Drive කරන්න හොඳම Driving Modes මොනවද?

20 Jun, 2023   
Drive කරන්න හොඳම Driving Modes මොනවද?

Driving modes වාහන වර්ගයත් සමඟ වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව තුළ driving modes වර්ග 4ක් දැකගන්න පුලුවන්.  CarsGuide තුළින් අපි ඔබව දැනුවත් කරන්නේ drive කරන්න හොඳම driving modes මොනවද කියලා.

Normal Mode

Normal mode කියන්නේ වාහනයක තියෙන මූලික එහෙමත් නැත්නම් basic program එක. මෙය ඉන්ධන දහන ක්‍රියාවලිය ආශ්‍රිතව factory එකෙන් අපිට ලබා දීලා තිබෙන basic program එක normal mode කියල හඳුන්වන්න පුලුවන්. කඳු බෑවුම් නැති සාමාන්‍ය මාර්ගයක සාමාන්‍ය බලයක් යටතේ ගමන් කරනකොට අපිට normal mode එකේ ධාවනය කරන්න පුලුවන්.

Eco Mode

Eco Driving Mode

යම් යම් ධාවන අවශ්‍යතා මත normal mode එක අපිට eco mode එකක් දක්වා වෙනස් කරගන්න පුලුවන්. මෙම mode එක economy එක හා සම්බන්ධ වෙනවා. එම නිසා ඉන්ධන කාර්යක්ෂමතාවය තබා ගැනීම සඳහා basic program එක යම් ප්‍රමාණයකට වෙනස් වීම මෙහිදී සිදු වෙනවා. එවිට මෙහිදී ලැබෙන power ප්‍රමණය අඩු වීමක් සිදු වෙනවා.මෝටර් රථයක් eco mode එකේ ධාවනය වෙනවා නම් engine, break සහ AC යන පද්ධති වල ක්‍රියාකාරිත්වය යම් ප්‍රමාණයකට පාලනය වීම සිදු වෙනවා.විශේෂයෙන් වැසි සහිත දවසක නම් වාතයේ අර්ද්‍රතාවයත් සමඟ ඉන්ධන දහනය වැඩි වෙනවා. එවැනි අවස්තාවක ඔබට පුලුවන් eco mode එක භාවිතා කරන්න.

Power Mode

Power mode එකෙන් අදහස් වන්නේ බලය පිළිබඳවයි. වැඩිපුර බලය ලබා ගැනීමේදී Eco mode එක අඩු වීම සිදු වෙනවා. එහිදී අපිට ඉන්ධන වලින් ලබා ගත හැකි ප්‍රතිලාභය අඩු වීම සිදු වෙනවා.විශේෂයෙන්ම Highway එක්ක ගමන් කිරීමේදී, වාහනයක් overtake කරන අවස්ථාවකදී අපිට පුලුවන් Power Mode එක භාවිතා කරන්න. මොකද මෙවැනි අවස්ථා වලිදී අපිට අවශ්‍ය බලය වැඩි වෙනවා. එතකොට අපිට ගැළපෙනම driving mode එක තමයි power mode එක.

EV Drive Mode

EV Driving Mode

මෙම EV Drive Mode එක දැකගන්න පුලුවන් hybrid වාහන වල විතරයි.
මෙම Drive Modes අවස්තාව සහ රියදුරුගේ අවශ්‍යතාවය මත වෙනස් කරගන්න පුලුවන්. ඉතින් ඒ නිසා ඔයත් වාහනයක් drive කරනකොට මේ දේවල් මතක තියාගෙන අවශ්‍යතාවය අනුව Drive Mode එක වෙනස් කරන්න කල්පනාකාරී වෙන්න.

ලෝකයේ පවතින විවිධ Drive Modes

Normal mode – සාමාන්‍ය ධාවන තත්වය

Eco mode – වඩාත්ම ඉන්ධන කාර්යක්ෂමතාවයක් සහිතයි

Comfort mode – මෝටර් රථය හැකි තරම් සුවපහසු කරයි

Sport mode – මෝටර් රථය වඩාත් ආක්‍රමණශීලී පසුබිමක තබයි

Sport Plus mode – ක්‍රීඩා මාදිලියක්

Track mode – ධාවන පථ සඳහා මෝටර් රථය වඩාත් ආක්‍රමණශීලී ලෙස සකසයි

Dynamic mode – ක්‍රීඩා මාදිලිය සඳහා තවත් නමකි

Terrain mode – off-road SUV වල භාවිතා වෙයි

Similar Advices



1 comment

Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Nissan Qashqai Tekna Fully Loaded 2019 for Sale

Nissan Qashqai Tekna Fully Loaded 2019

83,000 km, Colombo
verified MEMBER
Rs 13,800,000
1 week ago
Toyota Axio G Grade 2014 for Sale

Toyota Axio G Grade 2014

199,000 km, Colombo
MEMBER
Rs 9,300,000
1 week ago
BMW 740i M Sport 2015 for Sale

BMW 740i M Sport 2015

85,000 km, Colombo
verified MEMBER
verified
Rs 28,500,000
1 week ago
Toyota Yaris Ativ GR Sport Hybrid 2025 for Sale

Toyota Yaris Ativ GR Sport Hybrid 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 20,500,000
1 minute ago
Toyota Yaris Cross Premium Luxury 2025 for Sale

Toyota Yaris Cross Premium Luxury 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 21,500,000
4 minutes ago
Auto Parts for saleikman logo
Nissan Qashqai Parts for Sale

Nissan Qashqai Parts

verified MEMBER
verified
Rs 325,000
3 weeks ago
Axio 161 Bonnet for Sale

Axio 161 Bonnet

verified MEMBER
verified
Rs 15,000
17 minutes ago
Honda CRV Door Pannel for Sale

Honda CRV Door Pannel

verified MEMBER
verified
Rs 25,000
20 minutes ago
Honda N Wagon Head Light for Sale

Honda N Wagon Head Light

verified MEMBER
verified
Rs 40,000
23 minutes ago
+ Post an ad on ikman