Dashboard එකේ රතු light එක පත්තු වුනොත්?

02 Jun, 2023   
Dashboard එකේ රතු light එක පත්තු වුනොත්?

වාහනයක් හරියට drive කරන්න ඕනේ නම් අපි අනිවාර්යෙන්ම dashboard එක ගැන හොඳට දැනගෙන ඉන්න ඕනේ. මොකද වාහනයේ හැසිරවීම ගැන හොඳ අවබෝධයක් ගන්න පුලුවන් තැනක් තමයි dashboard එක කියන්නේ. ඉතින් ඒ නිසා වාහනයක dashboard එකේ තියෙන අනතුරු ඇඟවීමේ ලයිට් වලින් කියවෙන දේවල් දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා අද CarsGuide තුළින් අපි ඔබට කියලා දෙන්නේ dashboard එකේ තියෙන රතු lights ගැනයි.

Traffic Light System

Dashboard එකක් අනතුරු ඇඟවීමේ බල්බ තියෙන්නේ traffic light system එකකට. ඒ කියන්නේ කහ, කොළ සහ රතු කියන පාට තුනෙන් තමයි අපිට lights බලාගන්න පුලුවන්.ඔයාගේ dashboard එකේ කොළ පාට light එක පත්තු වෙනවා නම් බය වෙන්න කිසිම දෙයක් නැහැ. මොකද වාහනය නිවැරදිව ක්‍රියා කරන කොට තමයි කොළ පාට light එක පත්තු වෙන්නේ.හැබැයි කහ පාට light එක පත්තු වෙනවා කියන්නේ වාහනයේ යම් පද්ධතියක් නිවැරදිව ක්‍රියා කරන්නේ නැහැ කියන එක. ඒ නිසා පුලුවන් තරම් ඉක්මනින්ම ඔබ ඒ ගැන සොයා බලන්න ඕනේ.නිකන් හරි dashboard එකේ රතු light එක පත්තු වුණොත් නම් වහාම drive කරන එක නවත්වන්න ඕනේ. මොකද වාහනයේ බරපතල ගැටලුවක් තියෙන කොට තමයි රතු light එක පත්තු වෙන්නේ.

Brake Warning Light

Parking Brake සම්පූර්ණයෙන් මුදා හැරලා ඇති විටත් brake warning light එක දිගටම පත්තුවෙනවා නම් එයට හේතුව brake fluid අඩු වීම. මේ සමගම ABS අනතුරු ඇඟවීමේ ලයිට් එකද දැල්වුනොත් break system එක අක්‍රිය වී තිබෙන්නට පුලුවන්. ඒ විතරක් නෙමෙයි මේ වගේ අවස්ථාවක EBD warning light එකත් දැල්වෙන්න පුලුවන්.ඉතින් ඒ නිසා පුළුවන් තරම් ඉක්මනින් වාහනය ආරක්ෂිතව නතර කරලා මේ සම්බන්ධයෙන් පියවර ගන්න එක ගොඩක් වැදගත්.

Engine Temperature Warning Light

Engine Temperature Warning Light එක දැල්වෙන්නේ engine එක අධික ලෙස රත් වෙනකොට. Coolant මට්ටම අඩු වීම, පද්ධතියේ කාන්දුවීමක් හෝ head gasket failure වීමක් නිසා මෙම තත්වය ඇති වෙන්න පුලුවන්.ඉතින් ඔයා වාහනය drive කරනකොට මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න වුණොත් කරන්න ඕනේ මුලින්ම ආරක්ෂිතව වාහනය නවත්වන එක. ඊට පස්සේ engine එක සිසිල් වූ පසු coolant අවශ්‍ය ලෙස පිරවීම සිදු කරන්න පුලුවන්.හැබැයි පද්ධතියේ කාන්දුවීමක් හෝ head gasket failure වීමක් තිබෙනවා නම් වහාම මෝටර් රථ කාර්මිකයෙකු මුණ ගැසී ගැටලුව නිරාකරණය කරගන්න ඕනේ.

Oil Warning Light

Oil Warning Light දැල්වෙන්නේ oil උෂ්ණත්වය අධික වූ විට හෝ oil මට්ටම හෝ පීඩනය අඩු වූ විටයි.ඉතින් oil warning light දැල්වෙන අවස්ථාවක ඔබ කරන්න ඕනේ වාහනය නවතා engine එක off කරන එක. Engine එක සිසිල් වූ පසු ඔයිල් මට්ටම පරික්ෂා කර නැවත oil පුරවා ඔබට යළිත් ගමන ආරම්භ කරන්න පුලුවන්. නමුත් oil පිරවීමෙන් පසුවත් oil warning light එක දැල්වෙනවා නම් වහාම කාර්මික සහය ලබා ගැනීම අවශ්‍ය වෙනවා.

Battery Warning Light

Battery එක charge නොවන අවස්ථාවකදී battery warning light දැල්වීම සිදු වෙනවා. Battery එකේ ගැටළු එසේත් නොමැතිනම් මෝටර් රථයේ විදුලි පද්ධතියේ ඇති ගැටළුවක් මෙම රතු බල්බය දැල්වීමට හේතු වෙනවා.මේ වගේ අවස්ථාවක ඔයා කරන්න ඕනේ පුලුවන් ඉක්මනට ගරාජ් එකකට යන එක. මොකද battery එකේ charge එක තියෙනකම් ඔයාට drive කරන්න පුලුවන් වුණත් charge එක ඉවර වුණ ගමන් වාහනය නවතිනවා.

ඉතින් මේ දේවල් තමයි dashboard එකේ පත්තු වෙන red light එකෙන් කියවෙන්නේ. ඔයා වාහනය drive කරන අතරතුරදී red light එක දැල්වුනොත් වහාම වාහනය ආරක්ෂිතව නවත්වලා මෝටර් කාර්මිකයෙකුගේ උපදෙස් ලබා ගන්න එක තමයි සුදුසුම වෙන්නේ.

Similar Advices



2 comments

Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Allion 260 2010 for Sale

Toyota Allion 260 2010

187,000 km, Ratnapura
MEMBER
Rs 10,400,000
1 week ago
Toyota Land Cruiser Prado LC 250 First Edition 2024 for Sale

Toyota Land Cruiser Prado LC 250 First Edition 2024

10 km, Gampaha
verified MEMBER
Rs 63,500,000
1 day ago
Suzuki Wagon R FX SAFETY 2023 for Sale

Suzuki Wagon R FX SAFETY 2023

1,000 km, Colombo
verified MEMBER
verified
Rs 7,650,000
2 days ago
Toyota Crown 2007 for Sale

Toyota Crown 2007

117,000 km, Colombo
MEMBER
Rs 13,000,000
3 weeks ago
Toyota CHR 2018 for Sale

Toyota CHR 2018

95,000 km, Hambantota
MEMBER
Rs 15,500,000
2 minutes ago
Auto Parts for saleikman logo
Japan Tail Lights for Sale

Japan Tail Lights

verified MEMBER
verified
Rs 10,000
1 week ago
Honda Vezel Ru3 Engine Bed for Sale

Honda Vezel Ru3 Engine Bed

verified MEMBER
Rs 68,000
1 hour ago
Toyota CHR Front Windscreen for Sale

Toyota CHR Front Windscreen

MEMBER
Rs 85,000
1 hour ago
Honda vezel Ru 3 CV AXLE L/R for Sale

Honda vezel Ru 3 CV AXLE L/R

verified MEMBER
Rs 70,000
1 hour ago
Isuzu Lorry Bed Side Doors ( 14.5 ) for Sale

Isuzu Lorry Bed Side Doors ( 14.5 )

MEMBER
Rs 70,000
2 hours ago
+ Post an ad on ikman