ෆිනෑන්ස් කරලා වාහනයක් ගන්න කලින් මේ ගැනත් හිතන්න

02 Jan, 2024   
ෆිනෑන්ස් කරලා වාහනයක් ගන්න කලින් මේ ගැනත් හිතන්න

පාරේ යන එන අතර අපිට ඕන තරම් නානාප්‍රකාර වාහන දකින්න ලැබෙනවා. අපිට පිටින් බැලුවම වාහනයක් විතරක්ම වගේ පෙනුණට ඇත්තටම ඊට වඩා දෙයක් තියෙනවා. මොකද ඔය පාරේ යන එන වාහන අතරින් ගොඩක් වාහන finance කරලා ගත්තු වාහන. තියෙන හදිස්සියට finance කරලා වාහන අරගෙන, හදිස්සියේ හරි finance එක ගෙවා ගන්න බැරි වුණොත්, ප්‍රශ්න ගොඩයි. ඒ නිසා, ඔබ finance කරලා වාහනයක් ගන්න හිතන් ඉන්නවා නම්, ඔබට ඒ ගැන ආයේ හිතන්න ගොඩක් දේවල් තියෙනවා. අන්න ඒ නිසා, CarsGuide අපි හිතුවා finance කරලා වාහනයක් ගන්න කලින් හිතන්න ඕන දේවල් ගැන අද ඔබට කියන්න.

වාහනයක් මිලදී ගන්න පුළුවන් ක්‍රම

ඔබට අලුතෙන් වාහනයක් මිලදී ගන්න පුළුවන්, option දෙකක් තියෙනවා. එකක් තමයි, අතේ තියෙන සම්පූර්ණ මුදලම වියදම් කරලා, වාහනයක් ගන්න එක. අනිත් එක තමයි, finance කරලා වාහනයක් ගන්න එක. හිතේ තියෙන වාහනය ගන්න සම්පූර්ණ මුදලම අතේ තියෙනවා නම්, කිසිම ප්‍රශ්නයක් නැතුව කැමති වාහනයක් මිලදී ගන්න පුළුවන්. හැබැයි හිතේ වාහනයක් තිබුණට ඒක ගන්න අතේ සල්ලි නැති වුණොත්, ඔබ කරන්නේ finance කරලා වාහනය ගන්න එක.

Finance කරලා වාහනයක් ගන්නේ කොහොමද?

ඔබ ළඟ තියෙන මුදල, වාහනය ගන්න ප්‍රමාණවත් නැත්නම්, finance කරලා තමයි වාහනය ගන්න වෙන්නේ. මෙතනදි වෙන්නේ, ඔබේ අතේ තියෙන මුදලයි, finance company එකෙන් ලැබෙන මුදලයි එකතු කරලා වාහනය ගන්න එක.

Finance කරලා වාහනයක් ගන්න කලින් හිතන්න ඕන දේවල්

Finance company එකෙන් ලැබෙන මුදල ප්‍රමාණවත්ද?

Finance කරලා ගන්න ඉන්න වාහනයේ මිල ගැන ඔබට idea එකක් තියෙනවා. එතකොට මුලින්ම කරන්න ඕනේ, ඔබ ළඟ තියෙන මුදලයි, finance company එකෙන් ලැබෙන මුදලයි, වාහනය ගන්න ප්‍රමාණවත් වෙනවද කියලා බලන එක. එහෙම නැතුව එක පාරම finance කරලා හදිස්සියේ හරි වාහනය ගන්න ඒ මුදල මදි වුණොත් ඒක ඔබට ලොකු ප්‍රශ්නයක්.

Unregistered වාහනයක් මිලදී ගන්නකොට, වාහනයේ වටිනාකමින් 50% ක් වගේ ප්‍රමාණයක් තමයි finance එකෙන් ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම registered වාහනයක් ඒ කියන්නේ, used vehicle එකක් ගන්නවා නම්, සාමාන්‍යයෙන් 70% ක ප්‍රමාණයක් වගේ දක්වා finance එක ලබා ගන්න පුළුවන්. ඉතින් ඔබ තීරණය කරන්න, අදාළ finance company එකෙන් ලබා දෙන finance එක ප්‍රමාණවත් වෙනවද කියලා. Finance කරලා වාහනය ගන්න කලින් මේ දේවල් ගැන හොඳට හිතුවොත් කිසිම ප්‍රශ්නයක් නැතුව වාහනය මිලදී ගන්න පුළුවන්.

ලබා ගන්න finance එක ගෙවන්න පුළුවන්ද?

ගන්න පුළුවන් කියලා අනවශ්‍ය විදියට ලොකු මූල්‍ය වාරික වලට යන්න එපා. මොකද ලොකු කාලයක් ඔබට ඒ මුදල ගෙවන්න වෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු දෙකක්, තුනක් වගේ කාලයක් මේ finance එක ගෙවන්න වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔබට ගෙවන්න පුළුවන් වාරිකයකට finance එක ලබා ගන්න.

හරිම finance company එක තෝරා ගන්න

දැන් ඔබ finance එක ගත්තට, ඒ මුදල අදාළ company එකට ගෙවනවනේ. ඒ නිසා හරිම finance company එක තෝරාගන්න ඕනේ. ඒකට ඔබට අයිතිය තියෙනවා. මෙතනදි හොඳ finance company එකක් තෝරාගන්න එක ගොඩාක් වැදගත්. අදාළ finance company එකේ පොලී අනුපාතය, ලබා දෙන service එක සහ අවශ්‍ය කරන අවම ලියකියවිලි ප්‍රමාණය කියන දේවල් finance company එක තෝරගන්නකොට වැදගත් වෙනවා. ඒ නිසා මේ දේවල් ගැන සැළකිලිමත් වෙලා ඔබට ගැළපෙන finance company එක තෝරාගන්න.

Finance company එක සමඟ කතා කරන්න

සාමාන්‍යයෙන් finance company එකක් තෝරගත්තට පස්සේ, ඒ company එක සමඟ, ලබා ගන්න finance එක ගැන කතා කරන්න ඕනේ. ඔබට අවශ්‍ය කරන මුදල ලබා ගන්න තියෙන හැකියාව ගැන, අවශ්‍ය කරන ලියකියවිලි මොනවද යන්න පිළිබඳව සහ ඔබ ලබා ගන්න මුදලට අදාළව මාසික වාරිකය, ගෙවීමට ඇති සේවා ගාස්තුව පිළිබඳව තමයි ඔබ finance company එකෙන් දැන ගන්න ඕනේ. එතනදි බලාපොරොත්තු වුණු විදිහට ඔබ සෑහීමකට පත් වෙනවා නම්, ඒ finance company එක තෝරාගන්න පුළුවන්.

වාහනයක් finance කරන්න අවශ්‍ය දේවල්

වාහනය විකුණන තැනින්, ඔබ තෝරාගත් වාහනය විකිණීම සම්බන්ධයෙන් invoice එකක් ලබා දෙනවා. ඒ නිසා මතක ඇතුව අදාළ invoice එක ලබා ගන්න.

හැබැයි ඔබ ගන්නේ second hand වාහනයක් ඒ කියන්නේ, registered වාහනයක් නම්, වාහනයේ අයිතිකරුගෙන් ලියුමක් ලබා ගන්න. වාහනය කොච්චර මිලකට විකුණනවද කියන දේ, ඒකෙ සඳහන් කරලා තියෙන්න ඕනේ. එතනදි ඔබට වගේම finance company එකටත් අදාළ මිල ගණන් ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම registered වාහනයක් ගන්නකොට, අයිතිකරුගෙන් වාහනයේ ලියාපදිංචි සහතිකයේ copy එකක් ලබා ගන්න ඕනේ. මොකද ඒක, finance එක ආරම්භ කරන්න, අනිවාර්යයෙන් finance company එකට අවශ්‍ය කරන නිසා. මේ ලියකියවිලි දෙක ලෑස්ති කරගෙන finance company එකට දීලා, finance එක ලබා ගන්න පුළුවන්.

අනිත් දේ තමයි, ඔබ ගන්නේ registered වාහනයක් නම් තක්සේරු වාර්තාවක් සිදු කරන්න ඕනේ. Finance company එකට අදාළව තක්සේරුකරුවන් ඉන්නවා. මතක ඇතුව ලියාපදිංචි තක්සේරුකරුවෙක්ගෙන් මේ වාර්තාව ලබා ගන්න. එතකොට වැඩේ තවත් ලේසි කර ගන්න පුළුවන්.

මේ දේවල් ගැන තමයි, finance කරලා වාහනයක් ගන්න කලින් හිතන්න ඕනේ. මොන දේ අමතක කළත්, finance කරලා වාහනයක් ගන්න කලින් අපි අද කියපු දේවල් හිතන්න නම් අමතක කරන්න එපා. මොකද එහෙම කළොත් අමාරුවේ වැටෙන්න වෙන්නෙත් ඔබටමයි. ඒ නිසා, finance කරලා වාහනයක් ගන්න කලින් තව පාරක් හිතන්න. ගන්න ඕනෙම නම්, අපි කියපු දේවල් follow කරන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Nissan Almera VL Turbo 2025 for Sale

Nissan Almera VL Turbo 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 13,950,000
2 weeks ago
Suzuki Wagon R Stingray 2018 for Sale

Suzuki Wagon R Stingray 2018

108,690 km, Gampaha
MEMBER
Rs 7,600,000
1 week ago
Audi A6 2017 FULL OPTION for Sale

Audi A6 2017 FULL OPTION

65,000 km, Colombo
MEMBER
Rs 24,500,000
4 days ago
Toyota Axio X Grade 2008 for Sale

Toyota Axio X Grade 2008

147,924 km, Colombo
MEMBER
Rs 8,100,000
3 minutes ago
Mercedes Benz E350 E350e 2017 for Sale

Mercedes Benz E350 E350e 2017

67,000 km, Colombo
MEMBER
Rs 31,000,000
1 week ago
Auto Parts for saleikman logo
Shock Absorbers for Sale

Shock Absorbers

verified MEMBER
Rs 9,499
5 days ago
Honda Insight Gas Shock Absorber (Rear) for Sale

Honda Insight Gas Shock Absorber (Rear)

verified MEMBER
Rs 8,985
10 minutes ago
Honda Insight Gas Shock Absorber (Front) for Sale

Honda Insight Gas Shock Absorber (Front)

verified MEMBER
Rs 9,985
10 minutes ago
Suzuki A-Star Gas Shock Absorber ( Front ) for Sale

Suzuki A-Star Gas Shock Absorber ( Front )

verified MEMBER
Rs 8,985
10 minutes ago
Perodua Kelisa Gas Shock Absorber ( Front ) for Sale

Perodua Kelisa Gas Shock Absorber ( Front )

verified MEMBER
Rs 8,985
10 minutes ago
+ Post an ad on ikman