ඔබට හරියටම ගැළපෙන වාහනය තෝරාගන්නේ මෙහෙමයි

20 Dec, 2023   
ඔබට හරියටම ගැළපෙන වාහනය තෝරාගන්නේ මෙහෙමයි

ඔයා වාහනයක් අලුතින්ම මිලදී ගන්න ඉන්න කෙනෙක් නම් කොහොමද හරියටම ගැළපෙන වාහනය තෝරාගන්නේ කියන එක ඔයාට ප්‍රශ්නයක් වෙලා ඇති. ඉතින් ඔයා වාහනයක් මිලදී ගන්නකොට ඒ වාහනය හොඳ තත්ත්වයේ තියෙනවද බලනවා වගේම ඔයාගේ ළඟ තියෙන මුදලට සරිලන විදිහට වාහනයක් බලන්න ඕනේ. ඒ වගේම අලුත් වාහනයක් මිලදී ගන්නවද නැත්නම් second hand වාහනයක් මිලදී ගන්නවද කියන දේ ගැනත් සැළකිලිමත් වෙන්න ඕනේ. ඉතින් අද CarsGuide තුළින් කතා කරන්නේ ඔයාට හරියටම ගැලපෙන වාහනය තෝරාගන්නේ කොහොමද කියන එක ගැන.

අවශ්‍යතා ගැන බලන්න

ඔයා වාහනය ගන්නේ එදිනෙදා වැඩ කටයුතු වලටද නැත්නම් දෛනික රාජකාරි වැඩ කටයුතු වලටද කියන එක තීරණය කරන්න ඕනේ. මොකද ඔයාගේ අවශ්‍යතාවය අනුව තමයි වාහනයක් තෝරාගන්න ඕනේ.

Budget එක හදාගන්න

ඔයා වාහනයක් ගන්න කලින් ඔයාගේ ළඟ තියෙන මුදලට ගැළපෙන විදිහට ඔයා කොහොමද වාහනයක් මිලදී ගන්නේ කියන එක බලන්න ඕනේ. ඒ වගේම ඔයාට ගෙවාගෙන යන්න පුළුවන් කොහොමද, ඔයා බැංකු ණයක් ගන්නවා නම් එකේ පොළිය ලීසිං එකක් ගන්නවා නම් එකේ පොළිය ගැනත් බලන්න. ඒ නිසා ඔයා මුලින්ම ඔයාට හරියන්නේ මොන වගේ budget එකක වාහනයක්ද කියලා තේරුම්ගන්න ඕනේ.

කුමන ආකාරයටද මිලදී ගන්නේ කියන දේ ගැන බලන්න

ඔයා වාහනයක් මිලදී ගන්නේ ලීසිං ක්‍රමයටද එහෙමත් නැත්නම් එකපාරම වාහනයක් මිලදී ගන්නවද කියන දේ තීරණය කරන්න. ඉතින් ඔයා ලීසිං ක්‍රමයට ගත්තත් එකපාරම මිලදී ගත්තත් මේ දෙකේම වාසි වගේම අවාසිත් තියෙනවා. ලීසිං සඳහා සුළු මුදලක් හෝ අඩු මුදලක් අවශ්‍ය වන අතර අඩු මාසික ගෙවීම් ලබා දෙනවා. ඒ වගේම වාහනය එකපාර මිලදී ගැනීම මුලින් මිල අධික වන අතර මාසික ගෙවීම් වැඩි වෙනවා.

සෑම වාහනයක් ගැනම අවධානය යොමු කරන්න

ඔයා දැනටමත් ඔයා ගන්න වාහනය මොකක්ද කියලා තීරණය කරලා ඉවරද? ඒත් වර්තමානය වෙනකොට දිනෙන් දින වෙනස් වන වෙළඳපොළ තුළ අලුත් වාහන සෑම විටම ප්‍රදර්ශනාගාර වෙත පැමිණෙනවා. ඉතින් ඒ අතරින් ඔයා කවදාවත් හිතුවේ නැති වාහනයක් ඔයාට match වෙන්න පුළුවන්. ඒ නිසා හැම වාහනයක්‌ ගැනම අවධානය යොමු කරන්න අමතක කරන්න එපා.

විකිණීමට ඇති වාහන ගැන හොයන්න

ඔයා වාහනයක් ගන්න කලින් කරන්න ඕනේ තව දෙයක් තමයි විකුණන්න තියෙන වාහන ගැනත් අවධානය දෙන්න. ඉතින් ඒ වාහන අතරිනුත් ඔයාගේ අවශ්‍යතාවයට ගැළපෙන වාහනයක් තියෙනවද කියන එක බලන්න.

Test drive එකක් හදා ගන්න

ඔයාට ඔයාගේ අවශ්‍යතාවයන්ට ගැළපෙන වාහනයක් හම්බුනොත් ඔයා ඊළඟට කරන්න ඕනේ ඒ වාහනය check කරලා බලන එක. ඒ සඳහා ඔයාට වාහන අලෙවි නියෝජිතයා සමඟ කතා කරලා දිනයක් සහ වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. ඉතින් එහෙම ඔයා drive කරද්දී විවිධ ශබ්ද ඇහෙනවාද, brake හරියට වැඩ කරනවද කියලත් බලන්න. ඒ විදිහට වාහනයේ හැම option එකක්ම හරියට වැඩ කරනවද කියලා බලන්න ඕනේ.

වාහනය තෝරාගන්න

ඔයා වාහන කීපයක්ම check කළාට පස්සේ ඔයාට පුළුවන් සුදුසුම ඔයාගේ අවශ්‍යතාවන්ට ගැළපෙන වාහනය තෝරාගන්න.

මෙන්න මේ දේවල් තමයි ඔයා ඔයාට හරියටම ගැළපෙන වාහනය තෝරාගන්න කරන්න ඕනේ. ඉතින් ඔයා අලුතින්ම වාහනයක් ගන්න ඉන්න කෙනෙක් නම් අද CarsGuide අපි කියපු දේවල් ගැන සැළකිලිමත් වෙන්න මතක තියාගන්න

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
BYD ATTO 3 Standard 2025 for Sale

BYD ATTO 3 Standard 2025

0 km, Colombo
MEMBER
Rs 16,750,000
2 days ago
Kia Sorento Face Lift 7 Seater 2015 for Sale

Kia Sorento Face Lift 7 Seater 2015

125,000 km, Colombo
verified MEMBER
verified
Rs 23,790,000
5 days ago
Mercedes Benz E300 One Year Battery War 2015 for Sale

Mercedes Benz E300 One Year Battery War 2015

82,500 km, Colombo
verified MEMBER
verified
Rs 19,950,000
5 days ago
BMW 530e 2017 for Sale

BMW 530e 2017

55,000 km, Colombo
verified MEMBER
verified
Rs 34,450,000
3 days ago
Micro Rexton 2018 for Sale

Micro Rexton 2018

116,300 km, Kalutara
MEMBER
Rs 28,000,000
11 minutes ago
Auto Parts for saleikman logo
Nissan X Trail NT31 Rear Door Panel ( Only ) for Sale

Nissan X Trail NT31 Rear Door Panel ( Only )

verified MEMBER
Rs 30,000
6 minutes ago
BMW X5 F15 ABS Pump for Sale

BMW X5 F15 ABS Pump

verified MEMBER
verified
Rs 190,000
16 minutes ago
+ Post an ad on ikman