QR කේතය සහිත නව රියදුරු බලපත්‍රයක්

02 Nov, 2023   
QR කේතය සහිත නව රියදුරු බලපත්‍රයක්

දැනට පවතින අර්ධ සන්නායක චිප් වෙනුවට QR කේත සහිත රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ව්‍යාපෘතියක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) දියත් කර ඇති බව වාර්තා වේ.

මාධ්‍ය වාර්තාවලට අනුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පැවසුවේ ඩිජිටල් හෝ ස්මාර්ට් රියදුරු බලපත්‍ර හඳුන්වාදීමේ ව්‍යාපෘතිය ඔක්තෝම්බර් මාසයේදී කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසුව ආරම්භ කළ බවයි.

ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සහ නිකුත් කිරීම නැවත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත භාරදීමෙන් අනතුරුව ඔක්තෝබර් 16 වන දින මුද්‍රණ ක්‍රියාවලිය ආරම්භ කළ බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස චිප් කියවීම් ඒකක ආනයනය කිරීමේදී ඇති වූ දුෂ්කරතා හේතුවෙන් අර්ධ සන්නායක චිප් වෙනුවට QR කේතයක් ඇතුළත් කිරීමට තීරණය කර ඇත. QR කේත සඳහා වෙනම ජංගම යෙදුමක් හඳුන්වා දී ඇති අතර එය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලය සහ පොලිස් දෙපාර්තමේන්තුව විසින් පමණක් ක්‍රියාත්මක කරන බව ඔහු පැවසීය.

රථවාහන වැරදි සඳහා වැරදි ලකුණු ක්‍රමය ද ස්මාර්ට් රියදුරු බලපත්‍රයට ඇතුළත් කර ඇති බවද වීරසිංහ මහතා පැවසීය.

(Source : NewsWire)

Similar News


13 comments

Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Land Cruiser Prado TRJ 150 TX 2015 for Sale

Toyota Land Cruiser Prado TRJ 150 TX 2015

73,500 km, Colombo
verified MEMBER
verified
Rs 44,500,000
6 days ago
Toyota Corolla EE96 1990 for Sale

Toyota Corolla EE96 1990

23,880 km, Kandy
MEMBER
Rs 1,775,000
2 minutes ago
Ford Raptor Ranger Diesel Bi-turbo 2019 for Sale

Ford Raptor Ranger Diesel Bi-turbo 2019

72,000 km, Colombo
MEMBER
Rs 25,200,000
3 weeks ago
Honda Vezel z 2025 for Sale

Honda Vezel z 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 20,500,000
6 minutes ago
Suzuki Alto 2011 for Sale

Suzuki Alto 2011

93,000 km, Kandy
MEMBER
Rs 3,275,000
6 minutes ago
+ Post an ad on ikman