වාහන ගෙන්වීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරයි

28 Jan, 2025   
වාහන ගෙන්වීමට අදාළ  අති විශේෂ ගැසට් නිවේදනය  නිකුත් කරයි

වාහන ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි.

1969 ආනයන අපනයන පාලක නියාමන පතන යටතේ මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව, ඉකුත් 2024 වසරේ දෙසැම්බර් 18 වැනිදා සිට මේ වසරේ ජනවාරි 27 වැනිදා දක්වා ආනයන අපනයන පාලකවරයාගේ රෙගුලාසි යටතේ ණයවර ලිපි නිකුත්කළ වාහන මුදාහැරීමට එමගින් රේගු අධ්‍යක්ෂවරයාට අවසර ලබාදී තිබේ.

එමෙන්ම, 2024 වසරේ දෙසැම්බර් 18 වැනිදා සිට 2025 වසරේ ජූලි 31 වැනිදා තෙක් වාහන ආනයනයට ද හැකියාව පවති.

ආනයනය කරන මෝටර් වාහනය අලෙවි කිරීමට නම් දින 90ක් ඇතුළත අදාළ ගැනුම්කරුගේ නමින් මෝටර් වාහන දෙපාර්ථමේන්තුවේ ලියාපදිංචි කළ යුතුය.

අදාළ ගැසට් පත්‍රයේ දැක්වෙන්නේ වාහනය ලියාපදිංචිය සඳහා ආනයනකරු හෝ ගැණුම්කරු බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය ඇතුළත් අදාළ ලියකියවිළි ඉදිරිපත් කළ යුතු බවය.

මෙලෙස ආනයන සීමා ලිහිල් වන්නේ අදාළ රෙගුලාසි යටතේ ආනයනය කළහැකි සීමාවන්ට යටත්වූ වාහන කිහිපයක් පමණයි.

මෝටර් වාහන දෙපාර්ථමේන්තුවේ ලියාපදිංචි වාහන ආනයනකරුවන් හැර අනෙකුත් පුද්ගලයන්ට වසරක කාලයක් තුළ මෙලෙස ආනයනය කළ හැකිවන්නේ එක් වාහනයක් පමණක් බව අදාළ ගැසට් පත්‍රයේ සඳහන් වේ.

යම් වාහන ආනයනකරුවෙකු 2025 වසරේ දෙසැම්බර් දක්වා මාස 06ක කාලයක් තුළ අනුමත වාහන සංඛ්‍යාව 25%කින් ඉක්මවා ආනයනය කරන්නේනම් එවැනි ආනයනකරුවෙකුට අවම වශයෙන් වසර 3ක් වාහන ආනයනය තහනම් කෙරෙනු ඇත.

අදාළ රෙගුලාසි උල්ලංඝනය කරමින් මෝටර් වාහන ආනයනයට අදාළ නියාමනයන්ට අනුකූල නොවන ලෙස ආනයනය කරන වාහන අදාළ ආනයනකරු විසින් දින 90ක් තුළ ඔහුගේ වියදමින් ප්‍රති අපනයනය කළ යුතු වීමත් විශේෂත්වයකි.

ඊට අමතරව

⭕ අවසර ලත් වාහන: 1000cc ට අඩු කුඩා වාහන, කැබ් රථ, ආසන 10+ ප්‍රවාහන වාහන, ඩම්පර්, කිරි බවුසර් (අවුරුදු ක් හෝ ඊට අඩු) සහ ත්‍රිරෝද රථ (අවුරුදු 4ක් හෝ ඊට අඩු) ඇතුළත් වේ.

⭕ විශේෂ කාර්ය වාහන: ගිනි නිවන රථ, දොඹකර ලොරි (අවුරුදු 7-10ත් අතර), ගලි බවුසර් සහ කසළ ට්‍රක් රථ.

⭕ ලියාපදිංචි ආනයනකරුවන්: ආනයන සඳහා සීමාවක් නැත. අනෙක් ඒවා: මාස 12ක් ඇතුළත එක් වාහනයක්.

Gazette_No_2421-04

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Daihatsu Taft G TURBO DarkChrome 2023 for Sale

Daihatsu Taft G TURBO DarkChrome 2023

1,000 km, Gampaha
verified MEMBER
verified
Rs 9,150,000
2 weeks ago
Toyota Rush 2006 for Sale

Toyota Rush 2006

196,321 km, Kandy
MEMBER
Rs 7,800,000
5 days ago
Micro BAIC X25 2019 for Sale

Micro BAIC X25 2019

91,500 km, Kandy
MEMBER
Rs 6,500,000
7 minutes ago
Toyota Land Cruiser Prado TRJ150 TXL G-Frontie 2017 for Sale

Toyota Land Cruiser Prado TRJ150 TXL G-Frontie 2017

46,000 km, Colombo
verified MEMBER
verified
Rs 39,500,000
11 minutes ago
Toyota IST 203 2003 for Sale

Toyota IST 203 2003

188,000 km, Colombo
MEMBER
Rs 5,700,000
23 minutes ago
+ Post an ad on ikman