ජගුවාර් ලෑන්ඩ් රෝවර් අමෙරිකාවට අපනයනය මාසයක් නවතා දමයි

07 Apr, 2025   
ජගුවාර් ලෑන්ඩ් රෝවර් අමෙරිකාවට අපනයනය මාසයක් නවතා දමයි

Jaguar Land Rover මෝටර් රථ අමෙරිකාවට අපනයනය කිරීම මාසයක කාලයක් සඳහා අත්හිටුවීමට ටාටා සමාගම තීරණය කර තිබෙ.

ඒ අමෙරිකානු පරිපාලනය විදෙස් රටවලින් ආනයනය කෙරෙන මෝටර් රථ සහ මෝටර් රථ අමතර කොටස්වලට සියයට 25ක බදු පැනවීමට පියවර ගැනීම හේතුවෙනි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෝලීය පැනවූ තීරුබදු මේ වනවිට ලොව වැඩි අවධානයක් දිනා ඇතා මාතෘකාවකි.

සිය බදු ප්‍රතිපත්තිය යටතේ විදෙස් රටවලින් ආනයනය කෙරෙන මෝටර් රථ සහ මෝටර් රථ අමතර කොටස්වලට සියයට 25ක් බදු පැනවීමටත් ට්‍රම්ප් පියවර ගත්තේය.

එම බදු බලාත්මක වුණේ පසුගිය දෙවැනිදාය.

එවන් පසුබිමක අමෙරිකාව වෙත බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත ජගුවර් ලෑන්ඩ් රෝවර් රථ අපනයනය කිරීම අත්හිටුවීමට ටාටා සමාගම තීරණය කර තිබේ.

යුරෝපානු සංගමයට පසුව බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කෙරෙන මෝටර් රථවල ප්‍රධාන ඉල්ලුම්කරුවා වන්නේ අමෙරිකාවය.

ඒ අනුව ට්‍රම්ප් පරිපාලනය මෝටර් රථ ආනයනය සම්බන්ධ බදු පැනවීමෙන් බ්‍රිතාන්‍යයේ මෝටර් රථ නිෂ්පාදනයට එල්ල වන්නේ දැඩි බලපෑමකි.

එම බදු පැනවීමට මුහුණ දීම සම්බන්ධ තීරණයකට එළැඹෙන තෙක් මාසයක කාලයක් සඳහා අමෙරිකාවට ජගුවර් ලෑන්ඩ් රෝවර් රථ අපනයනය කිරීම අත්හිටුවා ඇති බව වාර්තා වේ.

බ්‍රිතාන්‍ය මෝටර් රථ නිෂ්පාදනයේ වැඩි වශයෙන් නිෂ්පාදනය කෙරෙන්නේ ජගුවර් ලෑන්ඩ් රෝවර් රථ බව වාර්තා පෙන්වා දෙයි.

එම සුඛෝපභෝගී මෝටර් රථ සඳහා අමෙරිකානු වෙළෙඳපොළ අත්‍යවශ්‍ය බව එම සමාගමේ මතය ය.

බ්‍රිතාන්‍ය වාර්ෂිකව රේන්ජ් රෝවර් ස්පෝර්ට්ස්, ඩිෆෙන්ඩර් ඇතුළු රථ ලක්ෂ 4කට අධික සංඛ්‍යාවක් අමෙරිකාවට අපනයනය කරයි.

ඒ අනුව ට්‍රම්ප් පැනවූ බදු බ්‍රිතාන්‍යයේ මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ලකරනු ඇති.

(Source : Ada Derana , NBC News)

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Mazda 2 2010 for Sale

Mazda 2 2010

132,000 km, Colombo
MEMBER
Rs 6,000,000
11 hours ago
Toyota Verossa GX110 2001 for Sale

Toyota Verossa GX110 2001

178,000 km, Colombo
verified MEMBER
Rs 5,750,000
5 days ago
Land Rover Defender P300-Staright Petrol 2025 for Sale

Land Rover Defender P300-Staright Petrol 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 75,000,000
6 days ago
BMW X5 eDrive M-Sport Plus 2016 for Sale

BMW X5 eDrive M-Sport Plus 2016

63,000 km, Colombo
MEMBER
Rs 25,500,000
4 days ago
Toyota Camry 2015 for Sale

Toyota Camry 2015

120,000 km, Colombo
MEMBER
Rs 14,775,000
4 days ago
Auto Parts for saleikman logo
Nissan x trail T32 Hybrid Engine complete for Sale

Nissan x trail T32 Hybrid Engine complete

verified MEMBER
Rs 875,000
1 hour ago
AQUA FRONT BUFFER BUMPER for Sale

AQUA FRONT BUFFER BUMPER

verified MEMBER
Rs 35,000
1 hour ago
Vega Full Face Helmet for Sale

Vega Full Face Helmet

MEMBER
Rs 11,000
2 hours ago
Honda Vezel RV5 Front shell -2025 for Sale

Honda Vezel RV5 Front shell -2025

verified MEMBER
verified
Rs 12,345
5 days ago
+ Post an ad on ikman