකට වාහනය යොදවලා සිදු වෙන අනතුරු මේ මඟින් ආවරණය වෙන්නේ නැහැ. ඊට අමතරව වාහනයේ technical issues, කොටස් ගෙවී යාම් වගේ හානි ආවරණය වෙන්නෙත් නැහැ.

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව වෙත පැමිණිලි යොමු කරන්නේ කොහොමද?

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ website එකට log වෙලා ඔබට අවශ්‍ය වැඩි විස්තර ලබා ගන්න පුළුවන්. රක්ෂණ සමාගමෙන් ඔබට යම් වංචාවක් සිදු වුණොත්, කරන්න ඕන දේවල් ගැන දැන ගන්න මේ website එකට යන්න.

අපි අද ඔබට හෙළි කරපු රහස් වලින් සමහර දේවල් ඔබ මීට කලිනුත් දැනං ඉන්න ඇති. ඒ වගේම තවත් සමහර දේවල් දැනගෙන හිටියේ නැතුව ඇති. ඒ කොහොම වුණත්, අද Article එකෙන් කවුරුත් ඔබට නොකියන vehicle insurance රහස් ගැන දැන ගන්න ලැබුණ නිසා, රැවටෙන්නේ නැතුව, අමාරුවේ වැටෙන්නේ නැතුව, වාහනය insurance කර ගන්න පුළුවන්.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
BMW X1 M Sport 2018 for Sale

BMW X1 M Sport 2018

114,000 km, Colombo
MEMBER
Rs 19,500,000
15 hours ago
Suzuki Wagon R Stingray Safety 2018 for Sale

Suzuki Wagon R Stingray Safety 2018

70,000 km, Colombo
verified MEMBER
Rs 7,990,000
25 minutes ago
Honda Vezel Z 2025 for Sale

Honda Vezel Z 2025

0 km, Colombo
verified MEMBER
Rs 22,000,000
25 minutes ago
Honda City RS Turbo 2025 for Sale

Honda City RS Turbo 2025

0 km, Colombo
verified MEMBER
Rs 15,200,000
25 minutes ago
Toyota CHR NGX 10 2019 for Sale

Toyota CHR NGX 10 2019

56,810 km, Gampaha
MEMBER
Rs 16,000,000
1 hour ago
Auto Parts for saleikman logo
Wagon R Fx Taillight for Sale

Wagon R Fx Taillight

verified MEMBER
Rs 32,000
1 hour ago
Hustler Mr31 Dickey for Sale

Hustler Mr31 Dickey

verified MEMBER
Rs 70,000
1 hour ago
Mira LA350 Dickey for Sale

Mira LA350 Dickey

verified MEMBER
Rs 55,000
1 hour ago
Green 2 Oil Suzuki Wagon R for Sale

Green 2 Oil Suzuki Wagon R

verified MEMBER
Rs 33,000
1 hour ago
+ Post an ad on ikman