වාහනයේ තෙල් වැඩ කරන එක දෙගුණ කරන engine tune up

09 Oct, 2023   
වාහනයේ තෙල් වැඩ කරන එක දෙගුණ කරන engine tune up

මේ වාහනේ ගත්තු දවස් වල නම්, හොඳට තෙල් වැඩ කළා. හැබැයි දැන් ඒක හොඳටම අඩු වෙලා’ වාහනයක් අරන් කාලයක් යනකොට, ඔබට මුහුණ දෙන්න වෙන ප්‍රශ්නයක් තමයි මේ. එහෙම වුණාම ඔබ Engine tune up එකක් කරනවා. හැබැයි ඒක හරියටම වෙනවද? වාහනයේ තෙල් කලින් වගේ වැඩ කරයිද? මේ ප්‍රශ්න නිසා, CarsGuide අපි හිතුවා, වාහනයේ තෙල් වැඩ කරන එක දෙගුණ කරන Engine tune up ගැන අද ඔබට කියන්න.

Engine tuning සහ Engine tune up කියන්නේ එකක්ද?

ගොඩක් අය කියනවා, Engine tuning සහ Engine tune up කියන්නේ එකක් කියලා. සමහර විට ඔබත් එහෙම හිතලා ඇති. Engine tuning වලදි කරන්නේ, engine performance වැඩි කරන එක. ඒ කියන්නේ, engine එකේ පවතින කොටස් වෙනුවට, performance වැඩි engine කොටස් යොදන එක. එතකොට Engine tune up කියන්නේ, කාලයත් එක්ක, එක එක හේතු නිසා නැති වෙලා ගිය engine performance නැවත ලබා ගන්න එක. ඉතින් ඔබට දැන් තේරෙනවා ඇති, Engine tuning සහ Engine tune up කියන්නේ පැහැදිලිවම දෙකක් කියලා.

Engine tune up එකක් කරන්නේ මොන කාලයේද?

සාමාන්‍යයෙන් වාහනයක Engine එක, 25 000 km කට සැරයක් නැත්නම්, වසර දෙකකට සැරයක් tune up කරන්න ඕනේ. හැබැයි මේ කාලය හැම වාහනයකටම අදාළ නැහැ. ඔබ ළඟ තියෙන වාහන වර්ගය අනුව Engine එක tune up කරන කාලය පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න පුළුවන්.

Engine tune up එකක වැදගත්කම මොකක්ද?

වාහනයක engine එක කාලයක් වැඩ කරනකොට දුර්වල වෙනවා. ඒ කියන්නේ, වාහනය අලුතෙන් ගන්නකොට engine එකේ තියෙන power එක කාලයක් වැඩ කරනකොට අඩු වෙනවා. ඉතින් මේ Engine tune up එකේදි කරන්නේ, වාහනය ගන්නකොට තිබුණා වගේම engine එක ප්‍රබල තත්වයකට පත් කරන එක. ඉතින් වාහනය service කරනවා වගේම, Engine tune up එකත් කලට වෙලාවට කරන එක ගොඩක් වැදගත්.

Engine tune up එකක් කරන්නේ කොහොමද?

Engine tune up එක කරන්න, engine එක ගලවන්නම වෙනවා. මෙතනදි වැදගත්ම දේ තමයි, හොඳ පළපුරුද්දක් තියෙන mechanic කෙනෙක්ට කියලා මේ tune up එක කරන එක.

Engine tune up එකේදි මොකද වෙන්නේ?

මෙතනදි මුළු engine එකේම කොටස් පරීක්ෂා කරලා, ඒවා නැවත recover කරනවා. හොඳ Engine tune up එකකදී, මුළු engine එකම සම්පූර්ණයෙන් ගලවනවා. ඊට පස්සේ ඒකෙ කොටස් repair කරනවා. ඒ නිසා, Engine tune up එකක් කියන්නේ, ලොකු කාලයක් වැය වෙන වැඩක්.

Engine එකක් හරිම විදිහට ක්‍රියාත්මක වෙන්න නම්, ප්‍රධාන දේවල් තුනක් නිසියාකාරව සිද්ධ වෙන්න ඕනේ. ඒ තමයි, Fuel, Air සහ Ignition.Petrol 4-stroke engine එකක නම්, පළවෙනි stroke එකේදි valve එක open වෙලා petrol සහ air එක cylinder එකට ඇදලා ගන්නවා. ඊට පස්සේ petrol mix වුණු air එක compression කරනවා. ඊළඟට මේක spark plug එකක් මඟින් combustion කරන අතර ඉන් පසු combustion වුණු air එක exhaust valve එක මඟින් එළියට යවනවා. මේ වැඩේ හරියට වෙන්න නම්, fuel, air සහ Ignition කියන factors නිසියාකාරව වැඩ කරන්න ඕනේ. මේ factors එකක හරි ප්‍රශ්නයක් ආවොත් ඒක engine එකේ ක්‍රියාකාරීත්වයට ලොකු effect එකක් ඇති කරනවා. විශේෂයෙන්ම cylinder එක තුළට නියමිත වායු ප්‍රමාණය ලැබෙන්න ඕනේ. ඒ වගේම ඒ වායු ප්‍රමාණයට match වෙන්න, petrol ප්‍රමාණයත් ලැබෙන්න ඕනේ. ඊට පස්සේ petrol සහ air mix එක නියම වෙලාවට combustion වෙන්නත් ඕනේ.

අපි ඊළඟට ඔබට කියන්නේ, හරිම Engine tune up එකකදී, Engine එකේ check කරන දේවල් මොනවද කියලා.

Air filter

Engine එකට වැදගත්ම දේ තමයි, Air filter එක. හදිස්සියේ හරි මේක block වුණොත්, වාහනයට නියමිත වායු ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. එතකොට air එක අඩු වෙලා, petrol වැඩි වෙනවා. ඒ නිසා, කළු දුමක් පිටවන අතර, burn වෙන petrol ප්‍රමාණයත් වැඩි වෙනවා. ඉතින් Engine tune up එකකදි බලන ප්‍රධාන දෙයක් තමයි, Air filter එක කියන්නේ. ඒක block වෙලා නම් මෙතනදි ඒක clean කරනවා. ඒ වගේම Air filter එකක් අලුතෙන් දාන්න ඕනේ නම් තියෙන air filter එක replace කරනවා. හැබැයි ඉතින් Air filter එක මාරු කරන්න, Engine tune up එකක් කරනකං ඉන්න ඕනේ නැහැ.

Spark plug

Engine tune up එකකදී විශේෂයෙන්ම සළකා බලන දෙයක් තමයි, Spark plug. මේකෙන් තමයි කලින් කියපු petrol සහ air mix එක combustion කරන්නේ. මේ mix එක හරියට combustion වුණේ නැත්නම්, burn නොවුණු petrol කොටස් එළියට යනවා. මේක පරිසරයට ගොඩක් අහිතකරයි. ඒ වගේම මේ නිසා දුම් වාර්තාව fail වෙන්නත් පුළුවන්. ඊට අමතරව Spark plug නිසි කාලයේදී මාරු කරන එකත් වැදගත් වෙනවා.
ඒ වගේම Engine එක හා සම්බන්ධ Distributor, Ignition wire සහ Distributor cap කියන දේවලුත් හොඳින් පරීක්ෂා කරලා අවශ්‍ය වෙනස්කම් සිදු කරන එකත් Engine tune up එකකදි වෙනවා.

Air flow sensor

Engine එකට යන වායු ප්‍රමාණය මනින්නේ, Air flow sensor එක මඟින්. මේ sensor එක මඟින් ලැබෙන information අනුව තමයි, කොච්චර fuel ප්‍රමාණයක් ලබා දෙනවද කියලා ECU එක තීරණය කරන්නේ.
සමහර අවස්ථා වල Air එක, temperature එක සහ pressure වගේ දේවලුත් මේ Air flow sensor එකෙන්ම මනිනවා. සාමාන්‍යයෙන් Air flow sensor එකේ ප්‍රශ්නයක් ආවම ඔබටත් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එක ප්‍රශ්නයක් තමයි, වාහනය drive කරනකොට, engine එකේ power එක අඩු ගතියක් දැනෙන එක. සමහර අවස්ථා වලදි engine එක දෙදරන එක වගේම සමහර විට වාහනය start නොවෙන්නත් පුළුවන්.

Air flow sensor එකේ තියෙනවා, Air filter pipe එකේ size එකටම match වෙන cylinder එකක්. ඒ cylinder එකෙන් තමයි, sensor එක filter pipe එකට set වෙන්නේ. මේ cylinder එකේ මැද කම්බියක් තියෙනවා. ඒ කම්බිය එක්තරා උෂ්ණත්වයකට රත් වෙලා තමයි තියෙන්නේ. ECU එකෙන් කම්බිය හරහා Electric current එකක් යවලා තමයි මේ විදිහට රත් වෙන්නේ. ඒ විදිහට රත් වෙලා තියෙන කම්බිය හරහා air එක වේගයෙන් යනකොට, කම්බියේ උෂ්ණත්වය අඩු වෙන්න පටන් ගන්නවා. මේ අඩු වෙන උෂ්ණත්වය ටිකෙන් ටික අඩු වෙන නිසා, කම්බියේ resistance එක වෙනස් වෙලා, ඒකෙ වෝල්ටීයතාවයත් වෙනස් වෙනවා. ඒ වෝල්ටීයතාවය තමයි ECU එක කියවන්නේ. ඒ කියන්නේ, වෙනස් වෙන වෝල්ටීයතාවය අනුව ECU එක දන්නවා කොච්චර වායු ප්‍රමාණයක් ඒ මොහොතේදී Air flow sensor එක හරහා engine එකට යනවද කියලා. ඉතින් මේ process එක වැරදියට වෙනවා නම්, Engine tune up වලදි ඒක නිවැරදි කරනවා. ඒ කියන්නේ, Air flow sensor එක නිවැරදිව නැවත සකස් කරනවා.

Oxygen sensor

Oxygen sensor එකේ කාර්යය වෙන්නේ, කලින් කියපු petrol සහ air mix එකේ fuel සහ air rate එක හරිද කියලා බලන එක. Fuel gas එක combustion වෙලා, exhaust valve එක හරහා පිට වෙන exhaust gas එක මඟින්, ඇතුළෙ තියෙන වායු කොටස් මැනලා ECU එකට signal එකක් දෙනවා.

Fuel pump හා Fuel filter

සමහර වාහන වල Fuel pump එකත් එක්කම filter එකක් එනවා. තවත් සමහර වාහන වල filter එක විතරක් වෙනම එනවා. Engine tune up එකකදී fuel pressure එක check කරනවා.
ඒ වගේම drive belt එක check කරලා ඉරි තැලිලා වගේ නම්, මාරු කරනවා. Adjust කරන්න පුළුවන් නම් adjust කරනවා. ඒ වගේම timing belt check කරන එකත් සිද්ධ වෙනවා. අවශ්‍ය නම් ඒවා මාරු කරනවා. ඊළඟට Brake oil, Engine oil, Power steering oil සහ Coolant කියන දේවල් check කරනවා.

Brake bind
Engine tune up එකකදී, Brake bind නිවැරදිව තියෙනවද කියලා බලනවා. මීට අමතරව RPM එක නිවැරදිව සකස් කරන එකත් මෙතනදි කරනවා.

මේ විදිහට තමයි හරියටම Engine tune up එකක් කරන්නේ. සමහර විට, ඔබට මේ Engine tune up එක පැයෙන් දෙකෙන් කර ගන්න පුළුවන් වෙලා ඇති. හැබැයි ඒක නියම විදිහට වෙන Engine tune up එකක් නෙවෙයි. මොකද හරියටම කරනවා නම්, මේකට ලොකු time එකක් යනවා. මේ ගැන කලින් ඔබ හරියටම දැනගෙන හිටියේ නැති වුණත්, දැන් හරියටම දන්නවනේ. ඒ නිසා, මීට පස්සේ අමාරුවේ වැටෙන්නේ නැතුව, Engine tune up එකක් කරගෙන, වාහනය ගත්තු දවස් වල වගේම තෙල් වැඩ කරන එක දෙගුණ කර ගන්න පුළුවන්.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
BMW i7 X DRIVE 60 M SPORT 2024 for Sale

BMW i7 X DRIVE 60 M SPORT 2024

0 km, Colombo
verified MEMBER
verified
Rs 149,000,000
5 minutes ago
Toyota Belta 2009 for Sale

Toyota Belta 2009

190,000 km, Colombo
verified MEMBER
verified
Rs 6,290,000
35 minutes ago
Porsche Taycan ELECTRIC 2024 for Sale

Porsche Taycan ELECTRIC 2024

0 km, Colombo
verified MEMBER
verified
Rs 20,290,000
40 minutes ago
Subaru WRX STI IMPREZA AWD 2015 for Sale

Subaru WRX STI IMPREZA AWD 2015

60,000 km, Colombo
verified MEMBER
verified
Rs 21,790,000
51 minutes ago
MG MG4 X I SMART BODY KIT 2024 for Sale

MG MG4 X I SMART BODY KIT 2024

0 km, Colombo
verified MEMBER
verified
Rs 20,290,000
56 minutes ago
Auto Parts for saleikman logo
Scorpion Helmet for Sale

Scorpion Helmet

MEMBER
Rs 65,000
5 minutes ago
Honda Shock mount for Sale

Honda Shock mount

verified MEMBER
Rs 6,200
3 hours ago
Honda T7BJ5 ABS Pump for Sale

Honda T7BJ5 ABS Pump

verified MEMBER
Rs 25,000
3 hours ago
Car Snail Horn for Sale

Car Snail Horn

verified MEMBER
verified
Rs 2,400
3 hours ago
GPS Tracker DAGPS for Sale

GPS Tracker DAGPS

verified MEMBER
Rs 7,000
5 hours ago
+ Post an ad on ikman