ආලෝක සංඥා ගැන දැනුවත් වෙමු

19 Jan, 2024   
ආලෝක සංඥා ගැන දැනුවත් වෙමු

පාරේ යන එනකොට, ඔබට ඕන තරම් signal light දකින්න ලැබෙනවා. මේ light වලින් කියවෙන්නේ එක එක දේවල්. හැබැයි ඒ හැම දෙයක්ම පාරේ යන එන ඔබට ගොඩක් වැදගත්. ඒත් සමහර අයට නම්, මේ ගැන ඒ තරම් අවබෝධයක් නැහැ. ඔබ ළඟදීම වාහනයක් ගන්න නම් ඉන්නේ, අනිවාර්යයෙන්ම ආලෝක සංඥා ගැන ඉගෙන ගන්න. ඉතින් CarsGuide අපි හිතුවා, ආලෝක සංඥා ගැන අද ඔබව දැනුවත් කරන්න.

Signal light තියෙන්නේ මොන වගේ තැන් වලද?

පාරේ තොටේ යනකොට දකින්න ලැබෙන සංඥා වර්ගයක් තමයි, ආලෝක සංඥා නැත්නම් signal light කියන්නේ. කොළඹ, ගම්පහ වගේ ප්‍රදේශ වල නිතරම වගේ signal light බලා ගන්න පුළුවන්. හැබැයි ගොඩක් දුර බැහැර ප්‍රදේශ වල නම් එහෙමටම signal light දකින්න නැහැ. මංසන්ධි වල, පදිකයින් මාරු වෙන ස්ථාන වල වගේම දුම්රිය හරස් මාර්ග තුළ signal light දක්වලා තියෙනවා.

ආලෝක සංඥා වලින් කියවෙන දේ

Signal light ක්‍රියාත්මක වෙන්නේ colors තුනකින්. ඒ තමයි, රතු, කහ, කොළ. මේ colors වලින් යම් විධානයක් දෙනවා. ඒ විධාන වලට ඔබ අවනත වෙන්න ඕනේ. ඒ අවනත වීම තුළින් තමයි, ඉදිරියට ගමන් කරන්න ඕනේ. ඇත්තටම මේ ආලෝක සංඥා තියෙන්නේ, විධිමත්ව හා ආරක්ෂාකාරීව drive කරන්න පහසු වෙන්න.

Red light එක දැල්වෙලා තියෙනකොට, වාහනය නතර කරන්න ඕනේ. Red light එක දැල්වෙලා තියෙනකොටම කහ light එක දැල්වෙන එකෙන් කියන්නේ, “යාමට සූදානම් වෙන්න” කියලා. ඒ දෙකම නිවිලා, කොළ light එක දැල් වුණාම අවශ්‍ය දිශාවට යන්න පුළුවන්.

කොළ light එකෙන් පස්සේ දැල් වෙන්නේ, කහ light එක. ඒකෙන් කියන්නේ “නවතිනු” කියලා. හැබැයි කහ light එක දැල්වෙනකොට හදිස්සියේ හරි ඔබ නැවතුම් රේඛාව පහු කරලා නම්, ඔබට ඒ සීමාව ඉක්මවා යන්න පුළුවන්. එතනදි ඔබට සුදුසු වේගයක් පවත්වා ගන්න පුළුවන්කම තියෙනවා. ඒත් කහ light එක දැල්වෙන්න කලින් නැවතුම් රේඛාව පහු කරලා නැත්නම්, අනිවාර්යයෙන්ම ඔබ නවතින්න ඕනේ.

කහ light එක නිවි නිවී දැල්වෙනවා නම්, ඒ junction එක ක්‍රියාත්මක වෙන්නේ signal light මඟින් නෙවෙයි. එතන පොලිස් නිලධාරියෙක් හිටියොත් ඔහුගේ අණ තමයි ඔබ පිළිපදින්න ඕනේ. හදිස්සියේ හරි පොලිස් නිලධාරියත් නැත්නම්, නවතිනු රේඛාවට අනුව ක්‍රියාත්මක වෙන්න ඕනේ. අවශ්‍ය මොහොතේ නවතිනු රේඛාවේ ඉඳලා, පාර නිරවුල් වුණාට පස්සේ, අවශ්‍ය දිශාවට යන්න පුළුවන්.

Junction එකක තියෙන signal light වලදී කටයුතු කරන්නේ කොහොමද?

Signal light තුළ drive කරනකොට, නිවැරදි දේ තමයි කරන්න ඕනේ. එහෙම නොකළොත් අනතුරක් සිද්ධ වෙන්න පුළුවන්. නැත්නම් ඔබට දඩයකට යටත් වෙන්නත් ඉඩ තියෙනවා.
සමහර අවස්ථා වලදී signal light එක අසල පොලිස් නිලධාරියෙක් ඉන්න පුළුවන්. Drivers ලා මේ නීතිරීති පිළිපදිනවද, නීතිරීති වලට අනුව කටයුතු කරනවද කියලා බලන්න තමයි පොලිස් නිලධාරියෙක් ඒ තැන් වල ඉන්නේ. හදිස්සියේ හරි ඔබ මේ නීති කඩ කළොත්, දඩයකට යටත් වෙන්නත් සිද්ධ වෙනවා.

වමට හරවන්නේ කොහොමද?

Traffic තියෙන අවස්ථාවකදී, signal light එකෙන් වමට හරවන්න නම්, වාහනය වම් පැත්තට ගන්න ඕනේ. වම් පසට ගන්නකොට, මුලින්ම side mirror එකෙන් බලලා, signal දාන්න ඕනේ. ඒ යනකොට red light එක on වුණොත් වාහනය නතර කර ගන්න ඕනේ. Signal light වලට පහළින් කෙළින්ම තියෙනවා නැවතුම් රේඛාව. මෙතන සුදු රේඛා දෙකක් තමයි තියෙන්නේ. නිසිලෙස signal light එක දැල් වෙනකම් ඒ නැවතුම් රේඛාව ළඟ වාහනය නතර කරන් ඉන්න ඕනේ.

Red light එකට පස්සේ කහ පාට light එක දැල්වෙනවා. එතකොට ඔබ යාමට සූදානම් වෙන්න ඕනේ. ටික වෙලාවකින් කොළ light එක දැල්වෙනවා. එතකොට වම් පසට වාහනය හරවන්න පුළුවන්.

දකුණට හරවන්නේ කොහොමද?

Signal light එකෙන් දකුණු පැත්තට හරවනවා නම්, පාරේ වම් පස භාවිතා කරලා හරියන්නේ නැහැ. වාහනය දකුණු පැත්තට ගන්න ඕනේ. එතකොට side mirrors හොඳින් නිරීක්ෂණය කරන්න. මෙතැනදිත් red light එක දැල් වෙලා තියෙනවා නම්, නැවතුම් රේඛාව ළඟ වාහනය නතර කරගෙන ඉන්න ඕනේ. කහ පාට light එක දැල්වෙනකොට යාමට සූදානම් වෙලා, කොළ light එක දැල් වුණාට පස්සේ, දකුණට හරවන්න පුළුවන්.

ඉදිරියට යන්නේ කොහොමද?

හදිස්සියේ හරි ඔබට signal light එකෙන් ඉදිරියට යන්න ඕන නම්, භාවිතා කරන්න ඕනේ පාරේ මැද. අවශ්‍ය නම් වම් පස භාවිතා කරන්නත් පුළුවන්.

අතුරු මාර්ගයක සිට දකුණට හරවන්නේ කොහොමද?

අතුරු පාරකින් ඇවිත් signal light එකෙන් දකුණට හරවනකොටත්, red light දැල්වෙලා තියෙනවා නම්, නැවතුම් රේඛාවට මෙහායින් වාහනය නතර කර ගන්න ඕනේ. හැබැයි බැරි වෙලාවත් නැවතුම් රේඛාව පහු කරලා වාහනය නවත්වන්න එපා. මොකද ඒකට ඔබට කිසිම අයිතියක් නැහැ. මෙතනදි ආලෝක සංඥා වලට අවනත වෙනවා වගේම පදිකයන් ගැනත් ලොකු අවධානයක් දෙන්න ඕනේ. කහ light එක දැල්වෙලා, ඊට පස්සේ කොළ light එක දැල් වුණාම ඔබට වාහනය දකුණට හරවන්න පුළුවන්.

Lane දෙකක් ඇති විට ඉදිරියට යන්නේ කොහොමද?

ඉදිරියට යනවා නම් ඔබට දකුණු පස lane එක භාවිතා කරන්න පුළුවන්. කොළ light එක දැල් වුණාට පස්සේ, ඉදිරියට යන්න පුළුවන්. Lane දෙකක් තියෙන මාර්ගයක් නිසා, වම් පැත්ත තමයි තෝරාගන්න ඕනේ.

Lane තුනක් තිබුණොත් කොහොමද යන්නේ?

Lane තුනක් තියෙන මාර්ගයක signal light එකෙන් ඉදිරියට යන අවස්ථාවකදී, වම් පැත්තට පාරක් නැත්නම්, වම් පස වගේම අවශ්‍ය නම් පාරේ මැදත් භාවිතා කරන්න පුළුවන්. හදිස්සියේ හරි වම් පැත්තට පාරක් තියෙනවා නම්, ඉදිරියට යන්න ඔබ භාවිතා කරන්න ඕනේ, මැද lane එක.

මේ තමයි, ආලෝක සංඥා ගැන ඔබ දැන ගන්න ඕන දේවල්. Signal light එකකදී ඉදිරියට යන්නේ කොහොමද, වෙනත් දිශාවකට හරවන්නේ කොහොමද කියන දේවල් ගැන හරියටම දැනගෙන හිටියොත් තමයි, කිසිම ප්‍රශ්නයක් නැතුව ඔබට ඔබේ ගමන යන්න පුළුවන් වෙන්න්. ඒ නිසා, අද මේ Article එකෙන් දැන ගත්තු හැම දෙයක්ම හරියට මතක තියාගෙන, ඒ විදිහටම follow කරන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Mercedes Benz E300 Bluetech Hybrid 2014 for Sale

Mercedes Benz E300 Bluetech Hybrid 2014

85,000 km, Colombo
MEMBER
Rs 20,800,000
1 week ago
Toyota Allion NZT 260 2010 for Sale

Toyota Allion NZT 260 2010

135,500 km, Gampaha
MEMBER
Rs 10,900,000
2 minutes ago
Ford Raptor Ranger 2015 for Sale

Ford Raptor Ranger 2015

135,000 km, Puttalam
verified MEMBER
verified
Rs 20,000,000
1 day ago
Suzuki Wagon R 2018 for Sale

Suzuki Wagon R 2018

76,859 km, Colombo
MEMBER
Rs 7,500,000
2 weeks ago
Honda Vezel Z Brand New 2025 for Sale

Honda Vezel Z Brand New 2025

0 km, Galle
verified MEMBER
Rs 21,200,000
1 day ago
Auto Parts for saleikman logo
K676-Isuzu Bighorn Shall for Sale

K676-Isuzu Bighorn Shall

verified MEMBER
Rs 12,000
2 minutes ago
Wire Harness for Dfsk 580 and Iauto for Sale

Wire Harness for Dfsk 580 and Iauto

verified MEMBER
Rs 80,000
5 minutes ago
DFSK Glory Iauto Centre AC vent complete for Sale

DFSK Glory Iauto Centre AC vent complete

verified MEMBER
Rs 15,000
5 minutes ago
Suzuki Wagon R 44 Shell for Sale

Suzuki Wagon R 44 Shell

verified MEMBER
Rs 50,000
7 minutes ago
+ Post an ad on ikman