European flying car තාක්ෂණය චීනයට විකුණයි

22 Apr, 2024   
European flying car තාක්ෂණය චීනයට විකුණයි

පියාඹන කාර් කියන්නේ ඉස්සර තිබ්බ fantasy එකක්. කෙටියෙන්ම කිව්වොත් විද්‍යා ප්‍රබන්ධ වලට නැතුවම බැරි දෙයක් තමයි පියාඹන කාර් කියන්නේ. හැබැයි මේ වෙනකොට fantasy එකක් වුණු පියාඹන කාර් යථාර්තයක් බවට පත් වෙලා ඉවරයි.

පියාඹන මෝටර් රථයක් පිටුපස ඇති තාක්‍ෂණය, මුලින් සංවර්ධනය කරලා සාර්ථකව අත්හදා බැලුවේ යුරෝපයේ. හැබැයි මේ වන විට එය චීන සමාගමක් විසින් මිලදී ගෙන තිබෙනවා. අද CarsGuide Weekly News තුළින් අපි ඔබට කියන්නේ ඒ ගැන.

BMW engine එකකින් සහ සාමාන්‍ය ඉන්ධන වලින් බල ගැන්වෙන මෙම AirCar යානය ගුවන්ගත වීම සහ ගොඩබෑම සඳහා ධාවන පථ භාවිතා කරමින් 2021 දී ස්ලෝවැකියානු ගුවන් තොටුපළ දෙකක් අතර මිනිත්තු 35ක් පියාසර කර තිබෙනවා.
මෙයට මෝටර් රථයක සිට ගුවන් යානයක් බවට පරිවර්තනය වීමට ගත වූයේ මිනිත්තු දෙකකට වඩා අඩු කාලයක් පමණයි.
දැන් එහි සැලසුම මත පදනම්ව සාදන ලද වාහන චීනයේ “specific geographical region” එකක් තුළ භාවිතා කරනවා.

“Hebei Jianxin Flying Car Technology Company” එකේ Cangzhou හි තිබෙන headquartered එක, අනාවරණය නොකළ ප්‍රදේශයක් තුළ AirCar ගුවන් යානා නිෂ්පාදනය කිරීම සහ භාවිතා කිරීම සඳහා තනි අයිතිය මිලදී ගෙන තිබෙනවා.
ඉතින් මේ වෙනකොට EV revolution එක වර්ධනයට නායකත්වය දුන් චීනය දැන් flying transport solutions ක්‍රියාකාරීව සංවර්ධනය කරමින් ඉන්නවා.

පසුගිය මාසයේදී Autoflight නම් සමාගමක් Shenzhen සහ Zhuhai නගර අතර මගීන් රැගෙන යන ඩ්‍රෝන යානයක පරීක්ෂණ ගුවන් ගමනක් සිදු කළා. මෝටර් රථයෙන් පැය තුනක් ගතවන ගමන, විනාඩි 20 කින් අවසන් කළ බව එහි සඳහන් වෙනවා. නමුත් මේ යානයේ මගීන් නම් ඉඳලා නැහැ.

2023 දී චීන සමාගමක් වන eHang හට එහි electric flying taxi සඳහා චීන නිලධාරීන් විසින් ආරක්ෂිත සහතිකයක් පිරිනමා තිබෙනවා. මෙහිදී, එක්සත් රාජධානියේ රජය පවසා ඇත්තේ 2028 වන විට electric flying taxi අහසේ නිත්‍ය අංගයක් බවට පත්විය හැකි බවයි. ඉතින් රජයට අවශ්‍යව ඇත්තේ වසර 2කින් electric flying taxi ගුවන් ගත කිරීමටයි.
නමුත් මෙම ඩ්‍රෝන් වැනි මගී ගුවන් යානා මෙන් නොව AirCar ගුවන්ගත නොවී සිරස් අතට ගොඩබසින අතර ධාවන පථයක් අවශ්‍ය වෙනවා.

ඉතින් මේ තමයි යුරෝපය විසින්, චීනයට විකිණූ European flying car තාක්ෂණයේ කතාව. එහෙනම් තව අවුරුදු කිහිපයක් යනකොට අපිටත් අහසේ පියාඹන කාර් බලා ගන්න පුළුවන් වෙයි.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Suzuki Wagon R Custom Z 2025 for Sale

Suzuki Wagon R Custom Z 2025

100 km, Gampaha
MEMBER
Rs 9,400,000
4 days ago
Porsche Cayenne S e-hybrid 2015 for Sale

Porsche Cayenne S e-hybrid 2015

80,000 km, Colombo
MEMBER
Rs 35,000,000
2 weeks ago
Honda Fit GP5 S Grade 2014 for Sale

Honda Fit GP5 S Grade 2014

215,000 km, Colombo
verified MEMBER
Rs 8,000,000
3 hours ago
Mercedes Benz E200 Fully Loaded 2011 for Sale

Mercedes Benz E200 Fully Loaded 2011

90,000 km, Colombo
MEMBER
Rs 14,500,000
3 hours ago
Suzuki Spacia 2015 for Sale

Suzuki Spacia 2015

86,000 km, Colombo
verified MEMBER
verified
Rs 6,250,000
3 hours ago
Auto Parts for saleikman logo
Audi A1 Headlights for Sale

Audi A1 Headlights

verified MEMBER
verified
Rs 12,500
1 week ago
175 / 65 15 Tyres for Sale

175 / 65 15 Tyres

verified MEMBER
Rs 4,500
1 week ago
Toyota Axio Abs Set for Sale

Toyota Axio Abs Set

verified MEMBER
verified
Rs 290,000
2 hours ago
Honda Insight Sensor Model Engine for Sale

Honda Insight Sensor Model Engine

verified MEMBER
verified
Rs 300,000
2 hours ago
Moxi Signal Lights for Sale

Moxi Signal Lights

MEMBER
Rs 1,800
3 hours ago
+ Post an ad on ikman