Insurance එකක් දැමීමෙන් ලැබෙන වාසි සහ අවාසි

27 Jul, 2023   
Insurance එකක් දැමීමෙන් ලැබෙන වාසි සහ අවාසි

ඔබ දන්නවද? වාහනයක් මාර්ගයේ drive කරන්න නම්, ලේඛන තුනක් තියෙන්න ඕනේ. ඒ තමයි, Income License එක, driving license එක සහ motor insurance එක. මෝටර් වාහන පනතට අනුව වලංගු රක්ෂණයක් නොමැති වාහනයක් මාර්ගයේ ධාවනය කිරීම නීති විරෝධී ක්‍රියාවක්. ඒ නිසා මඟ නොහැර ඔබේ වාහනයත් Insurance කර ගන්න. හැබැයි වාහනය Insurance කිරීමෙන් වාසි වගේම අවාසි කිහිපයකුත් ඔබට අත් විඳින්න සිද්ධ වෙනවා. අද CarsGuide තුළින් අපි ඔබට කියන්නේ, Insurance එකක් දැමීමෙන් ලැබෙන වාසි සහ අවාසි ගැන.

Motor Insurance කියන්නේ මොකක්ද?

තම වාහනය සොරකම් කිරීම හෝ වාහනයට සිදු වන අලාභ හානියක් හේතුවෙන්, ඔබට යම් මූල්‍ය පාඩුවක් සිදු වෙන්න පුළුවන්. එවැනි පාඩුවක් සිදු වීම වැළැක්වීම සඳහා වාහන හිමියන් වෙනුවෙන් නිර්මාණය කර ඇති විශේෂ රක්ෂණ ඔප්පුවක් තමයි, Motor Insurance කියන්නේ. ඔබ ළඟ තියෙන්නේ, Motor Bike එකක් වුණත්, ව්‍යාපාරික කටයුතු වලට යොදා ගන්න වාහනයක් වුණත්, පෞද්ගලික වාහනයක් වුණත්, ඔබට Insurance එකක් ලබා ගන්න පුළුවන්.

Insurance එකක් දැමීමේදී සැළකිලිමත් වෙන්නේ මොනවා ගැනද?

Market value එකට අඩුවෙන් හෝ වැඩියෙන් රක්ෂණාවරණයක් ලබා ගන්න එපා.
මේකට හේතුව තමයි, අනතුරකදී හානි පූරණය කරන්නේ, market value එකට පමණක් වීම.

වාහනය යොදා ගන්නා කාර්යය අනුව රක්ෂණය කරන්න.
මඟී ප්‍රවාහනය, භාණ්ඩ ප්‍රවාහනය, පුද්ගලික පරිහරණය වැනි විවිධ කරුණු සඳහා වාහන භාවිතා කරන නිසා, ඊට ගැළපෙන රක්ෂණාවරණයක් ලබා ගන්න ඕනේ.

රක්ෂණය ආරම්භ වූ දින සිට, දින 60 ක් තුළ සම්පූර්ණ රක්ෂණ වාරිකය ගෙවිය යුතු බවට ඔබ, රක්ෂණ සමාගම හා එකඟ වී ඇති අවස්ථාවක නම්, ඒ විදියටම ගෙවීම කරන්න. නැත්නම්, දැනුම් දීමකින් තොරව ඔබේ රක්ෂණ ඔප්පුව cancel වෙන්න පුළුවන්.

Insurance එකෙන් ලැබෙන වාසි මොනවාද?

– හදිසි අනතුරු වලට එරෙහි ආවරණය
– ස්වභාවික විපත් වලට එරෙහි ආවරණය
– සොරකමකදී හෝ එකම රක්ෂණ සමාගමක් සමඟ බහුවිධ රක්ෂණ හිමි කර ගැනීමේදී, premium discount ලබා දීම
– තම කැමැත්ත ඇතිව ඔබේ වාහනය drive කරන වෙනත් අයෙකුට ආවරණය දීර්ඝ කිරීම සඳහා ප්‍රතිපාදන

Insurance එකෙන් ලැබෙන අවාසි මොනවාද?

– Claim bonus නොමැති වීම
– ප්‍රතිපත්ති පත්‍රිකා වල සඳහන් වන අඩු කිරීම් ඇතුළත් වීම
– Electrical හෝ mechanical breakdown සඳහා ආවරණය නොවීම
– රක්ෂණ හිමිකරු හැර වෙනත් අයෙකු විසින් වාහනය drive කරන විට, හදිසි අනතුරක් සිදු වුවහොත් ආවරණයක් ලබා නොදීම
– Contract එකෙන් පිටත කිසිදු claim එකක් සඳහා ආවරණය නොවීම

මේ තමයි ඔබේ වාහනයට Insurance එකක් දැමීමෙන් ලැබෙන වාසි සහ අවාසි. නමුත් මොන අවාසිය තිබුණත්, වාහනයට Insurance එකක් තිබීම, safety ride එකක් සඳහා ඔබට මඟ පාදනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබේ වාහනයත් Insurance කර ගන්න. ඒ වගේම මතක ඇතුව Insurance එක expire වුණාට පස්සේ ඒක අලුත් කර ගන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Honda CRV 2019 for Sale

Honda CRV 2019

84,200 km, Colombo
MEMBER
Rs 21,000,000
2 weeks ago
Toyota Raize 2020 for Sale

Toyota Raize 2020

45,961 km, Colombo
MEMBER
Rs 11,950,000
1 day ago
Peugeot 5008 GT Line 2020 for Sale

Peugeot 5008 GT Line 2020

127,000 km, Gampaha
MEMBER
Rs 21,000,000
3 weeks ago
BMW X5 eDrive 2016 for Sale

BMW X5 eDrive 2016

106,000 km, Colombo
MEMBER
Rs 27,900,000
3 weeks ago
Toyota Hilux Revo 4*4 AT 2025 for Sale

Toyota Hilux Revo 4*4 AT 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 28,000,000
1 week ago
Auto Parts for saleikman logo
Tata 1109 Lorry Cabin for Sale

Tata 1109 Lorry Cabin

MEMBER
Rs 350,000
1 hour ago
Tata 2516 Lorry Cabin for Sale

Tata 2516 Lorry Cabin

MEMBER
Rs 400,000
1 hour ago
Bmw X1 E84 Rear Right Side Outer Light for Sale

Bmw X1 E84 Rear Right Side Outer Light

verified MEMBER
Rs 35,000
2 hours ago
+ Post an ad on ikman