ජගුවාර් ලෑන්ඩ් රෝවර් අමෙරිකාවට අපනයනය මාසයක් නවතා දමයි

07 Apr, 2025   
ජගුවාර් ලෑන්ඩ් රෝවර් අමෙරිකාවට අපනයනය මාසයක් නවතා දමයි

Jaguar Land Rover මෝටර් රථ අමෙරිකාවට අපනයනය කිරීම මාසයක කාලයක් සඳහා අත්හිටුවීමට ටාටා සමාගම තීරණය කර තිබෙ.

ඒ අමෙරිකානු පරිපාලනය විදෙස් රටවලින් ආනයනය කෙරෙන මෝටර් රථ සහ මෝටර් රථ අමතර කොටස්වලට සියයට 25ක බදු පැනවීමට පියවර ගැනීම හේතුවෙනි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෝලීය පැනවූ තීරුබදු මේ වනවිට ලොව වැඩි අවධානයක් දිනා ඇතා මාතෘකාවකි.

සිය බදු ප්‍රතිපත්තිය යටතේ විදෙස් රටවලින් ආනයනය කෙරෙන මෝටර් රථ සහ මෝටර් රථ අමතර කොටස්වලට සියයට 25ක් බදු පැනවීමටත් ට්‍රම්ප් පියවර ගත්තේය.

එම බදු බලාත්මක වුණේ පසුගිය දෙවැනිදාය.

එවන් පසුබිමක අමෙරිකාව වෙත බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත ජගුවර් ලෑන්ඩ් රෝවර් රථ අපනයනය කිරීම අත්හිටුවීමට ටාටා සමාගම තීරණය කර තිබේ.

යුරෝපානු සංගමයට පසුව බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කෙරෙන මෝටර් රථවල ප්‍රධාන ඉල්ලුම්කරුවා වන්නේ අමෙරිකාවය.

ඒ අනුව ට්‍රම්ප් පරිපාලනය මෝටර් රථ ආනයනය සම්බන්ධ බදු පැනවීමෙන් බ්‍රිතාන්‍යයේ මෝටර් රථ නිෂ්පාදනයට එල්ල වන්නේ දැඩි බලපෑමකි.

එම බදු පැනවීමට මුහුණ දීම සම්බන්ධ තීරණයකට එළැඹෙන තෙක් මාසයක කාලයක් සඳහා අමෙරිකාවට ජගුවර් ලෑන්ඩ් රෝවර් රථ අපනයනය කිරීම අත්හිටුවා ඇති බව වාර්තා වේ.

බ්‍රිතාන්‍ය මෝටර් රථ නිෂ්පාදනයේ වැඩි වශයෙන් නිෂ්පාදනය කෙරෙන්නේ ජගුවර් ලෑන්ඩ් රෝවර් රථ බව වාර්තා පෙන්වා දෙයි.

එම සුඛෝපභෝගී මෝටර් රථ සඳහා අමෙරිකානු වෙළෙඳපොළ අත්‍යවශ්‍ය බව එම සමාගමේ මතය ය.

බ්‍රිතාන්‍ය වාර්ෂිකව රේන්ජ් රෝවර් ස්පෝර්ට්ස්, ඩිෆෙන්ඩර් ඇතුළු රථ ලක්ෂ 4කට අධික සංඛ්‍යාවක් අමෙරිකාවට අපනයනය කරයි.

ඒ අනුව ට්‍රම්ප් පැනවූ බදු බ්‍රිතාන්‍යයේ මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ලකරනු ඇති.

(Source : Ada Derana , NBC News)

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Land Cruiser Sahara V8 2008 for Sale

Toyota Land Cruiser Sahara V8 2008

58,000 km, Colombo
MEMBER
Rs 40,000,000
1 month ago
Austin Mini Cooper 2011 for Sale

Austin Mini Cooper 2011

107,500 km, Colombo
MEMBER
Rs 12,500,000
7 minutes ago
Toyota Corolla 1993 for Sale

Toyota Corolla 1993

250,000 km, Kandy
MEMBER
Rs 2,995,000
7 minutes ago
Toyota Hilux Rocco B5 2020 for Sale

Toyota Hilux Rocco B5 2020

59,500 km, Gampaha
verified MEMBER
verified
Rs 24,750,000
8 minutes ago
Toyota Premio 260 G Superior 2020 for Sale

Toyota Premio 260 G Superior 2020

53,500 km, Gampaha
verified MEMBER
verified
Rs 17,750,000
8 minutes ago
Auto Parts for saleikman logo
GPS unit for Sale

GPS unit

verified MEMBER
verified
Rs 7,500
1 week ago
Vezel Engine Bed for Sale

Vezel Engine Bed

verified MEMBER
Rs 50,000
4 hours ago
Honda Vezel Rear bumper lights for Sale

Honda Vezel Rear bumper lights

verified MEMBER
verified
Rs 12,500
5 hours ago
Fit GP1 Stabilizer Link for Sale

Fit GP1 Stabilizer Link

verified MEMBER
Rs 4,000
5 hours ago
Hero Splender Ismart Fuel Tank for Sale

Hero Splender Ismart Fuel Tank

MEMBER
Rs 22,500
5 hours ago
+ Post an ad on ikman