අවපැහැ වුණු headlights polish කරන හරිම විදිහ

31 Oct, 2023   
අවපැහැ වුණු headlights polish කරන හරිම විදිහ

ඔයාගේ වාහනයේ lights අවපැහැ වුණොත් ඔයා මොකද කරන්නේ? අලුතින් lights මිලදී ගන්නවද? නැත්නම් තියෙන lights polish කරගන්නවද? අද CarsGuide තුළින් අපි කතා කරන්නේ ඔයාගේ වාහනයේ අවපැහැ වුණ headlights තිබ්බා වගේම අලුත් පෙනුමක් එන විදිහට polish කරගන්නේ කොහොමද කියලා.

Lights වල උඩ කොටස ගැන සැළකිලිමත් වෙන්න

සාමාන්‍යයෙන් වාහනයක ඉදිරිපස lights වල උඩ කොටස තමයි වැඩිපුරම දුර්වර්ණ වෙන්න පටන් ගන්නේ. ඉතින් දැන් කියන්න යන්නේ කොහොමද lights වල තියෙන සීරීම්, පලුදුවීම් හදාගෙන වාහනය අලුතෙන්ම ගන්නකොට තිබ්බ විදිහටම lights හදාගන්නේ කියලා.

සීරීම් තියෙන තැන් පිරිසිදු කරගන්න

ඔයා මුලින්ම කරන්න ඕනේ දේ තමයි 400 වගේ වැලිකඩදාසියක් අරන් සිරීම් තියෙන තැන් ටික පිරිසිදු කරගන්න එක. මේ වැලිකඩදාසි ඔයාට ලේසියෙන්ම ඕනෙම හාඩ්වෙයාර් එකකින් ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ වැලිකඩදාසිය මඟින් සිරීම් නැති වෙන්න ඒ ටික කපාගන්න ඕනේ.

වැලිකඩදාසියෙන් එන dust එක ඔයා වතුරින් හෝදලා ආයෙත් 800 වැලිකඩදාසියෙන් කපා ගන්න ඕනේ. එතකොට lights වල පාට නැති වෙලා වගේ තමයි පෙන්නේ. ඒත් ඔයා බය වෙන්න එපා. මොකද 400 කොලෙන් ඇති වෙන සිරීම් ඔයාට නැති කරගන්න පුළුවන් 800 වැලිකඩදාසියෙන්. ඊට පස්සේ ඔයාට පුළුවන් තව ගාන වැඩි 1000න් ඉහළ කොලෙකට යන්න. ඒ විදිහට ඔයාට පුළුවන් වටිනාකමින් වැඩි වැලිකඩදාසි මඟින් සිරීම් ඇති වුණ තැන් කපා ගන්න.

Machine එකෙන් ඔපමට්ටම් කරගැනීම

ඔයාගේ ගෙදර මේ සඳහා භාවිතා කරන්න machine එකක් නැත්නම් machine එකෙන් ඔපමට්ටම් කරන step එක ඔයාට මඟහරින්න පුළුවන්. දැන් වැලිකඩදාසියෙන් කපා ගත්තට පස්සේ machine එකෙන් lights මතුපිට ඔපමට්ටම් කරගන්න එක තමයි කරන්න ඕනේ. මේ මඟින් සමතුලිතව සෑමතැනක්ම පිරිමැදීම වෙනවා. ඊට පස්සේ රෙදි කැබැල්ලකින් පිසදාගන්න ඕනේ.

Wax කිරීම (පියවර 1)

මෙතැනදී wax කිරීම තමයි ඊළඟට කරගන්න ඕනේ. හාඩ්වෙයාර් එකකින් හරි bike shop එකකින් හරි ඔයාට මේ wax ගන්න පුළුවන්. ඔයා කොලයෙන් කපා ගත්ත පස්සේ wax එක ගා ගන්න ඕනේ. ඊට පස්සේ පිරිසිදු රෙදි කැබැල්ලක් අරන් හොඳට පිරිමදින්න.

Wax කිරීම (පියවර 2)

දැන් කියන්න යන්නේ දෙවැනි පියවර. ඔයා පිසදාගත්තට පස්සෙත් නැවත wax එක ගා ගන්න. ඒ දේ ඔයා කිහිපවතාවක් කරගන්න. ඒ විදිහට කිහිපවතාවක් ඔයා wax එක ගාන ගමන් polish කරගන්න ඕනේ.

මේ විදිහට හැම පියවරක්ම කළාට පස්සේ ඔයාට පුළුවන් අලුත්ම lights වල තියෙන shiny ගතිය ලබා ගන්න. ඉතින් දැන් ඔයාටත් පුළුවන් ඔයාගේ වාහනයේ lights දුර්වර්ණ වෙලා නම් මේ විදිහට කරලා බලන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
BMW X5 3.0L Pure Diesel 2016 for Sale

BMW X5 3.0L Pure Diesel 2016

178,000 km, Gampaha
verified MEMBER
verified
Rs 33,700,000
2 weeks ago
Daihatsu Taft G Chrome Venture 2023 for Sale

Daihatsu Taft G Chrome Venture 2023

34,000 km, Colombo
verified MEMBER
verified
Rs 9,400,000
16 seconds ago
Toyota Axio X GRADE 2009 for Sale

Toyota Axio X GRADE 2009

165,000 km, Colombo
MEMBER
Rs 8,250,000
1 week ago
Honda Vezel Rs sensing 2017 for Sale

Honda Vezel Rs sensing 2017

78,000 km, Gampaha
MEMBER
Rs 13,750,000
6 days ago
Mitsubishi Eclipse Cross 2018 for Sale

Mitsubishi Eclipse Cross 2018

60,000 km, Colombo
MEMBER
Rs 17,200,000
1 week ago
Auto Parts for saleikman logo
Toyota Prius 30 Filter Package for Sale

Toyota Prius 30 Filter Package

verified MEMBER
Rs 8,750
1 month ago
Isuzu Cabin for Sale

Isuzu Cabin

MEMBER
Rs 200,000
34 minutes ago
Mitsubishi Lancer Water Pump for Sale

Mitsubishi Lancer Water Pump

verified MEMBER
verified
Rs 10,500
51 minutes ago
+ Post an ad on ikman