රථවාහන වැරදි සම්බන්ධව පැමිණිලි කරන්න e – traffic ස්මාට් ඇප් එක හඳුන්වා දෙයි

03 Jan, 2025   
රථවාහන වැරදි සම්බන්ධව  පැමිණිලි කරන්න e – traffic ස්මාට් ඇප් එක හඳුන්වා දෙයි

ශ්‍රී ලංකා පොලීසිය විසින් e-Traffic නම් විශේෂ ජංගම දුරකථන යෙදුම හඳුන්වා දී තිබෙනවා. ඒ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩ සටහනට සමගාමීවයි.

පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් එම ජංගම දුරකථන යෙදවුම අද (01) හඳුන්වා දීමට පියවර ගෙන තිබුණා.

මාර්ග ආශ්‍රිතව සිදුවන රථ වාහන වැරදි හා මාර්ග නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධව මෙම ජංගම දුරකථන යෙදවුම හරහා මහජනතාවට ක්ෂණිකව පැමිණිලි කළ හැකියි.

මෙම ජංගම දුරකථන යෙදවුම ඔබගේ ජංගම දුරකථනය වෙත පහසුවෙන් බාගත කර ගැනීමට ශ්‍රී ලංකා පොලීසියේ නිල වෙබ් අඩවිය වන www.police.lk ඔස්සේ E-services වෙත පිවිස e-Traffic වෙත පිවිසිය යුතු බවයි පොලීසිය පවසන්නේ.

මෙම ජංගම දුරකථන යෙදුම මගින් ඔබගේ පැමිණිලි ක්ෂණිකව පොලිස් මූලස්ථානය වෙත යොමු කළ හැකි බවද පොලීසිය සඳහන් කරනවා.

දෛනිකව සිදුවන රිය අනතුරු අවම කර ගැනීමට මහජනයාගේ සහාය ලබා ගැනීම මෙම e-Traffic ජංගම දුරකථන යෙදවුම හඳුන්වා දීම මඟින් අපේක්ෂා කෙරෙන අතර, ඡායාරූප සහ වීඩියෝපට මෙම ගිණුම හරහා පොලිස් මූලස්ථානය වෙත යොමු කළ හැකි බව සඳහන්.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Ford Raptor Ranger Diesel Bi-turbo 2019 for Sale

Ford Raptor Ranger Diesel Bi-turbo 2019

72,000 km, Colombo
MEMBER
Rs 25,200,000
2 weeks ago
Toyota Premio 2018 for Sale

Toyota Premio 2018

58,650 km, Anuradhapura
MEMBER
Rs 18,500,000
4 weeks ago
Nissan Patrol Y61 2015 for Sale

Nissan Patrol Y61 2015

135,000 km, Colombo
MEMBER
Rs 33,500,000
1 week ago
Honda City RS TURBO 2025 for Sale

Honda City RS TURBO 2025

0 km, Colombo
MEMBER
Rs 14,575,000
1 minute ago
Honda Vezel Z-Grade Orange Pack 2014 for Sale

Honda Vezel Z-Grade Orange Pack 2014

114,970 km, Ratnapura
MEMBER
Rs 10,100,000
3 minutes ago
Auto Parts for saleikman logo
BMW i8 Engine for Sale

BMW i8 Engine

MEMBER
Rs 2,500,000
2 minutes ago
Tractor Rotary for Sale

Tractor Rotary

MEMBER
Rs 380,000
4 minutes ago
Range Rover Hybrid AC Compressor for Sale

Range Rover Hybrid AC Compressor

MEMBER
Rs 350,000
12 minutes ago
+ Post an ad on ikman