Full Insurance ගැන නොදන්නා දේවල්

01 Jun, 2023   
Full Insurance ගැන නොදන්නා දේවල්

වාහනයක් මාර්ගයේ ගමන් කරන්න ලේඛන තුනක් තියෙන්නෙම ඕනේ. ඒ තමයි ආදායම් බලපත්‍රය, රියදුරු බලපත්‍රය සහ රථවාහන රක්ෂණයයි. මෝටර් වාහන පනතට අනුව වලංගු රක්ෂණයක් නොමැති වාහනයක් මාර්ගයේ ධාවනය කිරීම දඩුවම් ලැබිය හැකි වරදක්. මේ නීති නිසා වගේම වාහනයේ ආරක්ෂාව ගැන හිතල අපි හැමෝම තමන්ගේ වාහනය insurance කරනවා. ඒ නිසාම අපි CarsGuide තුළින් කතා කරන්නේ දන්න full insurance වල නොදන්නා දේවල් ගැන.

Full Insurance කියන්නේ මොකක්ද?

මෝටර් වාහනයකට අනපේක්ෂිත අනතුරු, ගිනි හෝ සොරකම්, ද්වේශ සහගත හානි (නොසිතු පරිදි) යන මේ සියල්ල full insurance එකකින් ආවරණය වෙනවා. පුර්ණ රක්ෂණයකදී රක්ෂණය කරන වාහනය, වාහනයේ ගමන් ගන්නා මගින්, බාහිර ජීවිත හා දේපල සියල්ලම ආවරණය වේ.

සාක්ෂි ඕනේ

වාහනයක් accident වුණාම ගොඩක් දෙනා කලබලයට පත් වෙනවා. ඇත්තටම එක සාමාන්‍යයි. නමුත් අපි මෙතනදී කලබල වෙන්න හොඳ නැහැ. ඔයා දාලා තියෙන full insurance එකෙන් වාහනයට වුණු හානිය claim කරගන්න නම් මුලින්ම කරන්න ඕනේ damage වුණු ස්ථානයේ photos කීපයක් අරගෙන සාක්ෂි ලෙස රක්ෂණ සමාගමට ඉදිරිපත් කරන එක.
මෙහිදී accident වුණු ආකාරය සහ තෙවන පාර්ශ්වයට සිදු වුණු අලාභානිය ගැනත් රක්ෂණ සමාගම දැනුවත් කරන්නම ඕනේ.

පලා යන්න එපා

ඔබේ අතින් අනතුරක් සිදු වුණාට පස්සේ ඔබ බය වෙලා එනනින් පලා ගියොත් එහෙමත් නැත්නම් ඔබ නිවසට ගොස් අනතුර පිළිබඳව රක්ෂණ ආයතනය දැනුවත් කළොත් සමහර විට ඔබේ insurance එක reject වීමට පවා ඉඩ තිබෙනවා. එහෙමත් නැත්නම් වන්දි හිමිකමට අදාළව පොලිස් වාර්තා පවා අවශ්‍ය වෙන්න පුලුවන්.

Full Insurance cover

Full insurance එකක් දානකොට අනිවාර්යෙන්ම තමන්ගේ වාහනේ cover කරන්න ඕනේ. එතකොට ඔබට basic එක හරහා accident එකකින් වාහනයට වෙන සියලුම damage cover වෙනවා. වාහනය ගිනි ගැනීම, සොරකම් කිරීම, වාහනයේ parts සොරකම් කිරීම, තෙවන පාර්ශ්වයට සිදු වෙන අලාභානි full insurance එකකට ඇතුළත් වෙනවා. නමුත් මෙය insurance company එක අනුව වෙනස් වෙන්නත් පුලුවන්.

Added Options

මෙතනදී ඔබට පුලුවන් full insurance එකට අමතර දේවල් එකතු කරගන්න. ගංවතුර අනතුරු, කැරලි කෝලහාල නිසා ඇතිවෙන අනතුරු වගේ දේවල් අපිට අමතරව එකතු කරගන්න පුලුවන්. මේ දේවල් නොමැතිව full insurance එකක් දැම්මොත් වෙන්නේ අදාළ අලාභානිය ලබා ගන්න නොහැකි වෙනවා.

Full insurance හුවමාරුව

තමන්ට full insurance එකක් තියෙන විට වාහනය විකුණන්න වුනොත් full insurance එකට මොකද වෙන්නේ? සමහර විට වාහනය අලුතෙන් මිල දී ගන්නා පුද්ගලයාට දෙන අවස්ථා තියෙනවා. නමුත් full insurance එක ක්‍රම දෙකකින් තමන්ට ලබා ගැනීමේ හැකියාවත් තියෙනවා. ඒ මුදල් වශයෙන් සහ අලුතෙන් ගන්නා වාහනයට එය යෙදවීම මඟින්. නමුත් මෙය සිදු වන්නේ රක්ෂණය මාස 8කට වඩා අඩු කාලයක් භාවිතා කර තිබෙනවා නම් පමණයි.

රක්ෂණ වන්දි නොගෙවන අවස්ථා

ඔබ බිමවත්ව නම් ඉන්නේ සිදුවන අනතුරු වලට කිසිම දවසක claim එක නම් හම්බවෙන්නේ නැහැ. මොකද බීමත්ව රිය පැදවීම කියන්නේ දඩුවම් ලැබිය හැකි වරදක්. ඒ වගේම වාහනය වලංගු රියදුරු බලපත්‍රයක් නැති පුද්ගලයෙක් අතින් අනතුරට ලක් වුණොත් claim එක ගන්න පුලුවන් learner driver කෙනෙක්ට විතරයි.

ඉතින් මේ දේවල් තමයි දන්න full insurance වල නොදන්නා දේවල්. ඔබත් full insurance එකක් දාන්න ඉන්නවා නම් මේ දේවල් ගැන හිතන්න මතක කරන්න එපා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
BMW 318i M Sport 2018 for Sale

BMW 318i M Sport 2018

36,000 km, Colombo
MEMBER
Rs 25,900,000
1 day ago
Audi A3 1800cc RS3 S-Line 2016 for Sale

Audi A3 1800cc RS3 S-Line 2016

36,000 km, Colombo
verified MEMBER
verified
Rs 21,780,000
1 week ago
Kia SONET GTX+ DUAL TONE 2025 for Sale

Kia SONET GTX+ DUAL TONE 2025

50 km, Colombo
verified MEMBER
verified
Rs 13,390,000
1 day ago
Mercedes Benz C200 Premium Plus Package 2023 for Sale

Mercedes Benz C200 Premium Plus Package 2023

10,000 km, Colombo
verified MEMBER
Rs 44,500,000
30 minutes ago
Mitsubishi Lancer Box 1983 for Sale

Mitsubishi Lancer Box 1983

100,000 km, Kandy
MEMBER
Rs 775,000
42 minutes ago
Auto Parts for saleikman logo
Mobil Super 0W-20 | Full Synthetic 1L for Sale

Mobil Super 0W-20 | Full Synthetic 1L

MEMBER
Rs 4,300
14 seconds ago
Toyota Axio Dashboard for Sale

Toyota Axio Dashboard

MEMBER
Rs 26,000
12 minutes ago
Toyota Voxy/ Noah Number Plate Garnish for Sale

Toyota Voxy/ Noah Number Plate Garnish

verified MEMBER
verified
Rs 45,000
33 minutes ago
Hero Passion Plus Oil Tank for Sale

Hero Passion Plus Oil Tank

MEMBER
Rs 9,000
1 hour ago
+ Post an ad on ikman