Insurance වර්ග මොනවද?

28 Jun, 2023   
Insurance වර්ග මොනවද?

දවසක් විතර පාරට බැහැලා, පාරෙ යන එන වාහන දිහා බලාගෙන හිටියොත්, සිද්ධ වෙන අනතුරු වලින් පොතක් වුණත් ලියන්න පුළුවන්. ඒ තරම් වාහන අනතුරු එමටයි. හැබැයි ඒ අනතුරු වලට ලක් වෙන හැම වාහනයක්ම හරිම විදියට insurance කරලද තියෙන්නෙ? ලංකාවෙ නීතිය අනුව නම්, වාහනයක් මහ පාරට දානකොට රථ වාහන රක්ෂණයක් තිබීම අනිවාර්යය දෙයක්. මොකද දෙනෝදාහක් යන එන මහ පාරෙ ඔබ මේ ගෙනියන්නෙ යකඩ ගොඩක්. ඒකෙ වගකීම ඔබ භාර ගන්න ඕනෙ. හැබැයි කරන්නං වාලෙ insure කරලා වැඩක් නෑ. මේකෙ theory එක හරියටම දැනගෙන ඉන්න ඕනෙ. CarsGuide අද ඔබට කියන්නෙ, වාහනයක් insure කරන විදිය සහ insurance වර්ග ගැනයි.

Motor Insurance කියන්නෙ මොකක්ද?

වාහන අනතුරු වලින් වාහන වලටත්, වාහන වල ගමන් කරන අයට වගේම බාහිර පාර්ශවයන්ටත් හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ සඳහා වන්දි ලබා ගැනීම පිණිස වාහන හිමියන්ට ලබා ගන්න පුළුවන් රක්ෂණාවරණයක් තමයි මේ motor insurance කියන්නෙ.

මොකක්ද මේ රක්ෂණීය අයිතිය?

වාහනයක රක්ෂණීය අයිතිය තියෙන්නෙ, වාහනයේ වර්තමාන අයිතිකරුට. එතකොට insurance එකට හිමිකම් ලබන්න අයිතියක් තියෙන්නෙ, රක්ෂණීය අයිතිකරුට. ඒ අනුව වාහනයක insurance එක එහි වර්තමාන අයිතිකරුගේ නමින් තමයි තියෙන්න ඕනෙ. අනතුරකදි වාහනයේ පෙර අයිතිකරුගේ නමින් තිබෙන රක්ෂණාවරණය යටතේ හිමිකම් ලබා ගන්න ඔබට හැකියාවක් නෑ.

නියම වටිනාකමට insurance කරන්න

වාහනයේ වෙළඳපොළ වටිනාකමට රක්ෂණාවරණය ලබා ගන්න. මොකද රක්ෂණයේදි හානිය පියවීම සිද්ධ වෙන්නෙ (හානි පූරණය) වෙළඳපොළ වටිනාකම පදනම් කරගෙන. ඉතින් අඩු වටිනාකමකට රක්ෂණය කළොත් අඩු වන්දියක් ලැබෙන්න ඉඩ තිබෙනවා. හැබැයි වැඩි වටිනාකමකට රක්ෂණය කළත් වන්දිය ලැබෙන්නෙ වෙළඳපොළ වටිනාකමට විතරයි.

වාහනයේ භාවිතයට අදාළ රක්ෂණාවරණය ලබා ගන්න

ඔබ වාහනය භාවිතා කරන්නෙ, මොන කාරණාවක් සඳහාද කියලා, රක්ෂණ සමාගමට හෙළිදරව් කරන්න ඕනෙ. උදාහරණයක් විදියට පුද්ගලික, මගී හෝ භාණ්ඩ ප්‍රවාහනය (හයරින් හෝ රෙන්ටින්), රියදුරු පුහුණුව වගේ භාවිතාවන් ගැන රක්ෂණ යෝජනා පත්‍රය මඟින් අදාළ රක්ෂණ සමාගම වෙත හෙළිදරව් කරන්න ඕනෙ. ගෙවන්න ඕනෙ වාරිකය සහ අදාළ කොන්දේසි තීරණය වෙන්නෙ, වාහනයේ අපේක්ෂිත භාවිතය මත නිසා, ඔබ එහෙම නොකළොත් රක්ෂණ වන්දි නොලැබෙන්න පුළුවන්.

වාරික ගෙවීමේ බැඳුම්කරය

රක්ෂණාවරණය ආරම්භ වෙන දවසෙ ඉඳලා දවස් 60 ක කාල සීමාව expire වෙන්න කළිං සම්පූර්ණ රක්ෂණ වාරිකය ගෙවා නිම කරන්න ඕනෙ බවට රක්ෂණ සමාගම එකඟ වෙලා තියෙනවා නම්, ඒ විදියට අදාළ මුදල ගෙවා නිම කරන්න වග බල ගන්න ඕනෙ. නැත්නම් දැනුම් දීමකින් තොරව රක්ෂණ ඔප්පුව අවලංගු වන අතර ඒ යටතේ කිසිම හිමිකම්පෑමක් කිරීමෙන් වන්දි ලබා ගන්න ඔබට නොහැකි වෙනවා.

අනතුරක් වූ වහාම දැනුම් දෙන්න

වාහනය අනතුරට ලක් වූ වහාම, ඒ පිළිබඳව අදාළ රක්ෂණ සමාගමට දැනුම් දීලා හිමිකම් ලබා ගැනීම සඳහා අනුගමනය කරන්න ඕනෙ පියවර පිළිබඳව උපදෙස් ලබා ගන්න. Driver විසින් අනතුර ගැන ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දීම රථ වාහන ආඥා පනත යටතේ අනිවාර්යය කරලා තිබෙනවා.

Insurance වර්ග මොනවද?

ලංකාවෙ රක්ෂණ වර්ග තුනක් තිබෙනවා:

  1. Full Insurance / Comprehensive insurance
  2. 3rd Party Insurance
  3. 3rd Party Fire & Theft

1. Full Insurance

මේක සම්පූර්ණ වගකීම් සහිත රක්ෂණයක්. ඔබ කරලා තියෙන රක්ෂණ වර්ගය අනුව වන්දි ගෙවනවා. හැබැයි ඔබට වන්දිය ලැබෙන්නෙ, ආවරණය කරලා තියෙන අනතුරු වර්ගයට විතරයි. වාහනයකට අවශ්‍ය වැදගත් ආවරණ රැසක් තිබෙනවා. ඒ නිසා ඔබ ඒ ආවරණ ටික රක්ෂණය කරගන්න ඕනෙ. මොකද හදිසියේ හරි ඔබ රක්ෂණය කරලා නැති අනතුරක් වාහනයට වුණොත් වන්දි හම්බෙන්නෑ.

අදාළ වාහනයට සිදු වන හානි, driver ට, වාහනයේ යන මගීන්ට හා භාණ්ඩ වලට, බාහිර පුද්ගලයන්ට හා දේපළ වලට සිදු වන හානි ආවරණය කරන රක්ෂණයක් තමයි, full option කියන්නෙ. මේ යටතේ ගංවතුර වගේ තවත් අතිරේක ආපදවන්ද ආවරණය කරගන්න පුළුවන්.

බොහෝ දෙනා ස්වභාවික ආපදා රක්ෂණය කරන්නෑ. එතකොට ගංවතුර වගේ ආපදාවකදි ඒ වන්දිය ලැබෙන්නෑ. ඒ නිසා ස්වභාවික ආපදා අනිවාර්යයෙන් ආවරණය කරන්න. අනිත් එක තමයි වාහනයක් lease කරනවා නම්, අනිවාර්යයෙන්ම full insurance කරන්න වෙනවා. ඒක තමයි finance කරනවා නම් රටේ නීතිය. මේ full option වල වර්ග තුනක් තිබෙනවා. ඒ තමයි,

Private Use

එදිනෙදා භාවිතයට ගන්නා වාහනයට වෙනම insurance කරන්න ඕනෙ.

හයරින් (Hiring)

ඔබ යටතේ වැටුප් ලබන driver කෙනෙක් විසින් මුදල් අය කරමින්, භාණ්ඩ හා මිනිසුන් ප්‍රවාහනය කරනවා නම්, ඒක වෙනම insurance කරන්න ඕනෙ.

Renter Vehicle

Car rent service එකක් තියෙනවා නම්, ඒකට වෙනම insurance එකක් දාන්න.

මේ හැම අවස්ථාවකදිම insurance කරන්න හේතුව, නැත්නම් අනතුරක් වුණොත් ඔබට වන්දියක් හම්බ වෙන්නෑ.

ඔබ ළඟ තියෙන්නෙ මිල අධික වාහනයක් නම්, නැත්නම් දවසකට 200 km ක් 300 km ක් වගේ දුරක් වාහනේ යනවා නම්, එහෙමත් නැත්නම් සෑහෙන කාර්යබහුල පාරක නම් ඔබේ වාහනේ යන්නෙ, අනිවාර්යයෙන්ම full option එකකට යන එක තමයි හොඳ.

2. 3rd Party Insurance

බොහෝ දෙනා මේ insurance එක දාගන්න හේතුව තමයි, අනිත් insurance වලට වඩා ගණං අඩු වීම. මේකෙදි අපෙන් හානි වෙන තුන්වෙනි පාර්ශවයට තමයි ගෙවීම් කරන්නෙ. අපිට ගෙවීම් කරන්නෑ. ඒ කියන්නෙ, බාහිර පුද්ගලයන්ට හා දේපළ වලට සිදු වන හානි පමණක් මේ මඟින් ආවරණය කෙරෙනවා. ලංකාවෙ පවතින නීතිය තමයි, full insurance එකකට ගියෙ නැතත්, 3rd party insurance එකක් අනිවාර්යයෙන් දාගන්න ඕනෙ. ඉතින් ඔබට ඕනෙම වාහනයක් මාර්ගයේ ධාවනය කරන්න නම් අඩුම තරමින් 3rd party insurance එකක්වත් ලබාගෙන තියෙන්නම ඕනෙ.
අනිත් එක තමයි ඔබේ වාහනය වැඩි දුරක් ධාවනය කරන් නැත්නම්, 3rd party insurance එකකට යන එක හොඳයි.

3. 3rd Party Fire & Theft

මේ insurance එකෙන් ලබා ගන්න පුළුවන්, සීමිත ආවරණ කිහිපයක් විතරයි. ගින්නෙන් හා සොරකම් කිරීම් වලින් වාහනයට සිදු වන හානි වලට අමතරව බාහිර පුද්ගලයන්ට (තුන්වන පාර්ශවය) හා දේපළ වලට සිදු වන හානි මේ insurance එකෙන් ආවරණය කෙරෙනවා.

දැන් ඔබට හරි අවබෝධයක් ඇති, වාහනයක් හරියටම insurance කරන්නෙ කොහොමද කියන දේ ගැන. ඉතින් ඔබේ වාහනයක් හරි, දන්න කියන කෙනෙක්ගෙ වාහනයක් හරි insurance කරනකොට, අද කියපු විදියට කරන්න අමතක කරන්න එපා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Suzuki Alto VXI - AIRBAG CAK- 2015 for Sale

Suzuki Alto VXI - AIRBAG CAK- 2015

127,000 km, Colombo
verified MEMBER
Rs 3,875,000
1 month ago
Honda Fit 2012 for Sale

Honda Fit 2012

186,000 km, Colombo
MEMBER
Rs 8,500,000
43 seconds ago
Land Rover Range Autobiography Vogue 2018 for Sale

Land Rover Range Autobiography Vogue 2018

78,000 km, Colombo
verified MEMBER
Rs 56,500,000
4 days ago
Kia Stonic GT Turbo 2020 for Sale

Kia Stonic GT Turbo 2020

134,000 km, Gampaha
MEMBER
Rs 10,650,000
1 week ago
Perodua Viva Elite 2013 for Sale

Perodua Viva Elite 2013

120,000 km, Gampaha
MEMBER
Rs 4,675,000
2 minutes ago
Auto Parts for saleikman logo
GPS unit for Sale

GPS unit

verified MEMBER
verified
Rs 7,500
2 weeks ago
GP5 DRL Fog covers for Sale

GP5 DRL Fog covers

verified MEMBER
Rs 12,500
4 minutes ago
GP5 Light cover for Sale

GP5 Light cover

verified MEMBER
Rs 4,800
6 minutes ago
Gp5 mugen Door Visor (Injection mold) for Sale

Gp5 mugen Door Visor (Injection mold)

verified MEMBER
Rs 7,500
8 minutes ago
GP5 Scuff Plate welcom light for Sale

GP5 Scuff Plate welcom light

verified MEMBER
Rs 8,500
9 minutes ago
+ Post an ad on ikman