වාහනයක් පදින ඔයා කිසිම දවසක කරන්න හොඳ නැති වැරදි

31 Aug, 2023   
වාහනයක් පදින ඔයා කිසිම දවසක කරන්න හොඳ නැති වැරදි

නිත්‍යානුකූල විදිහට මහා මාර්ගයේ රිය පදවන්න නම් අනිවාර්යයෙන්ම ඔබට රියදුරු බලපත්‍රයක් තියෙන්නම ඕනේ. රියදුරු බලපත්‍රය ලබා ගැනීමේදී ඔබට ලිඛිත පරීක්ෂණයකට වගේම ප්‍රායෝගික පරීක්ෂණයකටත් මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් මේ පරීක්ෂණ වලට සූදානම් වීමේදී ඔබට මාර්ග නීති පිළිබඳව දැනුම ලබා දීම සිදු කරනවා. හැබැයි මහා මාර්ගයට ගියාම නම් ගොඩක් දෙනා මේ මාර්ග නීති පිළිබඳව එතරම් තැකීමක් සිදු නොකරන බව තමයි අපිට පෙනෙන්නට තියෙන්නේ.

මේ හේතුව නිසා මාර්ග අනතුරු පවා සිදු වෙනවා. සියලුම මාර්ග අනතුරු වලින් 99%ක්ම සිදුවන්නේ මිනිසුන්ගේ වැරදි නිසා බව ඔප්පු වෙලා තියෙනවා. අද CarsGuide තුළින් අපි ඔබට කියන්නේ වාහනයක් පදින ඔබ කිසිම දවසක කරන්න හොඳ නැති වැරදි කිහිපයක් ගැන.

Passing/overtaking lanes වල රැඳී සිටීම

සමහර රියදුරන් passing/overtaking lanes වල දිගටම රැදී සිටිමින් වාහන drive කරනවා ඔබ දැකලා ඇති. ඇත්තටම ඒක වැරදි වැඩක්. මෙම රියදුරන්ට passing/overtaking lane එක තියෙන්නේ පසුකර යෑමට සහ overtake කිරීමට බව අමතක වෙනවා. තමන් යම් වාහනයක් overtake කළ පසු අනෙක් රියදුරන්ට ඉඩ දී දකුණු පසට ගමන් කරන්න අමතක කරන්න එපා. ඔබ overtake නොකර එම මංතීරුවේ දිගටම ධාවනය කරන්නේ නම්, ඔබ නීතිය කඩ කරන අතර, රථවාහන අනතුරක් ඇති කිරීමට හේතුවක් වෙන්නත් පුලුවන්.

අනතුරු ඇඟවීමකින් තොරව හදිසියේම නතර කිරීම

කිසිදු පැහැදිලි හේතුවක් නොමැතිව ගමන් කරමින් සිටින අතරතුර brake කිරීම, මාර්ගවල සහ highways වල සිදුවන අනතුරුවලට ප්‍රධානතම හේතුවක්. කලින් සිතා බැලීමකින් හෝ ඇඟවීමකින් තොරව හදිසියේම වාහන නතර කිරීම අනතුරු රැසකට මඟ පාදනවා. ඉතින් ඒ නිසා අනෙක් රියදුරන්ට react කිරීමට සහ adjust කිරීමට කාලය ලබා දෙමින් සෙමින් හා ප්‍රවේශමෙන් වාහනය නවත්වන්න පුරුදු වෙන්න. ඒ වගේම ඔබට පිටුපසින් පැමිණෙන මෝටර් රථ පිළිබඳව සැමවිටම හොඳ අවධානයකින් සිටින්න.

Indicator signs භාවිතා නොකිරීම

මංතීරු වෙනස් කිරීමේදී හෝ හැරවීමේදී indicator භාවිතා කිරීම driving etiquette එකක් විතරක්ම නෙමෙයි. අනෙකුත් මෝටර් රථ රියදුරන්ට අපි ගන්නා ඉදිරි තීරණය ගැන දැනුම් දීම සඳහා තිබෙන ආරක්ෂක අංගයක් විදිහට indicators හඳුන්වන්න පුලුවන්. අප අසලින් හෝ පිටුපසින් සිටින රියදුරන් අප මාර්ගයේ සිදු කරන විට සිදු කරන වෙනස්කම් ගැන නොදන්නා විට, අනතුරු ඇඟවීමකින් තොරව අපගේ ක්‍රියා සඳහා react කරන්න පුලුවන්. මෙය අනතුරු සඳහා ලොකු හේතුවක් වෙනවා. ඉතින්
ඒ නිසා සැම විටම Indicator signs භාවිතා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අදාළ පියවර ගත් පසු indicator signs ක්‍රියාවිරහිත කිරීමට මතක තබා ගන්න.

හැරෙන විට මංතීරු මාරු කිරීම

වංගුවක් හරවන අතරතුර මංතීරු කිහිපයක් තරණය කිරීම කියන්නේ ඉතා අනතුරුදායක රිය පැදවීමේ වරදක්. ඉතින් මේ විදිහට වාහනය හැරවීමට මංතීරු කිහිපයක්ම භාවිතා කරනකොට, වෙනත් මංතීරුවල ගමන් කරන මෝටර් රථ සමඟ ගැටීමට ඉඩ තියෙනවා. ඒ නිසා මුලින්ම ඔබ සිටින මංතීරුවේ හැරවීම සිදු කර, පසුව ඔබේ මංතීරුව වෙනස් කිරීමට පුරුදු වෙන්න.

Brake මත කකුල තබාගෙන රිය පැදවීම

බොහෝ දෙනෙක් සිතන වැරදි දෙයක් තමයි වම් පාදය තිරිංග මත සහ දකුණු පාදය ඇක්සලරේටරය මත තබා ගැනීම ඉතා හොඳ දෙයක් බව. නමුත් මේ පුරුද්ද නම් එතරම් හොඳ දෙයක් නෙමෙයි. එමඟින් ඔබ පසුපස ගමන් කරන අනෙක් රියදුරන්ට කරදරයක් වෙනවා වගේම ඉක්මනින්ම ඔබේ brake paddles ගෙවී යෑමටත් පුලුවන්. ඒ නිසා නිතරම වම් පාදය brake එකෙන් ඉවතට ගෙන drive කරන්න පුරුදු වෙන්න. අවශ්‍ය අවස්ථා වලදී පමණක් කකුල brake එක මත තබන්න.

කහ ඉරි අසල නතර නොවීම

මහා මාර්ග වල වාහන වගේම පදිකයනුත් ගමන් කරන්න ඕනේ. හැබැයි සමහර රියදුරන් හිතන්නේ නම් පාර තියෙන්නේ වාහන වලට යන්න විතරයි කියලා. ඒ නිසා පදිකයෙක් පාර මාරු වෙන්න හිටියත් ඒ ගැන වැඩි තැකීමක් නැතුව වාහනය drive කරන්න පෙළඹෙනවා. මේ වගේ අවස්ථා වලදී පදිකයාට වගේම රියදුරාටත් අනතුරක් සිදු වෙන්න තියෙන ඉඩ වැඩියි. ඉතින් ඒ නිසා ඒ වගේ අවදානමක් ගන්නේ නැතුව කහ ඉරි අසලදී වාහනයේ වේගය අඩු කරන්න පුරුදු වෙන්න.

වැරදි seating position එක

වාහනයක් drive කරනකොට අපි සුවපහසු විදිහට තමයි ඉඳගන්න ඕනේ. හැබැයි එම ඉරියව්ව ඕනෑවට වඩා සැපපහසු වීම එතරම් හොඳ දෙයක් නම් නෙමෙයි. මොකද ඔබගේ වැරදි seating position එක reaction time එකට සහ visibility එකට බාධාවක් වෙන්න පුලුවන්. ඉතින් ඒ නිසා කෙලින් හිඳගෙන අත් දෙකම නිතරම සුක්කානම මත තබා ගැනීමට වගබලා ගන්න ඕනේ.

දුරකථනය භාවිතා කිරීම

වාහනයක් පදවන විට දුරකථන භාවිතා කිරීම හොඳ දෙයක් නෙමෙයි කියලා අපි හැමෝම දන්නවා. හැබැයි ගොඩක් අය හිතනවා hands-free mode එකට දුරකථනය භාවිතා කළාට කමක් නැහැ කියලා. හැබැයි hands-free mode එක භාවිතයේදීත් රිය අනතුරු සිදු වීමේ හැකියාවක් තියෙනවා. මොකද සුක්කානම මත ඔබේ අත් දෙක තිබුණත්, ඔබේ අවධානය සම්පූර්ණයෙන්ම යොමු වෙලා තියෙන්නේ දුරකථන ඇමතුමට. ඒ නිසා hands-free mode එකේදී පවා දුරකථන ඇමතුමක සිටින ගමන් වාහනය පැදවීම රිය අනතුරු වලට හේතුවක් වෙන්න පුලුවන්.

ඉතින් මේ තමයි ඔබ වාහනයක් පදවන විට කිසිම දවසක කරන්න හොඳ නැති දේවල්. ඔබට තේරෙන්න ඇතිනේ ඇත්තටම අද කතා කරපු වැරදි නිසා රිය අනතුරු සිදුවෙන්න පුලුවන් ඉඩ වැඩියි කියලා. ඉතින් ඔබේ ආරක්ෂාවට වගේම, පාරේ ගමන් කරන අනෙක් පුද්ගලයන්ගේ ආරක්ෂාව ගැනත් හිතලා නිසියාකාරව වාහනය පැදවීම ඔබේ වගකීමක් බවට පත් කරගන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Land Rover Range Autobiography LWB 2025 for Sale

Land Rover Range Autobiography LWB 2025

0 km, Colombo
verified MEMBER
Rs 160,000,000
6 days ago
Toyota Prius 3RD GENERATION 2012 for Sale

Toyota Prius 3RD GENERATION 2012

167,000 km, Colombo
verified MEMBER
verified
Rs 8,990,000
36 seconds ago
Nissan AD Wagon 2000 for Sale

Nissan AD Wagon 2000

230,000 km, Kandy
MEMBER
Rs 2,995,000
2 weeks ago
Suzuki Hustler TOUGH WILD Turbo 2024 for Sale

Suzuki Hustler TOUGH WILD Turbo 2024

0 km, Gampaha
verified MEMBER
verified
Rs 8,750,000
3 minutes ago
Toyota Roomy Custom G 2024 for Sale

Toyota Roomy Custom G 2024

5,000 km, Colombo
verified MEMBER
verified
Rs 11,250,000
5 minutes ago
Auto Parts for saleikman logo
Toyota Corolla 121 Headlight for Sale

Toyota Corolla 121 Headlight

verified MEMBER
verified
Rs 22,000
6 minutes ago
Toyota Noah CR41 Cristal Headlight for Sale

Toyota Noah CR41 Cristal Headlight

verified MEMBER
verified
Rs 10,000
6 minutes ago
Mitsubishi Lancer CB8 Headlight for Sale

Mitsubishi Lancer CB8 Headlight

verified MEMBER
verified
Rs 12,000
6 minutes ago
Toyota Land Cruiser 100 2002 Headlight for Sale

Toyota Land Cruiser 100 2002 Headlight

verified MEMBER
verified
Rs 18,000
6 minutes ago
+ Post an ad on ikman