ආනයන තහනම ඉවත් වෙන වාහන ලැයිස්තුව මෙන්න

14 Aug, 2023   
ආනයන තහනම ඉවත් වෙන වාහන ලැයිස්තුව මෙන්න

ශ්‍රි ලංකාවේ විදේශ විනිමය අනුපාතය මත ඇති වු දැඩි පීඩනය සමනය කර මෙරට විදේශ සංචිත ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෝටර් වාහන ආනයනය සීමා කිරීමට රජය 2020 මාර්තු මාසයේ පියවර ගත්තා.

රජයේ තීරණය සමඟ මෙරට වෙළඳපල තුළ මෝටර් වාහන වල මිල ඉතා ඉහළ වශයෙන් ඉහළ ගිය අතර පාවිච්චි කරන ලද මෝටර් රථවල මිල ගණන්ද 100% ඉක්මවා මිල ඉහළ ගියා.

IMFහි වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමෙන් පසු ආර්ථිකය තුළ ඇති වු ධනාත්මක තත්වයත් සමඟ මෝටර් රථ වාහන ආනයන තහනම යළි සලකා බැලීමට රජය පසුගියදා කටයුතු කළා.

ඒ අනුව එහි පළමු අදියර ලෙස පොදු ප්‍රවාහනය සඳහා පනවා තිබු සීමාවන් ඉවත් කිරීමට රජය සුදානම් බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.ඊට ආදාළ ගැසට් නිවේදනය මෙම සතියේ නිකුත් කරන බවද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ පවතින විදේශ විනිමය සංචිත සලකා බැලීමේදී අනෙකුත් වාහන ආනයනය කිරීම තවදුරටත් ප්‍රමාද වනු ඇති බවයි. වාහන ආනයනය ඉහළ යාම හරහා ඩොලරයේ අගය යළි ඉහළ යා හැකි බව මුල්‍ය විශ්ලේෂකයින් අවධාරණය කළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(Source: Ada Derana, NewsWire)

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Audi A3 Sport Back 2018 for Sale

Audi A3 Sport Back 2018

44,000 km, Colombo
MEMBER
Rs 16,500,000
1 week ago
Ford Raptor Ranger Pre Order 2025 for Sale

Ford Raptor Ranger Pre Order 2025

10 km, Gampaha
verified MEMBER
verified
Rs 33,250,000
6 minutes ago
Honda Vezel Z Package 2024 for Sale

Honda Vezel Z Package 2024

0 km, Colombo
verified MEMBER
Rs 21,775,000
6 days ago
BMW 318i M-Sport individual 2019 for Sale

BMW 318i M-Sport individual 2019

36,000 km, Colombo
verified MEMBER
Rs 26,990,000
1 week ago
Audi A4 2.0L 40TFSI 2016 for Sale

Audi A4 2.0L 40TFSI 2016

92,000 km, Gampaha
verified MEMBER
verified
Rs 19,700,000
3 weeks ago
Auto Parts for saleikman logo
Honda CRV Tires 235/60R18 for Sale

Honda CRV Tires 235/60R18

verified MEMBER
Rs 50,000
1 hour ago
Honda Grace KYB Shock Absorber for Sale

Honda Grace KYB Shock Absorber

verified MEMBER
verified
Rs 17,400
1 week ago
+ Post an ad on ikman