ජීවිතය බේරන child lock ගැන දැනගමු

16 May, 2024   
ජීවිතය බේරන child lock ගැන දැනගමු

අපි වාහනයක් ගන්නේ අපේ වැඩකටයුතු පහසු කරගන්න. හැබැයි මෙතනදී පහසුව වගේම ආරක්ෂාව ගැනත් අපි හිතන්නම ඕනේ. අද වෙනකොට කාන්තා පිරිමි භේදයක් නැතුව හැමෝම වාහන drive කරනවා. ඉතින් ගොඩක් අවස්ථා වලදී වැඩිහිටියන් car එකේ ඉස්සරහ යනකොට, පොඩි ළමයි තනියම වාහනයේ පිටුපස තමයි ගමන් කරන්නේ. සමහර අවස්ථා වලදී මේක ගොඩක් අනතුරුදායක වෙන්න පුළුවන්. ඒ නිසාම තමයි වාහන වලට child lock කියලා system එකක් ඇවිත් තියෙන්නේ. මේක ගැන දැනුවත් වුණත් ගොඩක් දෙනා මේ ගැන ලොකු අවධානයක් දෙන්නේ නැහැ. ඉතින් CarsGuide අපි හිතුවා ජීවිතය බේරන child lock ගැන ඔබව දැනුවත් කරන්න.

Child lock කියන්නේ මොකක්ද?

ඔබ අලුත උපන් දරුවෙකු රැකබලා ගන්නා දෙමාපියන් නම්, ඔබට තවමත් ඔබේ මෝටර් රථයේ child lock එක භාවිත කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඔබේ දරුවා ටිකෙන් ටික වයසින් වැඩෙන විට child lock එකේ අවශ්‍යතාවය හොඳින් දැනෙන්න පටන් ගන්නවා.
මොකද කුඩා ළමුන් හරිම ක්‍රියාශීලියි. විශේෂයෙන් ඔවුන් මෝටර් රථයක වාඩි වී සිටින විට, අවට වටපිටාව ගවේෂණය කිරීමට ලොකු කැමැත්තක් දක්වනවා. ඒ වගේම පුංචි ළමයි හැම දෙයක්ම ස්පර්ශ කරලා බලන්න කැමතියි.

ඒ වගේ අවස්ථාවක වාහනයේ දොර වැරදීමකින් විවිර වුණොත් ලොකු අනතුරක් සිදු වෙන්න පුළුවන්. ඒ අනතුරු වළක්වන්න තමයි child lock තියෙන්නේ.
මේ child lock සක්‍රිය කර ඇති විට, පසුපස ආසන මගීන්ට ඇතුළත සිට දොරවල් විවෘත කිරීමේ හැකියාවක් නැහැ.

මෝටර් රථවල child lock එක වැඩ කරන්නේ කොහොමද?

Child lock එක සක්‍රිය කරන ආකාරය ඔබේ මෝටර් රථයේ නිෂ්පාදනය සහ ආකෘතිය අනුව තරමක් වෙනස් වෙනවා. නමුත් සාමාන්‍යයෙන්, එය වාහනයේ පසුපස දොරවල් විවෘත කර දොරේ edge එකේ පොඩි switch එකක් විදිහට අපිට බලාගන්න පුළුවන්. ගොඩක් models වල මේ lock එක switch එකකින් operate කරන්න පුළුවන් වුණත් සමහර models වල විතරක් මේකට යතුරක් අවශ්‍ය වෙනවා.

අලුත්ම වාහන models වල child lock එක ඉලෙක්ට්‍රොනිකව සක්‍රිය කරන්න පුළුවන්. මෙම switch එක door control එකේ, dashboard එකේ හෝ steering wheel එකේ තියෙන්න පුළුවන්. ඔබේ මෝටර් රථයේ child lock එක activate කරන්නේ කොහොමද කියලා හරියටම දැනගන්න owners manual එකෙන් පුළුවන්.

Child lock භාවිතා නොකිරීම නීති විරෝධීද?

තවමත් මේ වන විට මෝටර් රථවල child lock දැමීම සම්බන්ධයෙන් නීති නොමැත.
මෝටර් රථවල child lock තිබීම අනිවාර්ය බවවත්, ඒවා භාවිතා කළ යුතු යැයි නීතියෙන් සඳහන් කර නැහැ. නමුත් දරුවාගේ ආරක්ෂාවට සහ නිදහස් මනසින් වාහනය drive කිරීමට ඔබට child look එක ගොඩක් ප්‍රයෝජනවත් වේවි.

ඉතින් මේක තමයි child lock එකේ කතාව. ඔබටත් කුඩා දරුවෙක් ඉන්නවද? දරුවාව මින් පසු තනිවම car එකේ පිටුපස අසුනේ රැගෙන යනවා නම් child lock එක භාවිතා කරන්න අමතක කරන්න එපා. ඒක ඔබට වගේම දරුවාගේ ආරක්ෂාවටත් හොඳ දෙයක්.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Honda CRV 2018 for Sale

Honda CRV 2018

65,800 km, Colombo
MEMBER
Rs 18,000,000
4 days ago
Suzuki Wagon R FX 2017 for Sale

Suzuki Wagon R FX 2017

93,000 km, Colombo
MEMBER
Rs 6,900,000
2 weeks ago
Kia Sorento Face Lift Model 2014 for Sale

Kia Sorento Face Lift Model 2014

112,000 km, Colombo
MEMBER
Rs 16,350,000
1 week ago
Suzuki Alto RS Turbo 2015 for Sale

Suzuki Alto RS Turbo 2015

53,000 km, Kandy
MEMBER
Rs 6,550,000
1 month ago
Toyota Land Cruiser Prado 2011 for Sale

Toyota Land Cruiser Prado 2011

130,000 km, Gampaha
verified MEMBER
Rs 27,000,000
5 days ago
Auto Parts for saleikman logo
185/65/15 Used Tyres for Sale

185/65/15 Used Tyres

verified MEMBER
Rs 5,000
1 month ago
Land Cruiser Prado 120 Conversion Kit for Sale

Land Cruiser Prado 120 Conversion Kit

verified MEMBER
verified
Rs 350,000
1 hour ago
+ Post an ad on ikman