Fuel ඉතුරු කරගෙන වාහනය Drive කරන්නේ මෙහෙමයි

20 Jun, 2023   
Fuel ඉතුරු කරගෙන වාහනය Drive කරන්නේ මෙහෙමයි

ඉන්ධන ඉතුරු කරගෙන වාහනයක් පදින එක හැමෝටම කරන්න බෑ. වාහනේ තත්වෙ අනුව, අපි ගමන් ගන්නා වාහනේ අනුව, වාහනේ බර අනුව වාහනේ දහනය වෙන පෙට්‍රල් ප්‍රමාණය දේ තීරණය වෙනවා. මොන දේ වුණත් අපිට යන ගමන් සීමා කරන්නත් බෑනෙ. ඒත් ඉතින්, Diesel, Petrol අඩුවෙන් වැය වෙන විදියට drive කරන්න ඔබටත් කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. අද අපි CarsGuide තුළින් ඒ ගැන කතා කරමු.

Maintain කරන්න

ඔබේ වාහනය නිසිලෙස maintain කිරීම, ඉන්ධන ඉතිරි කරගන්න උදව් වෙනවා. ඒ නිසා, වාහනයේ රෝද නිසිලෙස aligned කර, air filter එක පිරිසිදු කර High – quality energy conserving oil භාවිතා කරන්න. ඉතින් ඔබේ වාහනයත් maintain කරලා ඉන්ධන ඉතුරු කරගන්න.

අරපිරිමැස්මෙන් AC පාවිච්චි කරන්න

ඔබට කළ හැකි හොඳම ඉන්ධන ඉතිරි කිරීමේ tip එක තමයි, AC අරපිරිමැස්මෙන් භාවිතා කිරීම. මේකෙන් ඉන්ධන පරිභෝජනය, 5% ත් 20% ත් අතර ප්‍රමාණයකින් අඩු කරන්න පුළුවන්. ඒ වගේම ඉන්ධන වාෂ්ප වීම වැළක්වීම සඳහා සෙවණ ඇති තැනක වාහනය park කරන්නත් අමතක කරන්න එපා.

Speed limit එක බලන්න

පැයට සැතපුම් 65 ට වඩා, පැයට සැතපුම් 55 ක වේගයෙන් drive කරන විට, fuel economy එකේ 10% ත් 15% ත් අතර ප්‍රමාණයක වැඩිදියුණුවක් කරනවා.

ටයර් පොම්ප කරන්න

වාහනයේ ටයර් වල pressure එක recommend කරපු level එකේ තියාගන්න. ඒ සඳහා කරන්න ඕනෙ, ටයර් පොම්ප කරලා තියන එක. මොකද අඩුවෙන් පොම්ප කර ඇති ටයර් වලට පාරෙදි, පෙරළීමේ ප්‍රතිරෝධය වැඩියි. මේකෙන් අදහස් කරන්නෙ, ගමන් කරන සෑම කිලෝමීටරයක් සමඟම අඩුවෙන් පොම්ප කර ඇති ටයර්, වැඩි ඝර්ෂණයක් සහ පෙරළීමේ ප්‍රතිරෝධයක් ජනනය කරන අතර ඒ නිසා ඉන්ධන පරිභෝජනය වැඩි කරන බවයි.

Trunk එකට වැඩි බරක් දෙන්න එපා

වාහනයට අධික ලෙස බර පටවා නොමැති විට, වඩා හොඳ සැතපුම් ගාණක් ඔබට drive කරන්න පුළුවන්. මේක පැරණි ඉන්ධන ඉතිරි කිරීමේ trick එකක් වන අතර trunk එකේ අමතර බර ඉන්ධන කාර්යක්ෂමතාව අඩු කරනවා. ඒ නිසා හදිසි අමතර කොටස් වලට අමතරව අනිත් හැම දේමත් trunk එකේ දානකොට දෙපාරක් හිතන්න. මොකද අමතරව වැඩි කරන හැම 50 kg ක්ම ඉන්ධන පරිභෝජනයත් 2% කින් වැඩි කරනවා.

හයියෙන් යන්නත් එපා, හෙමින් යන්නත් එපා

Highway එකේ drive කරනකොට, වාහනයේ එන්ජිම සුළං මඟින් ඇති කරන ප්‍රතිරෝධය ජය ගන්න මහන්සි වෙලා වැඩ කරනවා. 100 km/h ක වේගයෙන් යන විට, 15% ක් සහ 110 km/h ක වේගයෙන් යන විට, 25% ක් ඉන්ධන දහනය කරනවා. මේක ඔබව සෙමින් drive කිරීමටත් පොළඹවනවා. නමුත් ඔබ 50 km/h ට වඩා හෙමින් drive කරනවා නම්, වාහනයේ එන්ජිම අඩු gear එකකට පහත වැටෙනවා. ඒ මඟිනුත් වැඩි ඉන්ධන ප්‍රමාණයක් වැය වෙනවා. ඒ නිසා ප්‍රශස්ත fuel economy එකක් ලබා ගැනීම සඳහා highway එකේ ස්ථාවර වේගය 50 – 90 km/h ක් වෙනවා.

Predictive driving එකට practice වෙන්න

ඉදිරි මාර්ගය දෙස බලලා ඔබේ ඊළඟ step එක plan කරන්න. Red light එකක් වෙත ළඟා වෙනකොට සම්පූර්ණ නැවතුමට brake පාගනවා වෙනුවට, වේගය අඩු කරන්න try කරන්න. ඔබේ වාහනය සම්පූර්ණ නැවතුමකින් ගෙන යාම හෝ කඳු නැගීමේදී දැඩි accelerations එකකට යාමෙන් වළකින්න. මොකද ඔබ එසේ කිරීම, ඉන්ධන පරිභෝජනය වැඩි කරනවා.

මේ හැම tip එකක්ම, වාහනයේ ඉන්ධන ඉතුරු කරගන්න ඔබට උදව් වෙනවා. ඉතින් ඔබ කැමති ගමන යන්න, මතක ඇතුව අපි කියපු විදියට ඉන්ධනත් ඉතුරු කරගන්න try කරන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Land Rover Range Autobiography SWB 2019 for Sale

Land Rover Range Autobiography SWB 2019

61,000 km, Colombo
verified MEMBER
verified
Rs 74,000,000
2 weeks ago
Kia Rio 1500 2000 for Sale

Kia Rio 1500 2000

137,800 km, Gampaha
verified MEMBER
verified
Rs 2,995,000
3 minutes ago
Volvo XC90 2018 for Sale

Volvo XC90 2018

110,000 km, Colombo
MEMBER
Rs 45,000,000
6 days ago
Audi Q7 2017 for Sale

Audi Q7 2017

181,000 km, Galle
MEMBER
Rs 29,500,000
1 week ago
MG ZS 2018 for Sale

MG ZS 2018

89,000 km, Colombo
MEMBER
Rs 8,950,000
5 minutes ago
Auto Parts for saleikman logo
Subaru Legacy B4 2020 Headlight One Side for Sale

Subaru Legacy B4 2020 Headlight One Side

verified MEMBER
verified
Rs 55,000
3 minutes ago
Toyota Voxy Zzr85 Side Skirt for Sale

Toyota Voxy Zzr85 Side Skirt

verified MEMBER
verified
Rs 45,000
3 minutes ago
Toyota Landruiser 150 Prado Side Skirt White for Sale

Toyota Landruiser 150 Prado Side Skirt White

verified MEMBER
verified
Rs 80,000
3 minutes ago
+ Post an ad on ikman