වාහනයේ තියෙන ඔබ නොදත් රහස් උපාංග

31 Oct, 2023   
වාහනයේ තියෙන ඔබ නොදත් රහස් උපාංග

තාක්ෂණයත් එක්ක හැමදේම අද වෙනකොට අලුත් වෙලා. ඒ වගේම හැමදේම පහසුයි. අද වෙනකොට manual වාහන වෙනුවට auto, hybrid වාහනත් තියෙනවා. ඉතින් අද CarsGuide තුළින් අපි කියන්නේ වාහනයේ තියෙන ඔයා දන්නැති රහස් ගැන.

Brake පද්ධතිය

කාලයත් එක්ක අලුත් වුණ දෙයක් තමයි වාහනයක brake පද්ධතිය කියන්නේ. Abs කියන්නේ brake වලට ආපු තාක්ෂණයක්. Abs කියන්නේ anti lock braking system. ඉතින් අද වෙනකොට සමහර රටවල් වල abs නැති වාහන drive කරන්නත් දෙන්නේ නැහැ. තිරිංග පද්ධතියකදී වෙන්නේ brake පෑගුවට පස්සේ master පොම්පයෙන් oil pressure කරලා brake line දිගේ caliph වලට යවනවා. ඊට පස්සේ වෙන්නේ caliph pistons මඟින් brake pad තද කරනවා. ඒ කියන්නේ රෝද 4ම තද කරලා තමයි වාහනය නවත්වන්නේ. ඉතින් මෙන්න මේ විදිහය තමයි සාමාන්‍ය තිරිංග පද්ධතියක් වැඩ කරන්නේ. මෙතැනදී වාහනයේ රෝද 4ම එකවර brake වෙනවා. මේ නිසා වාහනය ලිස්සලා යන්න පුළුවන්. Abs වලදී වෙන්නේ brake, අවස්ථාව අනුව කඩින් කඩ ලබා දීම. ඒ වගේම abs active වෙන්නේ පැයට 15km ට වඩා වේගයෙන් යද්දී. ඉතින් මේ නිසා වාහනය ඉක්මනින් නවත්තගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඔයාට මේක dashboard එකේ බලාගන්න පුළුවන්.
Abs එකක කොටස් 4ක් තියෙනවා. ඒ තමයි speed sensors, valves, pumps සහ controller කියන්නේ.

– Speed sensors

වාහනයේ රෝද 4ට මේ speed sensors සවි කරලා තියෙනවා. මේ sensors වලින් වේගයේ ගණනය තිරණය වෙනවා. Speed sensors මඟින් ලබා දෙන envelope දත්ත digital දත්ත බවට හරවලා controller එකට ලබා දෙනවා.

– Valves

සාමාන්‍ය තිරිංග පද්ධතියකද valves දකින්න පුළුවන්. වාහනයේ ඉදිරිපසට හා පසුපස රෝද වලට වෙන වෙනම hydraulic සැපයුම ලබා දීමට master පොම්පය හා සම්බන්ධ වෙනවා. මේ විදිහට abs එකට අනුව එක එක රෝදෙට සැපයෙන hydraulic සැපයුම පාලනයට තමයි valves පිහිටලා තියෙන්නේ.

– Pump

Pump එක හරහා hydraulic පීඩනය මුදාහැරිමට නැවත වෙනත් valves එකක් යොදා ගන්නවා. එහිදී hydraulic පීඩනය ලබා දීමට හා අවශ්‍ය පීඩනය උත්පාදනයට pump abs එකට එකතු කරලා තියෙනවා.

– Controller

Controller එක මඟින් pump එකේ ක්‍රියාව සෑම මොහොතකම සංවේදනය කරනවා.

Traction control

Abs එක්ක එන තව අලුත් දෙයක් තමයි traction control කියන්නේ. ලිස්සන පාරකදී රෝද එක තැන කරකැවීම පාලනය කරන එක තමයි traction control එක. පාර හරියට ග්‍රහණය වුනේ නැතිවුණාම රෝදයක් එක තැන කරකැවෙන්න බලනවා. එතකොට වාහනය පැත්තකට ලිස්සලා යන්න පුළුවන්. ඉතින් traction control එක මඟින් වෙන්නේ ඒ දේ පාලනය කරන එක. ඒ වගේම traction control එකටත් indicator එකක් තියෙනවා.

Cruise control

අලුත් වාහන වලට එන දෙයක් තමයි මේ cruise control කියන්නේ. අපි නම් කරන අගයක වාහනයේ වේගය දිගටම පවත්වා ගෙන යන එක මේකෙන් වෙන්නේ. Accelerator එක පාගන්නේ නැතුව විවේකයෙන් ගමන් කිරීමේ හැකියාව මෙය සතුයි. හැබැයි හදිස්සියේ වාහනයක් හරි පාරට කවුරු හරි ආවම ඔයාට වාහනයේ brake පාගන්න වෙනවා. අන්න එතකොට වාහනයේ cruise control එක නැති වෙනවා. ආපහු ඔයා cruise control එක on කරන්න ඕනේ. ඔයා අධිවේගී මාර්ගයක වගේ යනකොට cruise control ගොඩක් වැදගත් වෙනවා.

Adaptive cruise control

මේකෙන් වෙන්නේ ඉදිරියෙන් යන වාහන සමඟ ආරක්‍ෂිත දුරක් තියා ගැනීම auto සිදු වීම. මේක camera, radar වලින් සමන්විත වෙලා තියෙනවා. ඒ නිසා 200m දුරක් තියෙන වාහනයක් වුණත් අඳුරගන්න පුළුවන්. Traffic සහිත අවස්ථාවලදීත් auto ධාවනය වෙනවා.

Self driving car

අද වෙකොට ගොඩක් වාහන self driving car බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ සඳහා තාක්ෂණ වර්ග කිහිපයක්ම භාවිතා කරනවා. මේ self driving car එකක් මිනිසෙකුටත් වඩා නිවැරදි තීරණ අර ගන්නවා. මිනිසෙකුට පෙනීම සඳහා ආලෝකය ඕනේ වුණත් self driving car එකක camera, sensors වලට මේවා බලපාන්නේ නැහැ. ඉතින් අනාගතයේදී වාහන drive කරන්න කිසිම කෙනෙක් ඕනේ වෙන්නේ නැහැ. මොකද වාහනය විසින්ම ඔයාව ඕනේ තැනට එක්කගෙන යයි.

Air bag

Air bag කියන්නෙත් වාහන වලට අලුතින්ම එකතු වුණ තාක්ෂණයක්. Air bag එකෙන් වෙන්නේ අනතුරක් සිදු වුණාම ඔයාට හා අනික් අයට සිදුවෙන තුවාල අවම කරගැනීම හෝ වළක්වා ගන්න භාවිතා වෙන nylon bag එකක්. මේ air bag එක හදිසි අනතුරකදී ඉතාමත් වේගයෙන් ක්‍රියාත්මක වෙලා නැවත හැකිලීම සිදු වෙනවා.

ඉතින් මේ තමයි තාක්ෂණයක් එක්ක අලුත් වුණ දේවල්. ඉතින් මේ වගේ තව ඉදිරියටත් අලුත් දේවල් එකතු වීම සිද්ධවෙයි තාක්ෂණයත් එක්ක.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Land Rover Defender 2010 for Sale

Land Rover Defender 2010

65,000 km, Matara
MEMBER
Rs 29,500,000
1 month ago
Nissan Sunny FB13 1992 for Sale

Nissan Sunny FB13 1992

170,000 km, Ratnapura
MEMBER
Rs 2,250,000
1 day ago
Honda Vezel Rs Sensing 2018 for Sale

Honda Vezel Rs Sensing 2018

64,000 km, Colombo
MEMBER
Rs 11,600,000
6 minutes ago
Nissan X-Trail 2015 for Sale

Nissan X-Trail 2015

132,000 km, Gampaha
MEMBER
Rs 11,000,000
3 weeks ago
Honda Fit 2014 for Sale

Honda Fit 2014

130,000 km, Gampaha
MEMBER
Rs 7,800,000
22 minutes ago
Auto Parts for saleikman logo
Audi A1 Headlights for Sale

Audi A1 Headlights

verified MEMBER
verified
Rs 12,500
1 week ago
Aqua Alloy Wheels 15 Inch for Sale

Aqua Alloy Wheels 15 Inch

MEMBER
Rs 66,000
1 day ago
Hyundai Tucson Head Lamps for Sale

Hyundai Tucson Head Lamps

verified MEMBER
Rs 70,000
33 minutes ago
Kia Sorento 2012 Window Main Switch for Sale

Kia Sorento 2012 Window Main Switch

verified MEMBER
Rs 22,000
33 minutes ago
Kia Sorento 2012 - 2014 Cv Joints for Sale

Kia Sorento 2012 - 2014 Cv Joints

verified MEMBER
Rs 17,000
34 minutes ago
+ Post an ad on ikman