L permit එකක් කියන්නේ මොකක්ද?

23 Aug, 2023   
L permit එකක් කියන්නේ මොකක්ද?

බොහෝදෙනා හිතනවා L permit එක කියන්නේ තාවකාලික රියදුරු බලපත්‍රයක් කියලා. හැබැයි ඒක වැරදියි.

නුපුහුණු රියදුරන්ට වාහනයක් drive කිරීමට පුරුදු වීම සඳහා ලබා දෙන බලපත්‍රයක් විදිහට අපිට L permit එක හඳුන්වන්න පුලුවන්. ඉතින් ඒ නිසාම අද CarsGuide අපි ඔබට කියන්නේ ඇත්තටම L permit එකක් කියන්නේ මොකක්ද කියලා.

L permit එකක් ගැනීමට අවශ්‍ය සුදුසුකම්

– වයස අවුරුදු 17කට වඩා වැඩි වීම
– ශ්‍රී ලංකාවේ වලංගු ජාතික හැඳුනුම්පත තිබීම
– උප්පැන්න සහතිකයේ මුල් පිටපත තිබීම
– මාස 3ක් ඇතුළත ලබා ගත් වෛද්‍ය සහතිකය

L permit එකක් ගන්නේ කොහොමද?

ඉහත සඳහන් කළ සියලුම ලියකියවිලි රැගෙන ඔබට ළඟම ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයේ පිහිටි RMV කාර්යාලයට යන්න ඕනේ. ඊට පස්සේ ඔබ එහි register විය යුතුයි. ලියාපදිංචි වීමේ කටයුත්ත ඔබට තනිවම හෝ leaners එකක් හරහා වුණත් සිදු කරගන්න පුලුවන්.

ලියාපදිංචි වීමෙන් අනතුරුව ඔබට රියදුරු බලපත්‍රය ලබා ගැනීමට මුහුණ දිය යුතු විභාගය සඳහා දිනයක් ලබා දීම සිදු කරනවා. සාමාන්‍යයෙන් ලියාපදිංචි වී සතියක් වගේ කාලයක් තුළදී ඔබට විභාගය සඳහා පෙනී සිටින්න පුලුවන්. ඉතින් මේ විභාගය සමත් වීමෙන් අනතුරුව තමයි ඔබට L permit එක ලබා දීම සිදු වන්නේ.

L permit එකෙන් drive කිරීමට තිබිය යුතු සුදුසුකම්

– ඔබ drive කරන වාහනය පෞද්ගලික වාහනයක් විය යුතුයි
– වාහනයේ ඉදිරිපස සහ පිටුපස L boards තිබිය යුතුයි
– ඔබ ළඟ L permit එක තිබිය යුතුයි
– ලයිසන් තිබෙන, වයස අවුරුදු 21ට වැඩි පුද්ගලයෙක් ඔබේ වාහනයේ සිටිය යුතුයි

L permit එක ගත්තට පස්සේ?

L permit එක තිබ්බා කියලා ඔබට හිතෙන හිතෙන විදිහට තනියම නම් වාහන drive කරන්න බැහැ. ඔබ සැහැල්ලු වාහන සඳහා නම් අයදුම් කළේ අනිවාර්යයෙන්ම ඔබ drive කරන වාහනයේ passenger seat එකේ අවුරුදු 21ට වැඩි රියදුරු බලපත්‍රය සහිත පුද්ගලයෙක් ඉන්නම ඕනේ. ඒ වගේම එම පුද්ගලයාට ඔබ අයදුම් කළ වාහන කාණ්ඩයේ බලපත්‍රයක් තිබීම අනිවාර්යයි.

ඔබ අයදුම් කළේ ත්‍රී රෝද රථ සඳහා නම් අනිවාර්යයෙන්ම ත්‍රී රෝද රථය පදවන අවස්ථාවේ පිටුපසින්, රියදුරු බලපත්‍රයක් හිමි පුද්ගලයෙක් ඉන්නම ඕනේ.

හැබැයි ඔබ මෝටර් සයිකල් අයදුම්කරුවෙක් නම් ඔබට පුලුවන් තනිවම මෝටර් සයිකලය පදවන්න.

L boards අනිවාර්යයි

ඒ වගේම ඔබ L permit එකකින් වාහනයක් පදවාගෙන යනවා නම් ඉදිරිපස සහ පසුපස සුපැහැදිලිව L boards දෙකක් සවි කරන්න ඕනේ. ඔබේ වාහනය කුමක් වුණත් වාහනයේ ඉදිරිපසින් සහ පිටුපසින් ඕනෑම කෙනෙක්ට හොඳින් පෙනෙන ආකාරයට L පුවරු දෙකක් සවි කිරීම අනිවාර්යයි. මොකද පොලීසියකින් ඔබව පරීක්ෂා කිරීමට නැවත්තුවොත් වගේම පාරේ ගමන් කරන අනෙක් මඟින්ටත් ඔබ තවමත් පුහුණු වන රියදුරෙක් බව ලේසියෙන්ම හදුනා ගන්න පුලුවන්.

ඔබට L permit එක ලැබිලා දින 90කට පස්සේ trial date එකක් ලබා දීම සිදු කරනවා.

මේ දේවල් තමයි L permit එක පිළිබඳව ඔබව දැනුවත් කරන්න තියෙන්නේ. ඒ වගේම මාර්ග නීති සුරකින විනීත රියදුරෙක් ලෙස සමාජයට යන එක ඔබේ වගකීමක් බව අමතක කරන්න එපා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
BYD SEALION6 PREMIUM 4X4 2025 for Sale

BYD SEALION6 PREMIUM 4X4 2025

3,650 km, Puttalam
MEMBER
Rs 25,500,000
1 week ago
Toyota Hilux Rocco GR Sport 2025 for Sale

Toyota Hilux Rocco GR Sport 2025

0 km, Gampaha
verified MEMBER
verified
Rs 32,500,000
1 minute ago
Toyota Hilux Revo Rocco 2025 for Sale

Toyota Hilux Revo Rocco 2025

0 km, Gampaha
verified MEMBER
verified
Rs 28,200,000
4 minutes ago
Toyota Hilux Revo Single Cab 2025 for Sale

Toyota Hilux Revo Single Cab 2025

0 km, Gampaha
verified MEMBER
verified
Rs 13,250,000
10 minutes ago
Suzuki Alto Granite Grey 2016 for Sale

Suzuki Alto Granite Grey 2016

112,000 km, Galle
MEMBER
Rs 3,975,000
12 minutes ago
Auto Parts for saleikman logo
Japan Tail Lights for Sale

Japan Tail Lights

verified MEMBER
verified
Rs 10,000
1 week ago
Honda Dual Clutch for Sale

Honda Dual Clutch

verified MEMBER
verified
Rs 95,000
2 hours ago
17

17 " Wheel Set

MEMBER
Rs 80,000
2 hours ago
Honda Vezel Ru3 Engine Bed for Sale

Honda Vezel Ru3 Engine Bed

verified MEMBER
Rs 68,000
5 hours ago
Toyota CHR Front Windscreen for Sale

Toyota CHR Front Windscreen

MEMBER
Rs 85,000
5 hours ago
+ Post an ad on ikman