වාහනය park කරනකොට මේ වැරදි කරන්න එපා

11 Dec, 2023   
වාහනය park කරනකොට මේ වැරදි කරන්න එපා

වාහනයක් drive කරන ඕනම කෙනෙක් වාහනය හරියටම park කරන විදිහත් දැනගෙන ඉන්න ඕනේ. ඔබ වාහන ඕන තරම් park කරලා ඇති. හැබැයි ඒ හරිම විදිහද? සමහර අය නම් වාහනයක් park කරනකොට දැන දැනම ගොඩක් වැරදි කරනවා. තවත් සමහර අය නොදැනුවත්වම වැරදි විදිහට වාහනය park කරනවා. එහෙනම්, මොකක්ද මේ වාහනයක් park කරන හරිම විදිහ? CarsGuide තුළින් අපි අද ඔබට කියන්නේ, වාහනයක් park කරනකොට ඔබ කරන වැරදි සහ හරියටම වාහනයක් park කරන විදිහ ගැන.

Parking කියන්නේ මොකක්ද?

මීට කලින් ඔබ වාහනය නවත්වලා මුලින්ම මොකද කළේ? Parking එකට දානවද නැත්නම් hand brake අදිනවද? Parking කියන එකෙන් අදහස් වෙන්නේ, වාහනයේ තියෙන power එක නැත්නම්, engine එකෙන් එන torque එක wheels වලට ලබා දීම වළක්වනවා කියන එක විතරයි. ඒ කියන්නේ, Parking එක වාහනය නවත්වපුවාම එන stress එක දරා ගන්න භාවිතා කරන්න බැහැ.

මුලින්ම Parking ද? Hand brake ද?

හිතන්නකො, පල්ලමක් වගේ තැනක වාහනය නවත්වනවා කියලා. එතකොට, වාහනයේ බර transmission system එකට දරා ගන්න අමාරුයි. ඒක දරා ගන්න නෙවෙයි, P එක භාවිතා කරලා තියෙන්නේ. මේ P එක තියෙන්නේ, wheels වලට power එක ගමන් කිරීම lock කරන්න විතරයි. ඒ ඇති වෙන stress එක නැති කර ගන්න තමයි, emergency brake නැත්නම් parking brake එක තියෙන්නේ. සමහර වාහන වල නම් අතින් අදින්න පුළුවන් ලීවරයක් විදිහට තමයි, emergency brake එක තියෙන්නේ. අලුතෙන් එන වාහන වල නම්, කකුලෙන් පාගන්න පුළුවන් emergency brake දකින්න ලැබෙනවා.

වාහනය නවත්වන්නේ කොහොමද?

සාමාන්‍යයෙන් වාහනය නවත්වන්නේ, foot brake එක පාගලානේ. ඊට පස්සේ, gear knob එක Neutral එකට දාලා foot brake එක පාගගෙනම, emergency brake එක අදින්න. ඊළඟට gear knob එක Parking එකට දාන්න. Gear box එකේ wheels කැරකෙන පැත්තට තියෙන drive shaft එකේ දැති රෝදයක් තියෙනවා. ඒ දැති රෝදෙට Parking pawl කියලා කොක්කක් තියෙනවා. මේ විදිහට gear knob එක Parking එකට දානකොට ඒ දැති රෝදෙට මේ කොක්ක හිර වෙන එක තමයි වෙන්නේ.

වාහනයේ මුළු බර දරා ගන්නේ කොහොමද?

Parking pawl කියන්නේ, යකඩ කෑල්ලක්. ඒ නිසා තමයි, පල්ලමක් වගේ තැනක වාහනය නවත්වනකොට, වාහනයේ මුළු බරම දරා ගන්න බැරි වෙන්නේ. කාලයක් යනකොට ඒ කොක්ක ගෙවෙනවා. ඒ වගේම කැඩෙන්නත් පුළුවන්. එහෙම වුණොත් ඒ කෑල්ල transmission එක වටේ ගිහින් ලොකු හානියක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඔබ hand brake එක ඇදලා, වාහනය නවත්වලා තියන්න ඕනේ. එතකොට ඒ stress එක එන්නේ, emergency brake එකට.

වාහනය start කරලා යන්න ගත්තම start කරලා, gear knob එක Drive එකට දාලා ඊට පස්සේ, emergency brake එක release කරන්න. මේ මඟින් ඔබට වාහනයේ gear box එකත් ආරක්ෂා කර ගන්න පුළුවන්.

සමහර විට, මීට කලින් ඔබ මේ දේවල් ගැන දැනගෙන හිටියේ නැතුව ඇති. හැබැයි මේ Article එකෙන්, කොහොමද වාහනයක් park කරන්න ඕනෙ කියලා හොඳ අවබෝධයක් ඔබට ලැබෙයි කියලා අපි හිතනවා. ඉතින් ඔබ දන්න කියන වාහන drive කරන අයත් park කරනකොට, අපි අද කියපු වැරදි කරනවා නම්, මතක ඇතුව එයාලවත් මේ ගැන දැනුවත් කරන්න

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Ford Raptor Ranger 2017 for Sale

Ford Raptor Ranger 2017

140,000 km, Colombo
MEMBER
Rs 19,800,000
2 weeks ago
Toyota Land Cruiser Sahara ZX LC300 2025 for Sale

Toyota Land Cruiser Sahara ZX LC300 2025

0 km, Colombo
verified MEMBER
Rs 108,500,000
3 days ago
Toyota Raize Z HYBRID 1200 CC 2024 for Sale

Toyota Raize Z HYBRID 1200 CC 2024

1,000 km, Gampaha
verified MEMBER
Rs 15,500,000
4 minutes ago
Suzuki Celerio 2016 for Sale

Suzuki Celerio 2016

110,500 km, Colombo
MEMBER
Rs 5,675,000
5 days ago
Zotye Z100 2017 for Sale

Zotye Z100 2017

74,000 km, Colombo
MEMBER
Rs 2,875,000
17 minutes ago
Auto Parts for saleikman logo
Honda Ek 3 Gas Shock Absorbers (Front) for Sale

Honda Ek 3 Gas Shock Absorbers (Front)

verified MEMBER
Rs 8,985
10 seconds ago
Honda Grace Gas Shock Absorbers (Rear) for Sale

Honda Grace Gas Shock Absorbers (Rear)

verified MEMBER
Rs 8,985
55 seconds ago
Honda Grace Gas Shock Absorber (Front) for Sale

Honda Grace Gas Shock Absorber (Front)

verified MEMBER
Rs 10,985
1 minute ago
BMW 520d Engine with Gear Box (N47) for Sale

BMW 520d Engine with Gear Box (N47)

verified MEMBER
verified
Rs 1,250,000
17 minutes ago
+ Post an ad on ikman