Car Transmissions වර්ග

22 Apr, 2024   
Car Transmissions වර්ග

ඔබට තියෙන්නේ, manual car එකක්ද, නැත්නම් auto gear car එකක්ද? මොන car එක තිබුණත්, කොහොමද ඒ car එක හරියටම drive කරන්න ඕනේ, මොනවද කරන්න හොඳ නැති දේවල්, manual සහ automatic transmission අතර තියෙන වෙනස්කම් මොනවද කියන මේ හැම දෙයක් ගැනම ඔබ දන්නවා. හැබැයි ඔබ දන්නවද, මෝටර් රථ වල transmissions වර්ග මොනවද කියලා? ඒ ගැන තමයි ඔබ ඊළඟට දැන ගන්න ඕනේ. ඒ නිසා CarsGuide අපි හිතුවා car transmissions වර්ග ගැන අද ඔබට කියන්න.

Transmission කියන්නේ මොකක්ද?

මෝටර් රථ වල transmission එක නැත්නම් gearbox එක gear සහ gear trains, mechanical system එකක් හරහා engine එක මඟින් generate කරන power එක wheels වලට transmit කරන මාධ්‍ය විදිහට ක්‍රියා කරනවා. Transmission එකක් මඟින් driver ට control එකක් ඇතුව වාහනයට power එකක් යොදන්න ඉඩ ලබා දෙනවා. එහෙම නැත්නම් මෝටර් රථය efficient විදිහට move වෙන්නේ නැහැ. Gearbox එක accelerate කිරීමට අවශ්‍ය torque එක ලබා දෙන්නේ Lower gears මඟින්. එතකොට engine එකේ power එක ගොඩක් effective විදිහට භාවිතා කරමින් high speed එකක් ලබා ගන්න උදව් වෙන්නේ, higher gears.

ඉතින් මේ විදිහට power එක, motion එකට transmit කරන්න උදව් වෙන එකිනෙකට වෙනස් transmissions වර්ග තියෙනවා. අපි දැන් බලමු මොනවද මේ transmissions වර්ග, ඒ transmissions වලින් මොනවද වෙන්නේ කියලා.

Manual Transmission

ඔබට car එකත් එක්ක ගොඩක් connect වෙන්න ඕනේ නම්, manual transmission තමයි හොඳම මාර්ගය. Manual transmission car එකක right gear එකට දාන්න, clutch pedal එක සහ front seats අතර එහෙමත් නැත්නම් center console එක මත floor එකේ තියෙන gear stick එක භාවිතා කරනවා.
Manual transmission එකකින් drive කරනවා කියන්නේ, මෝටර් රථයෙන් උපරිම efficiency එක, power එක සහ acceleration එක ලබා ගන්නේ කොහොමද කියලා තේරුම් ගන්න ,ඉගෙන ගන්නම ඕන සහ practice කරන්න ඕන skill එකක්. Transmissions වර්ග අතරින් ඉහළම fuel efficiency එක තියෙන්නේ, manual transmission එකට.

ඒ කොහොම වුණත් මේක ඔබේ driving style එක මත depend වෙනවා. මේකට හේතුව තමයි, aggressive gear usage එක ඔබට lowest mileage එකක් ලබා දීම. ඉතින් මේ තමයි, manual transmission එකෙන් වෙන දේ.

Automatic Transmission

Automatic transmission කියන්නේ, automatically gear මාරු කරන transmission type එකක්. ඒ නිසා, driver ට manually gear මාරු කරන්න ඕනේ නැහැ. මේ automatic transmission එක වාහනයේ speed එක වගේම, engine එකේ rpm නිරීක්ෂණය කරන්න sensors භාවිතා කරනවා. ඒ වගේම electronic control unit (ECU) එකක් උදව් කරගෙන gear ratio එක මාරු කරනවා. අපිට විවිධ වර්ගයේ Automatic transmissions දකින්න ලැබෙනවා. අපි දැන් බලමු ඒ මොනවද කියලා.

Torque Converter Transmission

Torque converter transmissions, torque converter automatics ලෙසත් හැඳින්වෙනවා. Wheels වලට power එක transmit කරන්න engine එක මඟින් නිපදවන torque එක amplify කරන්න, advanced fluid coupling භාවිතා කරනවා. Torque converter transmission එක තමයි මෝටර් රථ වල තියෙන පැරණිම automatic transmission එක.

Torque converter transmission එකක් සහිත මෝටර් රථයක clutch pedal එකක් දකින්න ලැබෙන්නේ නැහැ. මේ transmission system එක turbines දෙකක් හරහා ක්‍රියා කරනවා. ඒකෙන් එක turbine එකක් engine එකට සහ අනිත් එක transmission එකට සම්බන්ධ වෙනවා. Turbines දෙකම අතර තියෙන Hydraulic fluid එක engine side එකේ තියෙන turbine එකේ ඉඳලා transmission එක මත තියෙන turbine එකට power එක මාරු කරනවා. එමඟින් vehicular movement ඇති කරනවා. Automatic converter transmissions සහිත මෝටර් රථ drive කරන්න ගොඩක් ලේසියි. එතනදි smooth විදිහට accelerate කරන්න ප්‍රමාණවත් torque එකක් ලබා දෙනවා. මේ torque converters, fuel-efficient වුණත් එහි engineering complexity එක නිසා, manual transmissions වලට වඩා මිල වැඩියි.

Continuously Variable Transmission

CVT transmission system එකක්, pulley system එකක් හරහා ක්‍රියා කරනවා. එක් එක් pulley එකේ cones දෙකක් chain belt එකක් හරහා සම්බන්ධ කරලා තියෙනවා. මෙතනදි gear ratios වෙනස් කිරීම සඳහා belt diameter එක වැඩි කිරීමට හෝ අඩු කිරීමට මේ cones move කරන්න පුළුවන්. CVT හි මේ ගුණාංගය මෝටර් රථයේ අවශ්‍යතාවය මත transmission එක ඉක්මනින් මාරු කරන්න පුළුවන් infinite gear ratios ඇති කරන්න ඉඩ ලබා දෙනවා.

CVT transmission එකේ main advantage එක තමයි, වාහනය මොන speed එකෙන් ගමන් කළත් විනාඩියකට engine එකේ revolutions අඛණ්ඩව පවත්වා ගන්න පුළුවන් වෙන එක. මේ මඟින් fuel economy එක වැඩි කරන අතර, smooth driving experience එකක් ලබා දෙනවා. CVT automatic transmission එකක් කියන්නේ, affordable automatic gearbox එකක්. හැබැයි ඉතින් CVT gearbox එකක් repair කරන්න ලොකු cost එකක් යනවා.

Semi-Automatic Transmission

Semi-automatic transmission එක මඟින් manual සහ automatic transmission එකක convenience එක සහ car එකේ connection elements combine කරනවා. Semi-automatic transmissions වලට Automated Manual Transmissions (AMT) සහ Hyundai හි iMT වගේ clutch less manuals ඇතුළත් වෙනවා. Semi-automatic transmission එකක clutch pedal එකක් නැති වුණත් gear stick එකක් තියෙනවා. මේ transmission එක මඟින් clutch එක, engine speed එකට සම්බන්ධ කරන්න actuator එකක් භාවිතා කරනවා. එතකොට ඔබට හොඳින් gear එක මාරු කරන්න පුළුවන්.

Semi-automatic transmission එක, torque converters සහ CVT වලට වඩා ඔබේ pocket එකට හොඳයි. හැබැයි ඉතින් clutch system එකේ complexity එක හේතුවෙන් මේ automatic transmission එක, manual transmission තරම් ලාභ නම් නැහැ.

Dual-Clutch Transmission

Dual-clutch transmission කියන්නේ, gear මාරු කරන්න, clutch දෙකක් භාවිතා කරන automatic transmission type එකක්. DCT transmission එකක gear sets දෙකක් ඔත්තේ සහ ඉරට්ටේ කාණ්ඩ වල තියෙනවා. උදාහරණයක් විදිහට, 1-3-5 සහ 2-4-6 ගන්න පුළුවන්. එතනදි එක clutch එකක් ඔත්තේ කාණ්ඩයට සම්බන්ධ වෙන අතර, අනිත් clutch එක ඉරට්ටේ කාණ්ඩයට සම්බන්ධ වෙනවා. මේ arrangement එක, ඉක්මනින් සහ smooth විදිහට gears සම්බන්ධ කරනවා. මොකද dual clutches වල දැනටමත් gear එකක් යෙදිලා තියෙන අතර, previous gear එක එහි gear range එකට ළං වුණාට පස්සේ deploy කරන්න ready වෙනවා. ඒ හේතුව නිසාම DCT transmission එක, fuel-efficient වෙනවා. ඒ කොහොම වුණත් අපි කතා කරපු අනිත් transmissions වලට වඩා මිල ගොඩක් වැඩියි. මේකෙ cost එක වැඩි වෙන්න හේතුව තමයි, highly complex build එක සහ ක්‍රියාකාරීත්වය. ඒ නිසා තමයි මේ transmission එක high-end cars වල භාවිතා කරන්න ප්‍රධානම හේතුව.

Tiptronic Transmission

Tiptronic transmission එක “Sportmatic” ලෙසත් “Steptronic” ලෙසත් හැඳින්වෙනවා. Manual gear-shifting mode එකක් තියෙන automatic transmission වර්ගයක් තමයි, tiptronic transmission කියන්නේ. මේකෙන් අදහස් කරන්නේ, driver ට අවශ්‍ය වුණු වෙලාවක manually gear මාරු කරන්න තෝරාගන්න පුළුවන් කියන එක. Tiptronic transmission සහිත මෝටර් රථ වල steering wheel එක පිටුපස gear lever එකක් හෝ original gear stick plate එකට දකුණු පසින් second gear panel එක එහෙමත් නැත්නම් paddle shifters දකින්න ලැබෙනවා. Gear මාරු කිරීම සඳහා clutch වෙනුවට torque converter එකක් භාවිතා කරන නිසා තමයි, tiptronic transmission එක, semi-automatic transmission එකට වඩා වෙනස් වෙන්නේ.

මේ Tiptronic option එක විවිධ මෝටර් රථ වල වෙනස් විදිහට තමයි දකින්න ලැබෙන්නේ. ඒ කොහොම වුණත් standard form එක tiptronic lever එකේ column එකේ කෙළවර දෙකක “+” සහ “-” symbols තියෙනවා. “+” කියන්නේ, upshift සහ “-” කියන්නේ, downshift කියන එක. Upshift එකක් සඳහා lever එක ඉදිරියට push කරන්න ඕනේ. Downshift එකක් සඳහා lever එක පසු පසට pull කරන්න ඕනේ. මේක paddle shifters මඟිනුත් කරන්න පුළුවන්. Tiptronic mode එකේදී gears order එකට අනුව තමයි, gear මාරු කිරීම් සිදු කරන්න ඕනේ. ඒකෙන් අදහස් වෙන්නේ, driver ට ඒ order එකෙන් පිට කිසිම gear එකක් මාරු කරන්න බැහැයි කියන එක. Tiptronic transmission එක සහිත ගොඩක් මෝටර් රථ, engine එක ආරක්ෂා කරන්න automatically gear මාරු කරනවා.

අද අපි car transmissions වර්ග කිහිපයක් ගැනම කතා කළා. එතනදි ඔබට ගොඩක්ම හුරු පුරුදු manual transmission සහ automatic transmission එක වුණාට, automatic transmission යටතේ තියෙන transmissions වර්ග ගැනත් මේ Article එකෙන් ඔබට දැන ගන්න ලැබුණා. වාහන ගැන කතා කරනකොට ඔබ මේ part එක දැනගෙන ඉන්න ඕනේ. ඉතින් අමතක නොකර ඔබ දන්න කියන අය එක්කත් මේක share කර ගන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Audi Q2 2019 for Sale

Audi Q2 2019

74,000 km, Colombo
MEMBER
Rs 15,200,000
1 month ago
Austin Mini Cooper 2011 for Sale

Austin Mini Cooper 2011

107,500 km, Colombo
MEMBER
Rs 12,500,000
2 hours ago
Toyota Corolla 1993 for Sale

Toyota Corolla 1993

250,000 km, Kandy
MEMBER
Rs 2,995,000
2 hours ago
Toyota Hilux Rocco B5 2020 for Sale

Toyota Hilux Rocco B5 2020

59,500 km, Gampaha
verified MEMBER
verified
Rs 24,750,000
2 hours ago
Toyota Premio 260 G Superior 2020 for Sale

Toyota Premio 260 G Superior 2020

53,500 km, Gampaha
verified MEMBER
verified
Rs 17,750,000
2 hours ago
Auto Parts for saleikman logo
Japan Tail Lights for Sale

Japan Tail Lights

verified MEMBER
verified
Rs 10,000
2 weeks ago
Vezel Engine Bed for Sale

Vezel Engine Bed

verified MEMBER
Rs 50,000
6 hours ago
Honda Vezel Rear bumper lights for Sale

Honda Vezel Rear bumper lights

verified MEMBER
verified
Rs 12,500
7 hours ago
Fit GP1 Stabilizer Link for Sale

Fit GP1 Stabilizer Link

verified MEMBER
Rs 4,000
7 hours ago
Hero Splender Ismart Fuel Tank for Sale

Hero Splender Ismart Fuel Tank

MEMBER
Rs 22,500
7 hours ago
+ Post an ad on ikman