Manual වාහනයක් පදිනවා නම් මේ වැරදි කරන්න එපා

06 Feb, 2024   
Manual වාහනයක් පදිනවා නම් මේ වැරදි කරන්න එපා

අද කාලේ ගොඩක් අය පාවිච්චි කරන්නේ automatic transmission වාහන වුණත් manual වාහන වලට කැමති ගොඩක් අයත් ඉන්නවා. ඉතින් ඔයා drive කරන්නේ manual වාහනයක් නම් auto gear වාහනයක් drive කරනවට වඩා සැළකිලිමත් වෙන්න ඕනේ. ඔයා ඒ දේවල් ගැන සැළකිලිමත් නොවුණොත් ඔයාගේ වාහනය අනතුරකට පත් වීමේ හැකියාව වැඩි වෙනවා වගේම වාහනයේ කල් පැවැත්මටත් ඒක බලපානවා. අද CarsGuide තුළින් අපි කියන්නේ manual වාහනයක් drive කරන ඔයා කරන්න හොඳ නැති වැරදි මොනවද කියලා.

සෑමවිටම clutch එක මත කකුල තබා ගෙන යෑම

Manual වාහන drive කරන ගොඩක් අය තමන්ගේ වම් කකුල clutch එක මතම තියාගෙන වාහනය drive කරන්න පුරුදු වෙලා තියෙනවා. හැබැයි මේක නම් ඔයා කරන්න හොඳ නැති දෙයක්. මොකද ඔයා මේ විදිහට clutch එක මත කකුල තියාගෙන යනකොට ඔයා නොදැනුවත්වම clutch එක මත පීඩනයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා clutch plate මත තියෙන ඝර්ෂණය අඩු වෙන නිසා clutch plate එකට ඇතිල්ලීමක් සිදු වෙනවා. ඒ නිසා ඉක්මනටම ඔයාගේ වාහනයේ clutch plate රත් වෙලා ගෙවෙන්න පුළුවන්. ඒ වගේම මේ නිසා ඉන්ධන වල කාර්යක්ෂමතාවය අඩු වීමේ හැකියාවත් වැඩියි. ඉතින් ඔයා මේ ගැන සැළකිලිමත් නොවුණොත් ඔයාගේ මුදල් වියදම් වෙන එක තමයි වෙන්නේ.

Gear එක මත අත තබාගෙන යෑම

Manual වාහන drive කරන ගොඩක් අය කරන තව වැරද්දක් තමයි gear එක මත අත තබා ගෙන යෑම. ඔයා මේ විදිහට gear එක මත අත තියාගෙන යන එකෙන් ඒ මත අනවශ්‍ය පීඩනයක් ඇති වෙනවා. එතකොට ඒ දේ gear පද්ධතියේ අභ්‍යන්තරයටත් බලපානවා. ඉතින් මේ නිසා ඔයාගේ වාහනයේ gear පද්ධතිය ඉක්මනින්ම damage වෙනවා වගේම gear මාරු කිරීමත් අපහසු වෙනවා. ඉතින් ඔයා gear මාරු කරන අවස්ථාවලදී හැර අනිත් අවස්ථාවලදී steering wheel මත අත් දෙක තියාගන්න පුරුදු වෙන්න.

Neutral කර නවතා තැබීම

Auto gear වහනයක් drive කරන කෙනෙක් නම් වාහනය park කිරීමේදී parking එකට දාලා hand brake දාන එක තමයි කරන්නේ. Manual gear වාහන වල parking නැති නිසා සමහර අය කරන්නේ gear එක neutral කරලා hand brake අඳින එක. ඒත් ඔයා වාහනය බැවුම් සහිත තැනක park කරනවා කියලා හිතන්නකෝ. ඒ වගේ වෙලාවක ඔයාට නිසිලෙස hand brake එක අඳින්න බැරි වුණොත් වාහනය බැවුමේ පහළට ගිහින් විශාල අනතුරක් සිදු වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා වාහනය park කරනකොට hand brake අඳින එකට අමතරව gear එක 1st එකට හරි reverse එකට හරි දාන්න මතක තියාගන්න.

සෑම විටම නිවැරදි gear එක භාවිතා කරන්න

ඔයා සෑම විටම වාහනය drive කරද්දී නිවැරදි gear එක භාවිතා කරන්න පුරුදු වෙන්න. ඔයා පහළ gear එකක වැඩි වේගයෙන් වාහනය drive කිරීමත් ඉහළ gear එකක අඩු වේගයෙන් වාහනය drive කිරීමත් ඔයාගේ වාහනයේ කල් පැවැත්මට අහිතකර ලෙස බලපානවා.

Colour light වල gear එකේ සිටීම

අපේ ලංකාවේ පාරවල් වල මාර්ග තදබදය කියන්නේ නම් දවසින් දවස වැඩි වෙන දෙයක්. ඉතින් colour lights වල දිගු වෙලාවක් නවතාගෙන ඉන්න වෙන එකත් සාමාන්‍යයි. මේ වගේ වෙලාවක manual වාහන drive කරන ගොඩක් දෙනා කරන්නේ පළවෙනි gear එකට දාලා pedal එක පාගගෙන ඉන්න එක. ඒ නිසා clutch plate වල bearing වල අනවශ්‍ය පීඩනයක් ඇති වෙලා ඒවා නියමිත කාලයට කලින් අලුත්වැඩියා කිරීමට සිදුවෙනවා. ඔයා මේ විදිහට වාහනය නවත්තගෙන ඉන්නවා නම් gear එක neutral කරලා brake යොදාගන්න අමතක කරන්න එපා.

පල්ලම් වල neutral කරගෙන drive කිරීම

ගොඩක් drivers ලා ඉන්ධන ඉතුරු කරගන්න හිතාගෙන පල්ලම්වල යනකොට වාහනය neutral කරගෙන වාහනය drive කරනවා. මේ විදිහට ඔයා neutral කරගෙන වාහනය drive කරනකොට brake වලින් වාහනය පාලනය කිරීමත් අපහසු වෙනවා. ඒ නිසා විශාල අනතුරක් සිදු වීමේ හැකියාව වැඩියි. ඉතින් ඔයා පල්ලම් වල වාහනය drive කරනකොට වාහනයේ වේගයට අදාළ gear දාන එක තමයි කරන්න ඕනේ.

දැන් ඔයාට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති manual වාහනයක් drive කරන ඔයා කරන්න හොඳ නැති වැරදි මොනවද කියන එක ගැන. ඉතින් ඔයා නොදැනුවත්වම මේ වැරදි වුණා නම් අද ඉදන් මේ දේවල් ගැන සැළකිලිමත් වෙලා වාහනය drive කරන්න පුරුදු වෙන්න.

Similar Advices



6 comments

Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Volkswagen T-Cross ACTIVE StylePack 2023 for Sale

Volkswagen T-Cross ACTIVE StylePack 2023

18,000 km, Gampaha
verified MEMBER
verified
Rs 15,700,000
5 days ago
Mitsubishi eK Wagon M Grade 2023 for Sale

Mitsubishi eK Wagon M Grade 2023

4,000 km, Colombo
verified MEMBER
Rs 7,350,000
11 seconds ago
Honda City Rs 2025 for Sale

Honda City Rs 2025

30 km, Colombo
verified MEMBER
verified
Rs 14,775,000
1 minute ago
Honda Vezel Z Grade 2025 for Sale

Honda Vezel Z Grade 2025

0 km, Colombo
verified MEMBER
Rs 21,500,000
6 days ago
Honda City RS 2025 for Sale

Honda City RS 2025

0 km, Kandy
verified MEMBER
Rs 15,150,000
2 minutes ago
Auto Parts for saleikman logo
Japan Tail Lights for Sale

Japan Tail Lights

verified MEMBER
verified
Rs 10,000
1 week ago
Suzuki Wagon R Mh44s Radiator for Sale

Suzuki Wagon R Mh44s Radiator

verified MEMBER
verified
Rs 28,000
9 minutes ago
GREEN 2 AT AW-1 OIL for Sale

GREEN 2 AT AW-1 OIL

verified MEMBER
verified
Rs 7,500
12 minutes ago
Outlander Shell for Sale

Outlander Shell

verified MEMBER
verified
Rs 32,000
13 minutes ago
Toyota Harrier 2018 Head Lamp L for Sale

Toyota Harrier 2018 Head Lamp L

verified MEMBER
verified
Rs 157,000
17 minutes ago
+ Post an ad on ikman