Toyota Yaris මෝටර් රථ 7,000 කට වඩා වැඩි ගණනක් නැවත කැඳවයි

24 Aug, 2023   
Toyota Yaris මෝටර් රථ 7,000 කට වඩා වැඩි ගණනක් නැවත කැඳවයි

Toyota Yaris කියන vehicle එක market එකට එන්නේ 1999 වර්ෂයේදී. ලංකාවෙත් ගොඩක් ප්‍රසිද්ධ වාහනයක් විදිහට අපිට Toyota Yaris හඳුන්වන්න පුලුවන්. ඉතින් අද CarsGuide weekly news තුළින් අපි ඔබට අරගෙන එන්නේ Toyota Yaris මෝටර් රථ හිමිකරුවන්ට මුහුණ දීමට සිදු වුණු ඇබැද්දියක් ගැනයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට Toyota Yaris වර්ගයේ මෝටර් රථ 7,000කට වඩා වැඩි ගණනක් නැවත කැඳවීමට එම සමාගම තීරණය කරලා තියෙනවා. මේ ආකාරයට නැවත කැඳවීමට තීරණය කරලා තියෙන්නේ 2020 ත් 2023 ත් අතර නිෂ්පාදනය කර ඇති Toyota Yaris පෙට්‍රල් සහ Hybrid වර්ගයේ මෝටර් රථ මාදිලි කිහිපයක්.

එම මාදිලි ලෙස Ascent Sport 1.5L Petrol Auto Hatch සහ Ascent Sport 1.5L Petrol Manual Hatch හඳුන්වන්න පුලුවන්.
මේ මෝටර් රථ මාදිලිවල සමබරතාවය සම්බන්ධයෙන් ඇති වූ නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් තමයි මෙලෙස එම රථ යළි කැඳවා තිබෙන්නේ.

Toyota සමාගම උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ, අදාළ කාලසීමාව තුළ නිෂ්පාදිත මෝටර් රථ භාවිත කරන පුද්ගලයින් සිටී නම් එම රථ පරීක්ෂාකර ගැනීමක් සිදුකර ගත යුතු බවයි.
ආසන්න වශයෙන් එම වර්ගයේ මෝටර් රථ 7,633කට ආසන්න ප්‍රමාණයකට ඉන් බලපෑමක් සිදුවන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

Similar News


2 comments

  1. I have read your article, your article gives me a lot of information and a lot of insight that I know because of this article tel u

    1. Thank you so much for your valuable feedback! We are pleased to hear that you find our content useful, and we hope you continue to visit the site as we have fresh content coming out everyday!

Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Honda Accord 2019 for Sale

Honda Accord 2019

80,000 km, Colombo
MEMBER
Rs 18,000,000
4 weeks ago
Toyota CHR NGX50 2017 for Sale

Toyota CHR NGX50 2017

78,000 km, Colombo
verified MEMBER
Rs 13,250,000
1 minute ago
Toyota Vitz 2017 for Sale

Toyota Vitz 2017

63,000 km, Colombo
MEMBER
Rs 9,265,000
1 minute ago
Suzuki Japan Alto 2016 for Sale

Suzuki Japan Alto 2016

107,500 km, Colombo
MEMBER
Rs 6,000,000
5 days ago
Honda CRV 2018 for Sale

Honda CRV 2018

75,300 km, Kurunegala
verified MEMBER
Rs 20,200,000
1 week ago
Auto Parts for saleikman logo
+ Post an ad on ikman