Leasing වාහනයක් මිලදී ගැනීමට පෙර සැලකිලිමත් විය යුතු කරුණු

02 Jun, 2023   
Leasing වාහනයක් මිලදී ගැනීමට පෙර සැලකිලිමත් විය යුතු කරුණු

තමන්ගේම කියලා වාහනයක් මිලට ගන්න එක ගොඩක් දෙනෙක්ගේ තියෙන හීනයක්. ඉතින් තමන්ගේ වාහන හීනය සැබෑ කරගන්නකොට සමහර විට brand new වාහනයක් ගන්න බැරි වෙන්න පුලුවන්. ඒකට විසඳුමක් විදියට කවුරු හරි කෙනෙක් use කරපු second hand වාහනයක් මිලට ගන්න පුලුවන්. ඒ නිසාම  CarsGuide තුළින් අපි ඔයාට කියන්නේ Leasing ඇති වාහනයක් මිලදී ගැනීමට පෙර සැලකිලිමත් විය යුතු කරුණු ගැන.

සසඳා බලන්න

මුලින්ම ඔයා බලන්න ඕනේ වාහනයේ දැනට පවතින ලීසිං පහසුකම වාහනය විකුණන පුද්ගලයාගේ නමට තියෙනවද කියලා. ඒ විතරක් නෙමෙයි විකුණුම්කරුගේ ජාතික හැදුනුම්පත, වාහනයේ ලියාපදිංචි සහතිකයේ පිටපත සහ ලීසිං සමාගමෙන් සහතික කරන ලද පිටපතක් සමඟ සසඳා බලන්නත් අමතක කරන්න එපා.

ලිඛිත සටහන්

ලීසිං ඇති වාහනයක් මිලදී ගන්නකොට අනිවාර්යෙන්ම ඔයා කරන්න ඕනේ දෙයක් තමයි ලීසිං සමාගම මඟින් හෝ විකිණුම්කරුගෙන් වාහනයේ ඉදිරියට පවතින ලීසිං වාරික පිළිබඳව විස්ත්‍ර ලබා ගැනීම. මෙතනදී ඔයා මේ විස්තර ගන්න ඕනේ ලිඛිතව.ඒ වගේම MTA6 ලිපිය අත්සන් කරගෙන විකුණුම්කරුගේ ජාතික හැඳුනුම්පතේ photocopy එකකුත් ගන්න. ඊට පස්සේ දෙදෙනා අතරේ හුමවරු වුණ මුදල් ගැන සම්පූර්ණ විස්තරයක් ඇතුළත් කරලා ලිපියක් ලබා ගන්න එකත් අනිවාර්යෙන්ම කරන්න ඕනේ.

නීතියට වැඩ

ගැණුම් පාර්ශ්වය සහ විකුණුම් පාර්ශ්වය යන දෙපාර්ශ්වයම රජයේ නීතීඥවරයෙක් හෝ සාම විනිසුරුවරයෙක් ඉදිරියේ ඇටෝර්නි බලපත්‍රයක් ලියාපදිංචි කරගන්න එක වඩාත් සුදුසුයි. මෙහිදී දෙපාර්ශවය විසින් සියලුම ගණුදෙනු කරුණු සහ වාහනය පිළිබඳව සියලුම විස්තර සඳහන් කර ලිපිය සකසා ගැනීම අනිවාර්ය වන අතරම දෙපාර්ශවය විසින්ම බලපත්‍ර වල පිටපත් ලබා ගැනීමත් අනිවාර්යයි.

ඒ වගේම ලීසිං සහිත වාහනයේ ලීසිං ආයතනය දැනුවත් කිරීමද සිදු කළ යුතු අතර එහිදී ගැණුම්පාර්ශවයේ විස්තර, විකුණුම් පාර්ශවය විසින් ආයතනය සඳහා ලබා දෙන්න ඕනේ.
මේ විදියට Leasing ඇති වාහනයක් මිලදී ගැනීමේදී වඩා වැදගත් වෙන්නේ විකුණුම් පාර්ශවය හා ගැණුම් පාර්ශවය අතර තියෙන විශ්වාසයයි. ඒ වගේම සියලු ගනුදෙනු ඉතා පිළිවෙලට සහ නීතියට අනුව සිදු කරන්නත් වගබලාගන්න ඕනේ.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Corolla 2008 for Sale

Toyota Corolla 2008

166,000 km, Colombo
MEMBER
Rs 7,390,000
3 weeks ago
Suzuki Ertiga 07 Seater 2018 for Sale

Suzuki Ertiga 07 Seater 2018

174,000 km, Colombo
verified MEMBER
Rs 6,875,000
2 days ago
Honda Fit 2015 for Sale

Honda Fit 2015

150,000 km, Colombo
MEMBER
Rs 8,850,000
2 weeks ago
Nissan X-Trail Hybrid 2015 for Sale

Nissan X-Trail Hybrid 2015

106,000 km, Colombo
MEMBER
Rs 10,700,000
1 week ago
Toyota Belta 2010 for Sale

Toyota Belta 2010

173,700 km, Colombo
MEMBER
Rs 7,000,000
3 weeks ago
Auto Parts for saleikman logo
All vehicle Shock Absorbers for Sale

All vehicle Shock Absorbers

verified MEMBER
Rs 8,590
3 days ago
Honda Vezel 2023-25 Door Visors for Sale

Honda Vezel 2023-25 Door Visors

verified MEMBER
verified
Rs 9,000
2 weeks ago
Shock Absorbers for Sale

Shock Absorbers

verified MEMBER
Rs 9,499
3 days ago
+ Post an ad on ikman