මෙරටට වාහන ආනයනය සීමා කලත් පසුගිය වසරේ සිට ඉලෙක්ට්‍රික් කාර් ගෙන්වීම සඳහා පහසුකම් සපයන්න ශ්‍රී ලංකා රජය කටයුතු කළා.
විදෙස් රටක් ජිවත්වන,රැකියා කරන හෝ ද්විත්ව පුරවැසිභාවය දරන ඕනෑම ලාංකීකයෙකු මේ සඳහා මුලික සුදුසුකම් සපුරනවා.ඒ අනුව මෙරටට නීත්‍යානුකූල ක්‍රම ඔස්සේ විදේශ විනිමය(foreign remittance) එවන ලාංකීයන් හට ඉලෙක්ට්‍රික් වාහනයක්(electric vehicle) මෙරටට ගෙන්වීම සඳහා අවශ්‍ය වන බලපත්‍රයක්(vehicle permit) නිකුත් කරනවා.
මසකට ඇමරිකානු ඩොලර් 3,000ක් හෝ ඊට වැඩි මුදලක් ඔබ ඒවා ඇත්නම් විද්‍යුත් යතුරුපැදියක් (electric motorcycle)ආනයනය (import)කිරීම සඳහා බලපත්‍රයක්(vehicle permit) හිමි වෙනවා.
ඇමරිකානු ඩොලර් 20,000ක් හෝ ඊට වැඩි මුදලක් ඒවා ඇත්නම් සහ එවන ලද මුදලින් 50%ක් රුපියල් බවට පරිවර්තනය කර ඇත්නම් ඉලෙක්ට්‍රික් කාර්(electric car) එකක් ආනයනය (import)කිරීම සඳහා බලපත්‍රයක්(vehicle permit) හිමි වෙනවා.