වාහනයේ brake නැති වුණොත් මොකද කරන්නේ

29 May, 2024   
වාහනයේ brake නැති වුණොත් මොකද කරන්නේ

කටට brake නැති වුණොත් මොනවා වෙයිද? හිතා ගන්න බැහැ නේද? ගොඩාක් දේවල් වෙයි. අන්න ඒ වගේ තමයි, වාහනයටත් brake නැති වුණොත් අපි නොහිතන දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි ඒ වෙලාවට අපි මොනවද කරන්න ඕනේ කියලා දැනගෙන හිටියොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකත් හරි කියමුකො. මොනවද වාහනයේ brake නැති වුණොත් කරන්න ඕනේ? ඒ ගැන තමයි CarsGuide අපි අද ඔබට කියන්නේ.

Brake නැති වුණාම මොකද කරන්නේ?

ඔබ මුලින්ම කරන්න ඕනේ, gas pedal එකෙන් කකුල ඉවත් කර ගන්න එක. එතකොට වාහනය engine braking apply කර ගන්න පටන් ගන්නවා. එහෙම වෙලා වාහනය slow වෙනවා. ඊළඟට වාහනය downshift කරන්න වෙනවා. ඒ කියන්නේ engine එකේ තියෙන braking power එක ඔබ ලබා ගන්නවා.

ඊළඟට ඔබට brake අවස්ථා දෙකක් තියෙනවා. ඒ තමයි engine brake සහ hand brake. ඒ නිසා ඔබ downshift කරන එක තමයි කරන්න ඕනේ. මොකද එමඟින් ඔබට වාහනය අවශ්‍ය විදිහට slow කර ගන්න පුළුවන්.

සමහර වෙලාවට මේ අවස්ථාවේදී වාහනයේ pressure එක line එකේ තියෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවට ඔබ brake එක pump කරනවා නම්, සමහර විට ඒ තියෙන pressure එකෙන් වාහනයට තව brake force එකක් ගන්න පුළුවන්කම ලැබෙනවා.

ඊළඟට hand brake එක apply කරන්න ඕනේ. හැබැයි තියෙන හදිස්සියට එක පාරටම hand brake එක අදින්නේ නැහැ. වාහනය අයින් කරන අතරෙ ක්‍රමයෙන් තමයි hand brake apply කරන්න ඕනේ. එතකොට අනිවාර්යයෙන්ම වාහනය නවතිනවා.

වාහනයේ brake නැති විට නොකළ යුතු දේවල් මොනවද?

කලබල වීම

ඇත්තටම ගමනක් යන ගමන් ඉන්නකොට එක පාරම වාහනයේ brake නැති වෙනවා කියන්නේ, කලබල වෙන අවස්ථාවක්නෙ කියලා ඔබට හිතෙයි. හැබැයි එහෙම නැහැ. ඔබටම නොදැනුවත්ව හෝ ඒ මොහොතෙ කලබල වීමක් වෙනවා නම් ඒකට හේතුව තමයි, වාහනයේ brake නැති වුණොත් මොකද කරන්න ඕනේ කියන දේ ගැන හරියටම ඔබ නොදන්න එක. ඒ කොහොම වුණත්, කතාවකුත් තියෙන්නේ “හදිස්සියට කොරොස් කටෙත් අත දාගන්න බෑ” කියලා. ඒ නිසා වාහනයේ brake නැති වුණු පලියට කලබල වෙන්න, හදිස්සි වෙන්න යන්න එපා.

Speed එකේ downshift කිරීම

ඔබ මොන තරම් speed එකකින් යන ගමන් හිටියත්, downshift කරන එක slowly තමයි කරන්න ඕනේ. එහෙම නැති වුණොත් එමඟින් වාහනයේ transmission එකට හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා downshift කරන එකත් gradually සෙමින් තමයි කර ගන්න ඕනේ.

Engine එක off කිරීම

වාහනයේ brake නැති වුණාම engine එක නම් off කරන්න යන්න එපා. මොකද ගොඩක් වාහන වල power steering එක support කරන්නේ, engine එක start කරලා තිබ්බම. ඒ නිසා ඔබ engine එක off කරනවා කියන්නෙම, ඔබට steering එක control නැති වෙනවා. ඒ කියන්නේ ඔබට වාහනය control කර ගන්න බැරි වෙනවා. අන්න එතකොට නම් ඔබට ඇත්තටම හිතාගන්න බැරුව යයි මොනවද කරන්න ඕනේ කියලා. එතකොට brake නැති වුණාම සිද්ධ වෙනවට වඩා ලොකු අනතුරක් සිද්ධ වෙන්න පුළුවන්.

Neutral එකට දැමීම

තවත් නොකළ යුතු දෙයක් තමයි වාහනය neutral එකට දාන එක. මොකද එහෙම කළොත් engine එකෙන් ලැබෙන braking power එක නැති වෙනවා. ඒ විදිහට ඔබට වාහනයේ braking power එක නොලැබුණොත්, සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි power එකක් brake pedal එකට යෙදීමෙන් තමයි, වාහනය නවත්වා ගන්න වෙන්නේ. හැබැයි ඉතින් stopping distance එක නම් වැඩියි. ඒ නිසා වාහනයේ brake නැති වුණා කියලා කිසිම දවසක, neutral එකට නම් දාන්න එපා.

මේ දේවල් තමයි හදිස්සියේ හරි වාහනයේ brake නැති වුණොත් ඔබ කරන්න ඕනේ. කරන්න ඕන දේවල් වගේම, brake නැති වෙලාවට නොකළ යුතු දේවල් ගැනත් අපි අද ඔබට කිව්වා. ඒ නිසා මීට පස්සේ පාරෙ යන එනකොට වාහනයේ brake නැති වුණොත් ඔබට බය වෙන්න දෙයක් නැහැ. හැබැයි ඒ වෙලාවට නොදැනුවත්වවත් කලබල නම් වෙන්න එපා. අද අපි කියපු දේවල් හරියට මතක තියාගෙන හරියටම කරන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Honda CRV 5 Seater 2018 for Sale

Honda CRV 5 Seater 2018

86,500 km, Colombo
MEMBER
Rs 19,800,000
1 month ago
Tata Nano Twist XT 2014 for Sale

Tata Nano Twist XT 2014

147,000 km, Colombo
MEMBER
Rs 1,680,000
37 minutes ago
Ford Raptor Ranger 2.0 DIESEL BRAND NEW 2025 for Sale

Ford Raptor Ranger 2.0 DIESEL BRAND NEW 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 36,990,000
38 minutes ago
Peugeot 3008 2018 for Sale

Peugeot 3008 2018

62,000 km, Kandy
MEMBER
Rs 16,000,000
3 weeks ago
Nissan Sunny B310 1987 for Sale

Nissan Sunny B310 1987

36,000 km, Ampara
MEMBER
Rs 996,000
39 minutes ago
Auto Parts for saleikman logo
GPS unit for Sale

GPS unit

verified MEMBER
verified
Rs 7,500
1 month ago
Mitsubishi Po5 / Po15 Dashboard for Sale

Mitsubishi Po5 / Po15 Dashboard

MEMBER
Rs 30,000
1 hour ago
Toyota shell model LH 51/61 Doors for Sale

Toyota shell model LH 51/61 Doors

MEMBER
Rs 70,000
1 hour ago
Toyota townace CR 26/27 Doors for Sale

Toyota townace CR 26/27 Doors

MEMBER
Rs 380,000
1 hour ago
Toyota Aqua NHP10 Ignition Coil for Sale

Toyota Aqua NHP10 Ignition Coil

verified MEMBER
verified
Rs 8,500
2 hours ago
+ Post an ad on ikman