ටෙස්ලා ප්‍රධානී Elon Musk සිය සමාගමේ නවතම නිපැයුම වන රොබෝ තාක්ෂණය උපයෝගී කරගෙන නිපැයු සයිබර් කැබ් රථය පසුගියදා එළිදැක්වුවා. ඒ ඇමරිකාවේ කැලිෆෝනියාවේ Warner Bros ප්රදර්ශනාගාරයේදී.
මෙම කැබ්රථයේ සුක්කානමක් හෝ පැඩල දක්නට නොලැබෙන අතර self driving මෙහි ප්‍රධාන විශේෂත්වයයි.ඒ අනුව නිදාසිටිමින් ඉතා සැහැල්ලුවෙන් තම ගමනාන්තය දක්වා යාහැකි බවයි Elon Musk පවසන්නේ
මෙම රථයේ නිෂ්පාදන කටයුතු 2026 වසරේ ආරම්භ වීමට නියමිත අතර එය ඇමරිකානු ඩොලර් 30,000කට වඩා අවම මිලකට මිලදී ගතහැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.මෙය ටෙස්ලා ලැබු සුවිශේෂි ජයග්රහනයක් ලෙසයි හැඳින්වෙන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කල විඩීයෝව මෙන්න