වාහනයක් රක්ෂණය කිරීමේදී ඔබට මඟ හැරෙන දේවල්

12 Mar, 2024   
වාහනයක් රක්ෂණය කිරීමේදී ඔබට මඟ හැරෙන දේවල්

අපි වාහනයක් ගත්ත ගමන් කරන්නේ වාහනය රක්ෂණය කරන එක. මේ විදිහට වාහනය රක්ෂණය කරනකොට ඔයා සළකා බැලිය යුතු කාරණා කිහිපයක්ම තියෙනවා. ඒ වගේම ඔයා වාහනයක් රක්ෂණය කරනකොට මඟ හැරෙන දේවල් කිහිපයකුත් තියෙනවා. අන්න ඒ නිසා CarsGuide අපි කියන්නේ වාහනයක් රක්ෂණය කරනකොට ඔයාට මඟ හැරෙන කරුණු ගැනයි.

වාහන රක්ෂණයක් කියන්නේ

වාහන රක්ෂණයක් කියන්නේ රිය අනතුරකින් හෝ වාහනයට සිදුවන වෙනත් හානියකින් ඇතිවන මූල්‍ය අලාභ වලින් ඔයාව ආරක්ෂා කිරීම සඳහා ඔයා සහ රක්ෂණ සමාගමක් අතර තියෙන ගිවිසුමක්. ඒ වගේම තුන්වන පාර්ශවයකට සිදු වන තුවාල හෝ හානි සඳහා ඔයා වගකිව යුතු නම් මූල්‍යමය වශයෙන් ඔයාව වාහන රක්ෂණය මඟින් ආරක්ෂා කරනවා. එමෙන්ම රිය අනතුරකදී ඔයාට හානි වුණොත් වාහන රක්ෂණය මඟින් වෛද්‍ය බිල්පත් සඳහා ගෙවීම සිදු කරනවා.

වාහන රක්ෂණයක් තෝරා ගැනීමේදී සැළකිය යුතු කරුණු

රක්ෂණ සමාගමක් තෝරා ගන්නකොට ඔයාල මඟ හැර ගන්න දේවල් කිහිපයක් තියෙනවා. ඒ අනුව අපි රක්ෂණ සමාගමක් තෝරා ගැනීමේදී කරුණු කිහිපයක් ගැන සළකා බලන්න ඕනේ.

– හොඳ රක්ෂණ සමාගමක් තෝරා ගැනීම

අපි රක්ෂණ සමාගමක් තෝර ගන්නකොට මේ රක්ෂණ සමාගම ගැන හොයලා බලන්න ඕනේ. ඒ අනුව අපි මුලින්ම රක්ෂණ සමාගයේ කීර්තිය, මූල්‍ය ස්ථායිතාවය, ශාඛා ජාලය, ගෙවීම් සිදු වන ආකාරය වගේ කාරණා පිළිබඳව සැළකිලිමත් වෙන්න ඕනේ.

– තමන්ට ගැළපෙන රක්ෂණ ඔප්පුවක් මිල දී ගැනීම

ඔයා ලබා ගන්නා රක්ෂණ ඔප්පුව ඔයාට ගැළපෙනවද කියලා බලන්න ඕනේ. ඒ අනුව ඔයා ගන්න රක්ෂණ ඔප්පුවෙන් අවාරණය කරන අනතුරු , රක්ෂණ ඔප්පුවේ ලක්ෂණ, කොන්දේසි, ප්‍රතිලාභ, වගේ කරුණු ගැන සළකා බලන්න ඕනේ.

– තමන්ට දැරිය හැකි වාරිකයක් වීම

ඔයා රක්ෂණයක් ලබා ගන්නකොට සැළකිය යුතු තවත් කාරණාවක් තමයි වාරිකය කියන්නේ. ඔයා ලබා ගන්නා රක්ෂණය සඳහා වාරිකය ඔයාට දැරිය හැකිද කියලා බලන්න ඕනේ. ඒ වගේම ඔයා රක්ෂණයට ගෙවන මුදල් ප්‍රමාණය ඔයාගේ අවශ්‍යතාවන්ට ගැළපෙනවාද කියලා බලන්නත් ඕනේ. තුන්වන පාර්ශව රක්ෂණ ඔප්පු, හදිසි අනතුරකදී, ඔයා විසින් අනෙක් පාර්ශවයට සිදු කරන ලද හානිවල පිරිවැය ආවරණය කරනවා.

– රක්ෂණ සමාගමෙන් ලැබෙන සේවාව

අපිට අනතුරක් සිදු වූ වහාම රක්ෂණ සමාගම දැනුවත් කිරීම කළ යුතුයි. ඒ නිසා ඔබ තෝරාගන්නා රක්ෂණ සමාගම සෑම වෙලාවකම විවෘතව තියෙනවාද කියලා බලන්න ඕනේ. ඒ වගේම රක්ෂණ සමාගමෙන් ඔයාට ලැබෙන වාසි සහ අමතර ආවරණ පිළිබඳවත් ඔයා දැනුවත් වෙන්න ඕනේ.

රක්ෂණ ඔප්පුව ගත හැකි ස්ථාන

– රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි රක්ෂණ සමාගම වෙතින්
– ලියාපදිංචි රක්ෂණ නියෝජිතයින් හා තැරැව්කරුවන්ගෙන්.
– රක්ෂණ සමාගම සමඟ බැංකු සුරැකුම් ක්‍රම ස්ථාපිත කරගත් බැංකු ආයතන මඟින්

වාහන රක්ෂණයකින් වන්දි ලබා දෙන අනතුරු

– රිය අනතුරු
– ඇතුළතින් ගිනි ගැනීම්
– බාහිර පිපිරීම්
– අකුණු සැර වැදීම්
– සොරකම් කිරීම්
– ජල ගැලීම් සහ ස්භාවික විපත්

වාහන රක්ෂණයකින් වන්දි ලබා නොදෙන අනතුරු

– ඔයා හිතාමතා වාහනයට සිදු කරන හානි

මේ තමයි වාහන රක්ෂණයක් තෝරා ගැනීමේදී සැළකිය යුතු කරුණු. ඉතින් මේ දේවල් හොඳින් අධ්‍යනය කරලා වාහනය රක්ෂණය කරන්න. එහෙම වුණොත් වාහනයට අනතුරක් සිදු වුණොත් කිසිම ප්‍රශ්නයක් නැතුව වන්දි ලබා ගන්න පුළුවන්.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
BMW 318i Shadow Edition 2018 for Sale

BMW 318i Shadow Edition 2018

102,000 km, Colombo
MEMBER
Rs 21,500,000
3 weeks ago
DFSK Glory 2019 for Sale

DFSK Glory 2019

21,000 km, Kalutara
MEMBER
Rs 9,500,000
31 minutes ago
Land Rover Discovery 4 HSE Luxury 2014 for Sale

Land Rover Discovery 4 HSE Luxury 2014

190,000 km, Colombo
verified MEMBER
Rs 24,500,000
1 hour ago
Toyota Corolla 121 2000 for Sale

Toyota Corolla 121 2000

225,000 km, Colombo
MEMBER
Rs 5,875,000
1 hour ago
Toyota Corolla 121 2006 for Sale

Toyota Corolla 121 2006

160,000 km, Colombo
verified MEMBER
verified
Rs 6,750,000
1 hour ago
Auto Parts for saleikman logo
Toyota Hilux Electric Roller Shutters for Sale

Toyota Hilux Electric Roller Shutters

verified MEMBER
Rs 420,000
4 days ago
Hilux Hamer Type Roller Bar for Sale

Hilux Hamer Type Roller Bar

verified MEMBER
Rs 160,000
3 hours ago
Ford Raptor Led Grille for Sale

Ford Raptor Led Grille

verified MEMBER
Rs 85,000
1 day ago
Land Rover Defender Puma and TD5 90 Tubes for Sale

Land Rover Defender Puma and TD5 90 Tubes

verified MEMBER
Rs 495,000
1 month ago
Toyota Hilux Electric Roller Shutters for Sale

Toyota Hilux Electric Roller Shutters

verified MEMBER
Rs 420,000
4 days ago
+ Post an ad on ikman