වාහන ආනයනය ගැන රජයෙන් අලුත් තීරණයක්

07 Mar, 2024   
වාහන ආනයනය ගැන රජයෙන් අලුත් තීරණයක්

විදෙස් රටවල සේවයන්හි නිරත ශ්‍රී ලාංකිකයින්ට විද්‍යුත් වාහන ආනයනය කිරීමට අදාළ නව යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකු වෙත විධිමත් බැංකු මාර්ගයෙන් විදේශ ප්‍රේෂණ හුවමාරු කිරීම සහ විදේශයන්හි සේවයේ නිරත ශ්‍රී ලාංකිකයින්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට 2022 වසරේ අගෝස්තු මස 08 වනදා පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමිවිය.

එම යෝජනා ක්‍රමයේ වලංගු කාලය 2024 වර්ෂයේ ජුනි මස 30 වනදා දක්වා දීර්ඝ කිරීමට පසුගිය ජනාවාරි මාසයේ 08 වනදා පැවති කැබිනට් රැස්වීමේදී තීරණය කර තිබුණි.

ඒ අනුව ඒ සඳහා විධිවිධාන සලසමින් 1969 අංක 01 දරන ආනයන හා අපනයන පනත යටතේ නිකුත් කර ඇති 2024 අංක 02 දරන ආනයන හා අපනයන රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට ආදාළව ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණි.

(Source : Ada Derana)

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Vitz 2017 for Sale

Toyota Vitz 2017

96,232 km, Kandy
MEMBER
Rs 8,195,000
10 seconds ago
Suzuki Wagon R Stingray 2018 for Sale

Suzuki Wagon R Stingray 2018

46,500 km, Colombo
MEMBER
Rs 7,050,000
2 days ago
Mazda Tribute 2001 for Sale

Mazda Tribute 2001

180,000 km, Colombo
verified MEMBER
verified
Rs 4,090,000
38 minutes ago
Mercedes Benz E200 BRAND NEW 2010 for Sale

Mercedes Benz E200 BRAND NEW 2010

118,500 km, Gampaha
verified MEMBER
Rs 15,250,000
1 week ago
Mazda Carol 2015 for Sale

Mazda Carol 2015

78,000 km, Colombo
verified MEMBER
verified
Rs 5,250,000
46 minutes ago
+ Post an ad on ikman