වාහන ආනයනය ගැන මහ බැංකුවෙන් සුබ ආරංචියක්

30 May, 2024   
වාහන ආනයනය ගැන මහ බැංකුවෙන් සුබ ආරංචියක්

වාහන ආනයනය සඳහා අවසර ලබා දීම රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් බවත්, දැනට පවතින වාහන ආනයන සීමා ලිහිල් කිරීමේ දී ඒ සඳහා අවශ්‍ය විදේශ විනිමය කළමනාකරණය කිරීමේ හැකියාව මහ බැංකුව සතුව පවතින බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ රජය මේ වන විට වාහන ආනයන සීමා ක්‍රමානුකූලව ලිහිල් කර ඇති බවත්, එහිදී සංචාරක ව්‍යාපාරය, වානිජ කටයුතු වැනි අවශ්‍යතාවයන් වෙනුවෙන් වාහන ආනයනය සඳහා ඉඩ ලබා දී ඇති බවත්ය.

වාහන ආනයනය සඳහා වන අවසරය නිසි ක්‍රමවේදයකට ඉදිරියේදී ක්‍රම ක්‍රමයෙන් ලිහිල් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයාද පසුගියදා අදහස් පල කර තිබුණා.

ඒ අනුව වාහන ආනයන සීමාවන් පනවා තිබුණද පසුගිය කාල සීමාව තුලදී සීමිත ඇණවුම් යටතේ සංචාරක, මගී, භාණ්ඩ ප්‍රවාහන, ගිලන් රථ යන වාහන කාණ්ඩ මෙන්ම විදෙස් ශ්‍රමිකයින්ට ඔවුන් විසින් මෙරටට එවන ලද විදෙස් මුදල් ප්‍රමාණයට අනුව විද්‍යුත් වාහන ආනයනය කිරීමට රජය විසින් අවසර ලබා දී තිබුණා.

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත පහත වැටීම සහ කොවිඩ් වසංගතය නිසා ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් තමයි 2020 වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රථවාහන සහ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම අත්හිටුවීමට තීරණය කළේ.

Similar News


2 comments

Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Land Rover Range Sport 2011 for Sale

Land Rover Range Sport 2011

105,000 km, Gampaha
MEMBER
Rs 27,500,000
3 weeks ago
Peugeot 5008 Allure 2019 for Sale

Peugeot 5008 Allure 2019

69,000 km, Kurunegala
MEMBER
Rs 21,200,000
2 weeks ago
Honda Vezel z grade 2025 for Sale

Honda Vezel z grade 2025

0 km, Kalutara
verified MEMBER
Rs 21,950,000
8 minutes ago
Land Rover Range Vogue 2011 for Sale

Land Rover Range Vogue 2011

79,000 km, Colombo
MEMBER
Rs 35,050,000
1 month ago
Kia Sorento 2012 for Sale

Kia Sorento 2012

83,000 km, Colombo
verified MEMBER
verified
Rs 14,950,000
3 days ago
Auto Parts for saleikman logo
Recovery Boards for Sale

Recovery Boards

verified MEMBER
verified
Rs 37,500
9 minutes ago
Wagon R Stingray Head Light for Sale

Wagon R Stingray Head Light

MEMBER
Rs 85,000
56 minutes ago
Civic Head Light Bracket for Sale

Civic Head Light Bracket

verified MEMBER
verified
Rs 8,000
1 hour ago
+ Post an ad on ikman