Next-Gen Mini Cooper Hardtop එක දොරවල් 5ක් සමඟින් නිකුත් වෙයි

07 Jun, 2023   
Next-Gen Mini Cooper Hardtop එක දොරවල් 5ක් සමඟින් නිකුත් වෙයි

Mini Cooper සම්පූර්ණයෙන්ම electric brand එකක් බවට පත් වෙන ලකුණු

Mini Cooper, 48-volt mild-hybrid variant එකක් සෑදීමට කටයුතු කරයි

Mini Cooper එකත් බොහෝ මෝටර් රථ නිෂ්පාදකයින් වගේම දවසක සම්පූර්ණයෙන්ම electric brand එකක් බවට පත් කිරීමේ plan එකක් තිබෙන බව ජාත්‍යනතර මාධ්‍ය වාර්තා කරනවා. ඉතින් මේ වෙනස් වීම එක රැයකින් සිදු වුණේ නැති වුණත් Mini Cooper නිෂ්පාදන සමාගම හොඳ lineup එකක් follow කරන බව නම් පෙනෙන්නට තියෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි Mini Cooper Hardtop five-door variant එක. ඒ විතරක් නෙමෙයි මේ අලුත් variant එකේ electrification එකක් බලාගන්නත් පුලුවන්.

පැපරාසි ඡායාරූප වලින් නම් පේන්නේ අලුත් five-door version එක three-door version එකේ ආභාෂය ලබාගෙන තියෙනවා කියල. අලුත් grille shape එක, ලොකු රවුම් හැඩති LED headlights සහ අනික් visual upgrades දැක්කම අපිට පෙනෙන්නේ Mini Cooper Hardtop five-door variant එක ගොඩක් දුරට Mini Cooper Hardtop three-door variant එකට සමානයි කියලා.

නමුත් Mini Cooper Hardtop five-door variant එක three-door එකට වඩා අඟල් හයක් හෝ අටක් පමණ දිගින් යුතු වෙනවා. මේ වැඩි වෙන ඉඩ ප්‍රමාණය backseat passengers සහ cargo space එක විදියට ගොඩක් useful වෙනවා.

අද අපි කතා කරන Mini Cooper Hardtop five-door variant එක 184-horsepower Cooper E trim සහ වඩාත් ප්‍රබල 218-hp Cooper SE ඇතුළත් වෙන්න පුලුවන්. ඒ වගේම 40.7- සහ 54.2-kilowatt-hour බැටරි සමඟ පිළිවෙලින් සැතපුම් 124 සිට 136 සහ 248 පරාසයක් ආවරණය කරන්නත් පුළුවන්. Mini Cooper, 48-volt mild-hybrid variant එකක් සෑදීමට කටයුතු කරනවා කියලා ආරංචි වුණත් ඒ ගැන විස්තර නම් හොයාගන්න ලැබෙන්නේ නැහැ.

ඒ වගේම නව Cooper Hardtop එකට අමතරව, Mini next-generation Countryman ද සංවර්ධනය කරමින් සිටින අතර, එහි John Cooper Works version එකක් ඇතුළත් වෙනවා කියලා වාර්තා වෙනවා.

Similar News


1 comment

Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Suzuki Wagon R Stingray 2018 for Sale

Suzuki Wagon R Stingray 2018

100,000 km, Colombo
MEMBER
Rs 7,500,000
3 days ago
Honda Fit Shuttle GP5 2015 for Sale

Honda Fit Shuttle GP5 2015

68,600 km, Monaragala
MEMBER
Rs 8,300,000
2 minutes ago
Toyota Aqua S 2013 for Sale

Toyota Aqua S 2013

117,000 km, Colombo
MEMBER
Rs 7,200,000
3 minutes ago
Mercedes Benz GLE 300D 4MATIC Premium Plus 2019 for Sale

Mercedes Benz GLE 300D 4MATIC Premium Plus 2019

84,000 km, Colombo
verified MEMBER
verified
Rs 46,500,000
3 minutes ago
BMW X2 M Sport X -F39 2019 for Sale

BMW X2 M Sport X -F39 2019

42,000 km, Colombo
verified MEMBER
verified
Rs 22,500,000
5 minutes ago
Auto Parts for saleikman logo
+ Post an ad on ikman