මාධ්‍ය වාර්තාවකට අනුව, Jaguar Land Rover (JLR) සමාගම කුඩා Defender එකක් නිර්මාණය කරමින් සිටින බව වාර්තා වෙනවා. මෙය compact 4×4 SUV එකක් ලෙස සඳහන් කළත් තවමත් මේ දක්වා ඒ පිළිබඳව කිසිදු තහවුරු කිරීමක් ලැබී නැහැ. නමුත් මෑතකදී පැවති ආයෝජක සමුළුවකදී Jaguar Land Rover (JLR) හී ප්‍රධාන විධායක නිලධාරී Adrian Mardell විසින් මෙම development එක පිළිබඳව තහවුරු කරලා තියෙනවා. අද weekly news තුළින් CarsGuide අපි ඔබට අරගෙන එන්නේ ‘Baby’ Land Rover Defender EV රථය පිළිබඳවයි.
මෙම කුඩා Land Rover Defender එක සම්පූර්ණයෙන්ම විදුලියෙන් ක්‍රියා කරන බවයි Jaguar-Land Rover සමාගමේ විධායක නිලධාරියෙක් මෑතකදී පැවති ආයෝජක සමුළුවකදී ප්‍රකාශ කළේ. “Baby” Defender එක JLR හි Electric Modular Architecture (EMA) යන platform එක මත තමයි ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් මෙම රථය 2027 වර්ෂයේදී එළිදැක්වීමට නියමිතයි.
EMA platform එකේ ගණනය කිරීම් වලට අනුව මෙම “Baby” Defender එක අඩි 15ක් පමණ දිගකින් සහ අඩි 6.5ක් පමණ පළලකින් සමන්විත වන බවයි සඳහන් වන්නේ. එසේ බැලූ විට මෙම රථය BMW X3 එකකට වඩා ප්‍රමාණයෙන් ටිකක් කුඩා වෙනවා. ඉතින් ටිකක් හිතලා බලන්නකෝ BMW එකකට වඩා කුඩා Defender එකක යනකොට මොන වගේ feeling එකක් එයිද කියලා.