රජය වාහන ආනයන (import) සීමා ඉවත් කිරීමට අදහස් කරයි

13 Jun, 2023   
රජය වාහන ආනයන (import) සීමා  ඉවත් කිරීමට අදහස් කරයි

බදු එකතු කිරීම ඉහළ නැංවීම සඳහා රජය වාහන ආනයනය යළි ආරම්භ කිරීමට ඉදිරියේදී අදහස් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළා.

ඔහු අවධාරණය කළේ මෝටර් රථ ආනයනය සඳහා වන සියලුම ගෙවීම් අදාළ ආනයනය සිදුවන රට තුළදීම අවසන් කළ හැකි ක්‍රමවේදයක් සකස් කිරීමට ආදාළ යෝජනාවක් ඉදිරිපත් කරන බවයි.

බදු ලැබීම් වැඩි කිරීම සහ විනිමය සුරක්ෂිත කිරීම පිළිබඳ වාර්තාවක් මේ වන විට සකස් කරමින් පවතින බවත්, ඊට අදාළ යෝජනාව ඇතුළත් කිරීමට සූදානම් බවත් අමාත්‍යවරයා පවසනවා.

වාහන 600කට අධික ප්‍රමාණයක් සහ තවත් භාණ්ඩ රැසක් විවිධ නීතිමය ක්‍රියාපටිපාටීන් අනුගමනය කරමින් රේගුව විසින් රඳවාගෙන තිබෙන බවත් ඉදිරියේදී විවිධ නීතිමය ගැටළු හේතුවෙන් රේගුව තුළ පවතින භාණ්ඩ අධිකරණ කටයුතු අතරතුර ඇප මත මුදා හැරීමට හැකි වන පරිදි රේගු ආඥාපනත වෙනස් කරන බවද ඔහු සඳහන් කළා.

2015 සිට 2020 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට වාහන මිලියන 2.49කට (2,498,714) ආනයනය කර තිබෙනවා. රටවල් 68කින් සමාගම් 100ක් යටතේ මෙම ආනයනය කර ඇති අතර, මෙම කාලය තුළ ආනයනය කරන ලද වාහනවල වටිනාකම රු. බිලියන 1331.51 ක් වූ අතර වසර පහ තුළ රජය විසින් රැස් කරන ලද බදු ආදායම රු. බිලියන 991.12 ක් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Audi A3 2023 for Sale

Audi A3 2023

29,000 km, Colombo
MEMBER
Rs 25,500,000
1 month ago
Honda Grace EX Limited Edition 2017 for Sale

Honda Grace EX Limited Edition 2017

86,000 km, Colombo
verified MEMBER
verified
Rs 11,490,000
38 seconds ago
Toyota Premio 2017 G Superior for Sale

Toyota Premio 2017 G Superior

117,000 km, Colombo
MEMBER
Rs 15,975,000
6 days ago
Mitsubishi Montero 2005 for Sale

Mitsubishi Montero 2005

162,000 km, Kandy
verified MEMBER
Rs 15,250,000
9 minutes ago
Suzuki Spacia XS CUSTOM 2023 for Sale

Suzuki Spacia XS CUSTOM 2023

10 km, Colombo
verified MEMBER
Rs 10,875,000
3 weeks ago
Auto Parts for saleikman logo
+ Post an ad on ikman