සෙකන්ඩ් හෑන්ඩ් ඩීසල් එන්ජින් එකක් check කර ගන්න tips

02 Jan, 2024   
සෙකන්ඩ් හෑන්ඩ් ඩීසල් එන්ජින් එකක් check කර ගන්න tips

ඔබ Second Hand වාහනයක් ගන්න ඉන්නවා නම්, එතනදි ගොඩක් වැදගත් වෙන දෙයක් තමයි ඒක පෙට්‍රල් engine වාහනයක්ද නැත්නම් ඩීසල් engine වාහනයක්ද කියන එක. Second Hand වාහනයක් තියෙන ඔබටත් මේ දේ ගොඩක් වැදගත් වෙනවා. මොකද Second hand වාහනයක පෙට්‍රල් engine එකට සාපේක්ෂව, ඩීසල් engine එක check කරන්න ඕනේ. ඒ නිසා තමයි CarsGuide අපි හිතුවේ Second Hand diesel engine එකක් check කර ගන්න tips ගැන අද ඔබට කියන්න.

Engine oil check කරන්න

වාහනයක engine එකේ වැදගත්ම දෙයක් තමයි, engine oil කියන්නේ. මුලින්ම dipstick එක ඉවතට අරගෙන engine oil level එක check කරන්න. Oil level එකේ අඩුවක් තියෙනවා නම්, එතන යම් ගැටළුවක් තියෙනවා. ඒ වගේම engine oil එකේ color එක බලන්න. සුදු පාටට, කිරි පාටට යම් දෙයක් බැඳිලා තියෙනවා නම්, එහෙමත් නැත්නම් dipstick එකේ මලකඩ බැඳිලා තියෙනවා නම්, cooling system එකේ ජලය නැත්නම් coolant එක ඇතුළට leak වෙනවා. ඒ කියන්නේ, වාහනයේ engine එක අනිවාර්යයෙන් repair කරන්න ඕනේ.

Engine oil leak එකක් තියෙනවද?

Engine oil leak එකක් තියෙනවද නැද්ද කියලා බලන්න, වාහනය තියෙන තැන යට බලන්න පුළුවන්. විශේෂයෙන් gas cut එක අසල engine oil සළකුණු තියෙනවා නම්, engine oil leak එකක් තියෙනවා.

Engine එක start කරලා බලන්න

වාහනය start කරලා බලන්න. Engine එක cool නම්, ඒ කියන්නේ එදා දවසෙම engine එක start කරලා නැත්නම්, ඒක check කරන එක ගොඩක් සුදුසුයි. මෙතනදි engine එක start වෙන්න කොච්චර time එකක් යනවද කියලා බලන්න පුළුවන්. හදිස්සියේ හරි engine එක start වෙන්න ලොකු time එකක් යනවා නම්, එතන ගැටළුවක් තියෙන්න පුළුවන්.

සමහර විට, heater plug වල තියෙන ගැටළුවක් නිසාත් මේ දේ සිද්ධ වෙන්න පුළුවන්. අන්න එතනදිත් යම් risk එකක් තියෙන නිසා, ඒ වගේ වාහනයක් මිලදී ගන්න යනකොට ආයේ දෙතුන් පාරක්ම හිතන්න වෙනවා.

Engine sound එක අහන්න

වාහනය start කළාට පස්සේ, වාහනයේ engine එකේ sound එක හොඳට අහන්න. අනවශ්‍ය collision sound එකක් එනවා නම්, engine එකේ යම්කිසි දෝෂයක් වෙන්න පුළුවන්. Engine වලට ආවේණික වුණු එක එක sound තියෙනවා. හැබැයි මේ කියන්නේ, ඒ sound එකක් ගැන නෙවෙයි. Engine එකට ආවේණික වුණු sound එක හැර වෙනත් collision sound එකක් එනවා නම්, engine එක ගෙවිලාද කියලා බලන්න ඕනේ. එතනදි smooth engine එකක් තියෙනවා නම්, කිසිම ප්‍රශ්නයක් නැහැ.

Radiator එක check කරන්න

Radiator එකේ cap එක ඇරලා ඒකේ ජලය නැත්නම් coolant දිහා බලන්න. ඒකට engine oil වගේ දෙයක් mix වෙලා තියෙනවා නම්, ඒ වගේ වාහන නොගෙන ඉන්න එක තමයි නුවණට හුරු. මොකද අනිවාර්යයෙන්ම ඔබට engine එක repair කරන්න වෙනවා. පිරිසිදු ජලය එහෙමත් නැත්නම් පිරිසිදු coolant විතරයි radiator එකේ තියෙන්න ඕනේ.

Exhaust එක check කරන්න

පෙට්‍රල් වලට වඩා ඩීසල් ඝනකමින් වැඩි නිසා, ඩීසල් දහනය වෙනකොට යම්කිසි දැලි ප්‍රමාණයක් exhaust එකෙන් පිට වෙනවා. ඊට අමතරව තද කළු පාට දුමක් පිට වෙනවා නම්, සමහර විට fuel air mixture එකේ ගැටළුවක් තියෙන්න පුළුවන්. නැත්නම් air filter එක block වෙලා, engine එක ගෙවිලා තියෙන නිසාත් එහෙම වෙන්න ඉඩ තියෙනවා. ඒක air filter එක දිහා බලලා check කර ගන්න පුළුවන්. ඊට අමතරව සුදු පාට, නිල් පාට වගේ දුමක් පිට වෙනවා නම්, එක්කෝ fuel, coolant නැත්නම් engine oil exhaust system එක ඇතුළට leak වෙනවා. මේ හේතූන් නිසා ලොකු වියදමක් කරලා engine එක repair කරන්න ඕනේ.

Fuel tank එකෙන් දුමක් එනවද?

Engine එක start එකේ තියෙනකොට, fuel cap එක ඇරියාම එතනින් සුදු දුමක් එන්න පුළුවන්. නැත්නම් engine oil උඩට එන්න පුළුවන්. එහෙම වෙනවා නම්, engine එක ගෙවිලා. මතක ඇතුව engine එක start එකේ තියෙනකොටම, මේක check කරන්න.

Second Hand diesel engine එකක් check කර ගන්න හරිම tips තමයි අද අපි ඔබට කිව්වේ. ඒ හැම tip එකක්ම ඔබට තනිවම කර ගන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් උවමනාවෙන් check කරලා, engine එක repair කරන්න ඕනෙද, replace කරන්න ඕනෙද කියලා බලන්න. ඊට පස්සේ අවශ්‍ය දේ කරන්න. එතකොට ඔබට කිසිම ලෙඩක් නැතුව ඔබේ Second Hand වාහනය බලා ගන්න පුළුවන්. හැබැයි මේ තියෙන risk එක නිසා, Second Hand වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, ඒ ගැන තව පාරක් හිතුවට නම් කමක් නැහැ.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Daihatsu Mira 2017 for Sale

Daihatsu Mira 2017

81,750 km, Matara
verified MEMBER
verified
Rs 5,650,000
3 minutes ago
Toyota Vitz SAFETY EDITION 1 2017 for Sale

Toyota Vitz SAFETY EDITION 1 2017

85,000 km, Colombo
verified MEMBER
verified
Rs 8,090,000
3 minutes ago
Toyota Belta 2007 for Sale

Toyota Belta 2007

157,000 km, Matara
verified MEMBER
verified
Rs 6,050,000
6 minutes ago
Suzuki Baleno LOW MILEAGE 35000KM 2019 for Sale

Suzuki Baleno LOW MILEAGE 35000KM 2019

35,000 km, Colombo
verified MEMBER
verified
Rs 9,290,000
7 minutes ago
Toyota Premio G Superior 2015 for Sale

Toyota Premio G Superior 2015

82,000 km, Matale
MEMBER
Rs 10,700,000
8 minutes ago
Auto Parts for saleikman logo
+ Post an ad on ikman