ලොව පළමු පියාසර මෝටර් රථයට එක්සත් ජනපදයේ අනුමැතිය

27 Jul, 2023   
ලොව පළමු පියාසර මෝටර් රථයට එක්සත් ජනපදයේ අනුමැතිය

පියාඹන කාර් කියන්නේ පොඩි කාලේ අපි දැකපු film, cartoon වල තිබ්බ දෙයක්. හැබැයි ඉගිලෙන්න පුළුවන් විදිහට මෝටර් රථ නිෂ්පාදනය කරන ඉතිහාසය, චිත්‍රපට සහ cartoon නිර්මාණයට එහා ගිය එකක්. මොකද මුලින්ම සැහැල්ලු ගුවන් යානයක් නිර්මාණය කරන්නේ 1909 දී. ඒ අමෙරිකානු ජාතික Waldo Waterman නම් අයෙක්. හැබැයි සැහැල්ලු ගුවන් යානයක් කිව්වට මේක ග්ලයිඩරයක්.

කෙසේ හෝ 1929 දී පෙරට වඩා තාක්ෂණයෙන් ඉහළ “Whatsit” කියන ගුවන් යානය නිර්මාණය කරනවා. නමුත් මෙය නිර්මාණය වුණේ සාමාන්‍ය ගුවන් යානාවල වගේ දිගු වලිග කොටසක් නොමැතිව. ඉතින් මේ සංකල්පය තමයි පියාඹන මෝටර් රථ නිර්මාණය කරන්න පොලඹවලා තියෙන්නේ. ඉතින් අද CarsGuide අපි ඔබට අරගෙන ආවේ සිහිනයක් යථාර්තයක් බවට පත් කළ එක්සත් ජනපදයේ අනුමැතිය ලැබූ ලොව පළමු පියාසර මෝටර් රථය ගැනයි.

Alef Aeronautics ගේ පියාසර කරන මෝටර් රථය, ඇමරිකානු රජයෙන් නීතිමය අනුමැතිය ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා. ඒ එක්සත් ජනපදයේ අනුමැතිය ලැබූ ලොව පළමු පියාසර මෝටර් රථය ලෙසයි.
ගුවන් සේවා නීති සමාගමක් වන Aero Law Center ආයතනයට අනුව, එක්සත් ජනපද Federal Aviation Administration (FAA) වෙතින් විශේෂ ගුවන් යෝග්‍යතා සහතිකයක් ලැබී ඇති බවයි මෝටර් රථ සමාගම නිවේදනය කරලා තියෙන්නේ.

මෙවැනි වාහනයක් එක්සත් ජනපදයේ සහතික කළ පළමු අවස්ථාව මෙය බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

Alef Aeronautics ගේ පියාසර කරන මෝටර් රථය සියයට 100ක් විදුලි බලයෙන් තමයි ක්‍රියා කරන්නේ. ඒ වගේම මේ රථයට, එක් අයෙකු හෝ දෙදෙනෙකු රැගෙන යෑමටත් හැකියාව තියෙනවා.

Alef Aeronautics සමාගම පවසන්නේ මේ මෝටර් රථය ගුවන්ගත කිරීම සහ ගොඩබෑම සහ භූගත යටිතල පහසුකම් අතර අන්තර්ක්‍රියා පාලනය කිරීම සඳහා එහි ප්‍රතිපත්ති පිළිබඳව මේ දිනවල ක්‍රියාකාරීව කටයුතු කරන බවයි.

මේ රථයට නවතා ඇති රථවාහන හා අනතුරුවලට ඉහළින් පියාසර කරන්න හැකියාව තියෙන නිසා මෝටර් රථය දළ වශයෙන් ඩොලර් 300, 000ක පමණ මුදලක් වන බවයි වාර්තා වෙන්නේ.

2025 වසරේ අවසානය වන විට Alef Aeronautics සමාගම පාරිභෝගිකයින්ට පියාසර මෝටර් රථ ලබා දීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව නිවේදනය කරලා තියෙනවා. එහෙනම් තව අවුරුදු දෙකකින් අපි බලමු නේද Car එකකින් අහසේ යනකොට මොන වගේ හැඟීමක් දැනෙයිද කියලා

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Suzuki Spacia Xs CUSTOM PREMIUM 2025 for Sale

Suzuki Spacia Xs CUSTOM PREMIUM 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 25
2 weeks ago
DFSK Glory I-AUTO 2020 for Sale

DFSK Glory I-AUTO 2020

30,000 km, Mannar
MEMBER
Rs 11,000,000
5 days ago
Honda Civic 2019 for Sale

Honda Civic 2019

59,089 km, Colombo
MEMBER
Rs 14,500,000
1 hour ago
Suzuki Wagon R 2015 for Sale

Suzuki Wagon R 2015

167,000 km, Colombo
MEMBER
Rs 6,500,000
2 hours ago
Suzuki Wagon R Stingray Safety Package 2018 for Sale

Suzuki Wagon R Stingray Safety Package 2018

120,000 km, Monaragala
MEMBER
Rs 7,700,000
2 hours ago
Auto Parts for saleikman logo
Land Rover Discovery Parts for Sale

Land Rover Discovery Parts

verified MEMBER
verified
Rs 96,500
1 week ago
175 / 65 15 Tyres for Sale

175 / 65 15 Tyres

verified MEMBER
Rs 4,500
1 week ago
Car Setup for Sale

Car Setup

MEMBER
Rs 29,500
3 hours ago
+ Post an ad on ikman