විවිධ engine වර්ග හඳුනා ගමු

14 Sep, 2023   
විවිධ engine වර්ග හඳුනා ගමු

වාහනයකට අත්‍යාවශ්‍යම දෙයක් තමයි engine එක කියන්නේ. කෙටියෙන්ම කිව්වොත් engine එක තමයි වාහනයේ හදවත. ඉතින් වාහනයේ හදවත වගේ වෙන engine එකකින් කරන්නේ එක් ශක්තියක්, තවත් ශක්තියක් බවට පරිවර්තනය කරන එක. මෙහිදී සිදු වෙන්නේ තාප ශක්තිය යාන්ත්‍රික ශක්තිය බවට පත් කිරීමයි. ඉතින් මේ engine ගොඩක් වෙලාවට වැඩිපුරම භාවිතා වෙන්නේ මෝටර් රථ කර්මාන්තයේදී. ඉතින් මේ විදිහට විවිධ අවශ්‍යතා සඳහා විවිධ වූ engine වර්ග භාවිතා කරනවා.
ඉතින් අද CarsGuide අපි ඔබට කියන්නේ වාහන සඳහා භාවිතා වෙන විවිධ engine වර්ග කිහිපයක් ගැනයි.

Engine වර්ග කරන ආකාරය

1. ඉන්ධන දහනය වන ස්ථානය අනුව
2. Design එක මත පදනම්ව
3. Strokes ගණන මත පදනම්ව
4. භාවිතා කරන ලද ඉන්ධන මත පදනම්ව
5. ජ්වලන ක්‍රමය මත පදනම්ව
6. සිලින්ඩර ගණන මත පදනම්ව
7. සිලින්ඩර සැකසීම මත පදනම්ව

1. ඉන්ධන දහනය වන ස්ථානය අනුව

– අභ්‍යන්තර දහන එන්ජිම (Internal Combustion Engine)
අභ්‍යන්තර දහන එන්ජිමකදී සිදුවෙන්නේ engine එක ඇතුළේදී ඉන්ධන දහනය වීමයි. මෙවැනි අභ්‍යන්තර දහන engine වල වඩාත් සුලභ වර්ගය වන්නේ පහර හතරකින් සමන්විත Four strokes engine එකයි. එහි දහන චක්‍රය කොටස් හතරකින් සමන්විත වෙනවා.

– Engine එක තුළ ඉන්ධන සහ ඔක්සිකාරක මිශ්‍රණයක් සැපයීම
– එම මිශ්‍රණය සම්පීඩනය කිරීම
– ගිනි පුපුරක් මඟින් හෝ වාත සම්පීඩනයෙන් ලැබෙන උෂ්ණත්වය මඟින්, ඉන්ධන මිශ්‍රණය දහනය කිරීම
– දැවුණූ මිශ්‍රණය පිට කිරීම

– බාහිර දහන එන්ජිම (External Combustion Engine)

බාහිර දහන engine එකක ඉන්ධන දහනය සිදු වන්නේ engine එකෙන් පිටතදියි. මෙහිදී පීඩන වාෂ්ප නිපදවීමට අතිරේක තාපය උපයෝගී කරගන්නවා. පසුව එමගින් භ්‍රමණයට අවශ්‍ය බලය ලබා දීම සිදු කරනවා. මෙහි අනෙක් engine වලට වඩා විශේෂයක් තියෙනවා. බාහිර දහන එන්ජිමක දහනය සිදු වන්නේ engine එකෙන් පිටත නිසා අපිට ඝන ඉන්ධන ද භාවිතා කරන්න පුලුවන්.

2. Design එක මත පදනම්ව

– Reciprocating Engine
මෙම වර්ගයේ engine එකලස් කරලා තියෙන්නේ පිස්ටන් හා සිලින්ඩර් යොදාගෙනයි. මෙය මෝටර් රථ කර්මාන්තයේ භාවිතා වන වඩාත් සුලභ engine එකක් විදිහට හඳුන්වන්න පුලුවන්.

– Rotary Engine (Wankel Engine)
මෙම engine වර්ගය මුලින්ම නිෂ්පාදනය කරනු ලැබුවේ 1957 වර්ෂයේදීයි. මෙය ත්‍රිකෝණාකාර හැඩැති රෝටරය සහ ඉලිප්සියාකාර හැඩැති කුටීරය ලෙස කොටස් දෙකකින් සමන්විත වෙනවා.

3. Strokes ගණන මත පදනම්ව

– Four strokes Engine
මෙම engine එකේ දහන චක්‍රය සම්පූර්ණ වීමට නම් චූෂණ පහර, සම්පීඩන පහර, බල පහර සහ පිටාර පහර යනුවෙන් පහර හතරක් ක්‍රියාත්මක වීම අනිවාර්යය වෙනවා.

– Two Strokes Engines
මෙම engine එකේදී එක් දහන චක්‍රයක් ක්‍රියාත්මක වීමට නම් පිස්ටනය පහර දෙකක් ක්‍රියාත්මක විය යුතුයි.

4. භාවිතා කරන ලද ඉන්ධන මත පදනම්ව

– Diesel Engine
ඉන්ධන ලෙස ඩීසල් භාවිතා කරයි

– Petrol Engine
ඉන්ධන ලෙස petrol භාවිතා කරයි

– Gas Engine
ඉන්ධන ලෙස LPG හෝ CNG වායුව භාවිතා කරයි

– Electric Engine
විදුලි ශක්තිය භාවිතා කරයි.

5. ජ්වලන ක්‍රමය මත පදනම්ව

– Compression-Ignition Engine
මෙහිදී ඉන්ධන දහනය කිරීම සඳහා අමතර උපකරණ භාවිතා කිරීම සිදු නොවන අතර ඉන්ධන ජ්වලනය වීමට අවශ්‍ය උෂ්ණත්වය, වාත සම්පීඩනය මගින් ලබා ගැනීම සිදු වෙනවා.

– Spark-Ignition Engine
මෙහි ඉන්ධන දහනය කිරීම සඳහා spark plug එකක් භාවිතා කිරීම සිදු වෙනවා.

6. සිලින්ඩර ගණන මත පදනම්ව

– Single-cylinder engine
එක් සිලින්ඩරයක් පමණක් ඇති engine මේ නමින් හඳුන්වනවා.

– Multi-cylinder engine
සිලින්ඩර දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් ඇති engine හැඳින්වීමට මෙය භාවිතා කරයි.

7. සිලින්ඩර සැකසීම මත පදනම්ව

– In-line Engine
මෙහි සිලින්ඩර 2 සිට 8 දක්වා ප්‍රමාණ වලින් නිර්මාණය කර තිබෙනවා.

– V-type Engine
මෙහි සිලින්ඩර V හැඩැති කෝණයකට යොදා තිබෙනවා. අඩු ඉඩක වැඩි බලැති engine ප්‍රමාණයක් ස්ථාපනය කළ හැකි වීම මෙහි වාසියක්.

– Opposed cylinder engine
මෙහිදී පිස්ටන් එකිනෙකට මුහුණලා තිරස් ආකාරයට පොළොවට සමාන්තරව යොදා තිබෙනවා.

– W-type Engine
මෙම engine වර්ගය මඟින් විශේෂයෙන් වැඩි වේගයක් ලබා ගැනීමට පුලුවන්.

– Radial Engine
මෙම engine වර්ගය නම් විශේෂයෙන් ගුවන්යානා සඳහා යොදා ගැනීම සිදු කරනවා.

ඉතින් මේ තමයි ලෝකයේ දැනට පවතින විවිධ වූ engine වර්ග. ඔබට මේ article එක නිසා engine වර්ග ගැන යම්කිසි දැනුමක් ලැබෙන්න ඇති කියලා කියලා හිතනවා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Raize Z Hybrid 2025 for Sale

Toyota Raize Z Hybrid 2025

0 km, Kalutara
verified MEMBER
Rs 16,250,000
6 days ago
Honda Crossroad 2008 for Sale

Honda Crossroad 2008

165,000 km, Colombo
MEMBER
Rs 8,700,000
1 minute ago
Audi A4 2.0L 40TFSI 2016 for Sale

Audi A4 2.0L 40TFSI 2016

87,000 km, Gampaha
verified MEMBER
verified
Rs 18,800,000
1 week ago
Hyundai Trajet JEEP 2004 for Sale

Hyundai Trajet JEEP 2004

111,110 km, Colombo
MEMBER
Rs 3,675,000
3 minutes ago
Suzuki Celerio 2018 for Sale

Suzuki Celerio 2018

51,000 km, Colombo
verified MEMBER
Rs 6,390,000
7 minutes ago
Auto Parts for saleikman logo
Honda Fit GP5 Dual Clutch for Sale

Honda Fit GP5 Dual Clutch

verified MEMBER
verified
Rs 135,000
2 minutes ago
Honda grace Dual clutch for Sale

Honda grace Dual clutch

verified MEMBER
verified
Rs 135,000
12 minutes ago
Offroad Oil and Water Tank - Petrol Diesel for Sale

Offroad Oil and Water Tank - Petrol Diesel

verified MEMBER
verified
Rs 32,500
51 minutes ago
+ Post an ad on ikman