වාහන ලියාපදිංචි කිරීම ගැන හරියටම දැනුවත්ද?

19 Feb, 2024   
වාහන ලියාපදිංචි කිරීම ගැන හරියටම දැනුවත්ද?

අපේ රටේ තියෙන එක ගැටළුවක් තමයි වාහන ලියාපදිංචිය කියන දේ. වාහනයක් ලියාපදිංචි කරන්නේ නැතුව නිත්‍යානුකූලව drive කරන්න වගේම ළඟ තියාගන්න බැහැ. ඒ නිසා තමන් ළඟ තියෙන වාහනය ලියාපදිංචි කර ගැනීම අනිවාර්ය දෙයක්. අපි පාරේ යනකොට එක එක විදිහේ numbers තියෙන number plates දකිනවා. ඒ වගේම තමයි එකම වාහනයෙත් වෙනස් number plate තියෙනවා. ඉතින් ඔයාලට ඒ ඇයි කියලා තේරුම් ගන්න බැහැ නේද? ඉතින් අද CarsGuide අපි කියන්නේ වාහනයක් කොහොමද හරියටම ලියාපදිංචි කරගන්නේ කියලා.

Number plate මඟින් පෙන්නුම් කරන්නේ කුමක්ද ?

New law passed to not integrate province in number plate
වාහනයක UP කියලා number plate එකක් තියෙනවා නම් ඒ ඌව පළාත, WP කියලා number plate එකක් තියෙනවා නම් ඒ බස්නාහිර පළාත. ඉතින් අන්න ඒ විදිහට පළාත් 9යටම අදාළව english letters දෙකක් යොදා ගැනීම වාහන ලියාපදිංචියෙදී සිදු කරනවා. ඒත් කාලයත් එක්කම දකින්න තියෙන දෙයක් තමයි වාහන පළාත් අතර හුවමාරු වෙනකොට අනවශ්‍ය මුදලක් වැය වෙන එක. ඒ කියන්නේ WP කියලා number plate එකක් තියෙන වාහනයක් ඌව පළාත සඳහා අරගෙන ඇවිල්ලා ඌව පළාතේ UP කියලා ලියාපදිංචි කරලා තියෙනකොට දුම් සහතිකය ලබා ගන්න අපහසු වෙනවා. ඉතින් number plate මඟින් වෙන්නේ වාහනය ලියාපදිංචි කරලා තියෙන පළාත පෙන්නුම් කරන එක.

ලියාපදිංචි අංකය යනු ?

වාහනයක් හඳුනාගැනීමේ වැදගත්ම දෙයක් වෙන්නේ වාහනයේ ලියාපදිංචි අංකය. අපි ඕනේ කෙනෙක් හඳුනාගන්න නමක් භාවිතා කරනවා වගේ තමයි මේ වාහනයේ ලියාපදිංචි අංකය කියන දේත්. ඉතින් වාහනයේ ලියාපදිංචි අංකය තමයි ඒ වාහනයේ තනි අනන්‍ය අංකය වෙන්නේ.

ලියාපදිංචියට අදාළ නීති රීති

මෝටර් රථ ලියාපදිංචියට අදාළ වැදගත් නීති රීති දැක්වෙන්නේ මෝටර් රථ වාහන පනතේ පලවෙනි කොටසේ. එම පනතට අනුව ලියාපදිංචි නොකළ වාහනයක් සන්තකයේ තබා ගැනීම වරදක් වෙනවා. ඒත් විකිණීම සඳහා වාහන තියාගන්න එක වරදක් වෙන්නේ නැහැ. හැබැයි ඒ වාහන ප්‍රවාහන කරනවා නම් යම් අංකයක් ලබා ගන්න වෙනවා.
ඒ අංකය තාවකාලිව ලබා දෙන අංකයක්. ඉතින් ඒ වගේ number plates රතු වර්ණයෙන් තමයි දකින්න පුළුවන්.

වාහනයක් ලියාපදිංචි කරන්න කලින් අංකයක් භාවිතා කරන්න ඕනෙද ?

යම් වාහනයක් ලියාපදිංචිය සඳහා මෝටර් රථ කොමසාරිස්ට බාර දීලා තියෙනවා නම්, ඒ බාර දීලා තියෙන කාලය තුළ ලියාපදිංචිය ලැබෙන තෙක් මෝටර් රථ කොමසාරිස්වරයාගෙන් අංකයක් ගන්න පුළුවන්. ඒ වගේම ලංකාවට ගෙන්වන ලද වාහනයක් රේගුවේ ඉඳලා යම් යම් පරික්ෂාවන්ට ගෙනියනකොට අංකයක් භාවිතා කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ.

වාහනයක් ලියාපදිංචි කරන්නේ කොහොමද ?

ඔයා මෝටර් රථයක් ලියාපදිංචි කරනකොට ඒකට අදාළ ආකෘති පත්‍රය පුරවලා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාට බාර දෙන්න ඕනේ. වාහනයක් ලියාපදිංචි කරන්නේ නැතුව ළඟ තියාගන්න එක දඬුවම් ලැබිය හැකි වරදක්. ඒ නිසා තමන් ළඟ තියෙන වාහනය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් වෙත ඉදිරිපත් කරලා ලියාපදිංචි කරගන්න ඕනේ.

වාහනය ලියාපදිංචි කළා කියලා දැනගන්න ලැබෙන ලියකියවිලි මොනවාද ?

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවෙන් වාහනයක් ලියාපදිංචි කිරීමට අදාළ ලේඛනයක් දෙනවා. ඉස්සර නම් වාහනයක් ලියාපදිංචි කළාට පස්සේ දුන්නේ පොතක්. දැන් වාහනයක් ලියාපදිංචි කළාට පස්සේ ලැබෙන්නේ කොළයක්. වාහනයක් ලියාපදිංචි කළාට පස්සේ ලැබෙන කොළය හඳුන්වන්නේ වාහනයේ CR එක කියලා. ඉතින් මේ CR එකෙන් තමයි ඔයාගේ වාහනය ලියාපදිංචි කළා කියලා දැනගන්නේ. ඒකේ හරියට වාහනේ බාර wheel size එක class එක update වෙනවද කියලා ආනිවාර්යෙන්ම බැලිය යුතුමයි. මොකද සමහර වාහන, වාහන ඛාණ්ඩ එක්ක overlap වෙනවා.

මේ විදිහට තමයි වාහනයක් ලියාපදිංචි කිරීම සිදු වෙන්නේ. ඉතින් වාහනයක් ලියාපදිංචි කරන්නේ නැතුව ළඟ තියාගන්න එක නීතියෙන් දඬුවම් ලබන්න පුළුවන් වරදක්.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Land Cruiser Prado Diesel TX 2014 for Sale

Toyota Land Cruiser Prado Diesel TX 2014

80,000 km, Kandy
MEMBER
Rs 37,500,000
2 weeks ago
Nissan Sunny FB13 1992 for Sale

Nissan Sunny FB13 1992

170,000 km, Ratnapura
MEMBER
Rs 2,250,000
1 day ago
Honda Vezel Rs Sensing 2018 for Sale

Honda Vezel Rs Sensing 2018

64,000 km, Colombo
MEMBER
Rs 11,600,000
4 minutes ago
Nissan X-Trail 2015 for Sale

Nissan X-Trail 2015

132,000 km, Gampaha
MEMBER
Rs 11,000,000
3 weeks ago
Honda Fit 2014 for Sale

Honda Fit 2014

130,000 km, Gampaha
MEMBER
Rs 7,800,000
21 minutes ago
Auto Parts for saleikman logo
Audi Q2 Parts for Sale

Audi Q2 Parts

verified MEMBER
verified
Rs 25,000
1 month ago
Aqua Alloy Wheels 15 Inch for Sale

Aqua Alloy Wheels 15 Inch

MEMBER
Rs 66,000
1 day ago
Hyundai Tucson Head Lamps for Sale

Hyundai Tucson Head Lamps

verified MEMBER
Rs 70,000
32 minutes ago
Kia Sorento 2012 Window Main Switch for Sale

Kia Sorento 2012 Window Main Switch

verified MEMBER
Rs 22,000
32 minutes ago
Kia Sorento 2012 - 2014 Cv Joints for Sale

Kia Sorento 2012 - 2014 Cv Joints

verified MEMBER
Rs 17,000
33 minutes ago
+ Post an ad on ikman