Jeep Wrangler EV 2028 දී එළිදැක්වීමට නියමිත අතර, නව මධ්‍යම ප්‍රමාණයේ ට්‍රක් රථ 2027 දී පැමිණේ

27 Nov, 2023   
Jeep Wrangler EV 2028 දී එළිදැක්වීමට නියමිත අතර, නව මධ්‍යම ප්‍රමාණයේ ට්‍රක් රථ 2027 දී පැමිණේ

Jeep Wrangler කියන්නේ, 1986 වර්ෂයේ සිට Jeep විසින් නිෂ්පාදනය කරන, දැනට එහි 4th generation එකේ ඇති compact සහ midsize four-wheel drive, off-road SUV series එකක්. මේ Jeep Wrangler එකේ EV එක 2028 දී එළිදැක්වීමට නියමිත බව සහ නව මධ්‍යම ප්‍රමාණයේ ට්‍රක් රථ 2027 දී පැමිණීමට නියමිත බවත් වාර්තා වෙනවා. අද CarsGuide weekly news තුළින් අපි ඔබට කියන්නේ, මේ නවතම එළිදැක්වීම පිළිබඳවයි.

Jeep Wrangler, 2028 EV බවට පත් වීමට නියමිත වුණත් drive කරන විට, replenish කිරීමට generator එකක් විදිහට gas engine එකක් භාවිතා කරන hybrid model එකක් ලබා දෙන බව වාර්තා වෙනවා. ඒ වගේම නව මධ්‍යම ප්‍රමාණයේ ට්‍රක් රථ මාදිලි 2027 වර්ෂයේදී Dodge සහ Jeep පෙළට එක් වන බව බලාපොරොත්තු වෙනවා. එමඟින් Dakota නම නැවත පැමිණීම දැක ගන්න පුළුවන්.

එක්සත් ජනපදයේ පැවති වැඩ වර්ජනයක් හේතුවෙන් සති ගණනාවක් එහි factories කිහිපයක නිෂ්පාදනය නතර කරලා තිබුණා. එම වැඩ වර්ජනය අවසන් කිරීමට මෑතකදී Stellantis සහ UAW එකඟතාවයකට එළඹුණා. ඉදිරි වසර කිහිපය සඳහා Stellantis හී නිෂ්පාදන සැළසුම් හෙළි කරන ලියවිල්ලක් social media වල leak වීම මඟින් ට්‍රක් රථ electric power වලට මාරු කිරීමට සැළසුම් කර ඇති බව හොයාගෙන තිබෙනවා.

2025 දී ජනප්‍රිය 4xe plug-in-hybrid model එක upgrade කිරීමත් සමඟ 2028 දක්වා Toledo assembly complex එකේ වර්තමාන JL generation එකේ පවතින බව එම ලේඛනය හෙළි කරනවා. J70 ලෙස නම් කරපු මීළඟ generation එකේ Wrangler එක 2028 දී පැමිණියත් එය electric හෝ plug-in-hybrid off-roader විදිහට ලැයිස්තුගත කර තිබෙනවා. මේ plug-in setup එක වර්තමාන 4xe ට වඩා වෙනස් වනවා. ඒ series එක hybrid ලෙස ක්‍රියා කරන අතර motor එක wheels වලට power එක ලබා දීමට වඩා, battery එක recharge කිරීමට, generator එකක් ලෙස ක්‍රියා කරනවා.

Gladiator වෙනුවට Stellantis 2027 වර්ෂයේදී නව මධ්‍යම ප්‍රමාණයේ ට්‍රක් රථ නිෂ්පාදනය කිරීමට Illinois හී Belvidere factory එකට ඩොලර් බිලියන 1.5 ක් ආයෝජනය කර තිබෙනවා. මේ සැලැස්මට Jeep සහ Dodge යන branded models දෙකම ඇතුළත් වන අතර, සමහර විට Dakota නම නැවත පැමිණීමට ඉඩ තිබෙනවා.

මේවායේ powertrain පිළිබඳ විස්තරයක් සඳහන් වන්නේ නැහැ. නමුත් වාර්ෂිකව unit 80, 000 සිට 100, 000 දක්වා නිෂ්පාදනය කිරීමට සැළසුම් කර තිබෙනවා. ඒ වගේම ඩොලර් බිලියන 3.2 ක ආයෝජනයකින් යුත් නව battery plant එකක්ද Belvidere හී ඉදි කරනවා.

Jeep Compass, Jeep Renegade, Dodge Hornet, Chrysler Pacifica, සහ Ram ProMaster van වැනි මාදිලි කිහිපයක්ම මෙම ලැයිස්තුවට ඇතුළත් කරලා නැහැ. මේ අතර 2024 වර්ෂයේදී පැමිණීමට බලාපොරොත්තු වූ 2022 වසරේ ප්‍රදර්ශනය කරන ලද Recon concept එක පිළිබඳව කිසිම සඳහනක් තිබුණේ නැහැ.

ඔබ නොදන්නවා වුණාට, දිනෙන් දින වාහන ලෝකයේ නවතම වාහන එළිදැක්වෙනවා. ඒ නිසා, ඉදිරියේදීත් මේ වගේම වාහන ලෝකයේ සිදු වන නවතම එළිදැක්වීම් පිළිබඳව දිගින් දිගටම ඔබව දැනුවත් කරන්න CarsGuide අපි සූදානම්.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Hilux REVO GR Sport 2025 for Sale

Toyota Hilux REVO GR Sport 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 31,500,000
5 days ago
Audi A3 1800cc RS3 S-Line 2016 for Sale

Audi A3 1800cc RS3 S-Line 2016

36,000 km, Colombo
verified MEMBER
verified
Rs 21,780,000
1 week ago
Kia SONET GTX+ DUAL TONE 2025 for Sale

Kia SONET GTX+ DUAL TONE 2025

50 km, Colombo
verified MEMBER
verified
Rs 13,390,000
1 day ago
Mercedes Benz C200 Premium Plus Package 2023 for Sale

Mercedes Benz C200 Premium Plus Package 2023

10,000 km, Colombo
verified MEMBER
Rs 44,500,000
1 hour ago
Mitsubishi Lancer Box 1983 for Sale

Mitsubishi Lancer Box 1983

100,000 km, Kandy
MEMBER
Rs 775,000
2 hours ago
+ Post an ad on ikman